- තායිවානය චීන නැවක් අල්ලයි
- කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
- ඉදිරියේදී අලුත් මැතිවරණ නීති
- එක් කෝටි විසි ලක්ෂයක කුෂ් සමඟ කාන්තාවක් කොටුවෙයි
- චීන මාර්ගගත සිල්ලර වෙළෙඳපොල තවදුරටත් වර්ධනය වෙයි
- යුරෝපා සංගමයේ සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි
- රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර
- ඩොලර් මිලියන 05කට අමෙරිකාවේ පුරවැසිභාවය
Author: VNews
පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ස්වාධීන නිරීක්ෂකයින් 7,000 ක් යොදවන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසනවා. දැනට දිස්ත්‍රික් මට්ටමින් යොදවා ඇති මැතිවරණ නිරීක්ෂකයින් ඉදිරි සතියේ සිට වැඩි කිරීමට පියවර ගන්නා බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ. මේ අතර මැතිවරණය සමබන්ධයෙන් පක්ෂ විපක්ෂ මත පල වුනා .
විදුලිය කප්පාදුවට හේතුව මහජන උපයෝගිතා කොමිසම බවට විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා. මහජන උපයෝගිතා කොමිසමේ සබහපතිවරයා තනි මතය අනුව ක්‍රියා කරමින් සිටින බවයි අමත්‍යවරයා සදහන් කලේ . විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ දී පැවැත්වේන විශේෂ මාධ්‍ය හමුකදී ඔහු අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව අවධාරණය කළා . එමෙන්ම ජනක රත්නායක මහතා යම් දේශපාලන උවමනාවක් අනුව කටයුතු කරන බවද අමාත්‍ය කාංචන විජේසේකර මහතා චෝදනාවක් එල්ල කලා. මේ අතර විදුලි බල මණ්ඩලයේ නිලදරින්ට මානව හිමිකම් කොමිසමට බලපෑම් සිදු කර ඇතැයි විදුලි බල අමාත්‍ය කාංචන විජේසේකර මහතා එම මාධ්‍ය හමුවේදී පැවසුවා. ඒ හේතුවෙන් මානව හිමිකම් කොමිසමට එරෙහිවත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි ඔහු…
දිවයිනේ නගර රැසක වායු ගුණාත්මකභාවය පහළ ගොස් ඇතැයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එහි වායු දූෂණ කළමනාකරණ ඒකකයේ ප්‍රධාන විද්‍යාඥ, සරත් ප්‍රේමසිරි මහතා සඳහන් කළේ, නගර රැසක වායු ගුණාත්මකභාවය අමෙරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව 100 ත් 150 ත් අතර අගයක සටහන් වන බවයි. මෙම තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් පැවතිය හැකි බව ඔහු සඳහන් කළා . ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිරීක්ෂණයට අනුව ලබන මාර්තු මාසය දක්වා මෙම තත්ත්වය අඩු වැඩි වශයෙන් පැවතිය හැකියි. මේ අතර ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශයට යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර…
නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ දිනපතා ධාවනය වන බස් රථ පමණක් ධාවනය කරවන ලෙස වතු කම්කරුවන් ඉල්ලා සිටිනවා. රදැල්ල කෙටි මාර්ගයේදි සිදු වු රිය අනතුරින් පසු එම මාර්ගයේ වාහන ගමනා ගමනය සිමා කිරීමට නුවරඑලිය දිස්ත්‍රික් ලේකම්වරයා පසුගියදා පියවර ගනු ලැබුවා. කෙසේවෙතත් ඒ හේතුවෙන් තමන් අපහසුතාවට පත්ව ඇති බවයි වතු කම්කරුවන් පවසන්නේ. රදැල්ල කෙටි මාර්ගයෙන් දිනකට ලංගම සහ පෞද්ගලික බස් රථ 40 ක් පමණ ධාවනය වූ අතර , එම සියළු බස් රථ හැටන් සිට නුවරඑලිය දක්වාත් නුවරඑලිය සිට හැටන් දක්වාත් ධාවනය කරනු ලැබුවා.
සමාජ සුබ සාධන ප්‍රතිලාභි ලැයිස්තු,නිසි පරිදි සකස් කිරීම ප්‍රමාද වීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය ලබා ගැනීමට බාධාවක් වී ඇතැයි, මුදල් රාජ්‍ය අමාත්‍යාංශය පවසනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය, ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, ලබන මාසය තුළ අදාළ සමීක්ෂණ අනුව සමාජ සුබ සාධන ප්‍රතිලාභි ලැයිස්තුව සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයද අදහස් පල කළා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සදහන් කලේ කොළොඹ පැවති ජන හමුවකදී .
බිත්තර පාලන මිල ඉක්මවා වැඩි මිලට අලෙවි කළ වෙළඳසැල් තුනකට අධිකරණය රුපියල් ලක්ෂ 7 ක දඩයක් පනවා තිබෙනවා. පාරිභෝගික කටයුතු අධිකාරියේ කොළඹ දිස්ත්‍රික් වැටලීම් ඒකකය විසින් මෙම වැටලීම සිදු කළා. මේ අතර ඉන්දියාවේ තවදුරටත් කුරුළු උණ වාර්තා වන බැවින් බිත්තර ආනයනයට අවසර ලබාදිය නොහැකි බව සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවට දැනුම් දී තිබෙනවා. සෞඛ්‍ය උපදේශන කමිටු වාර්තාව ඉදිරිපත් කර ඇති පර්යේෂණ දත්ත අනුව ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීමට තාක්ෂණික අනුමැතියක් ලබාදිය නොහැකි බවයි ඇය පවසා ඇත්තේ. කෙසේවෙතත් එම දෙපාර්තමේන්තුවේම සත්ත්ව සංවර්ධන උපදේශකවරු පවසන්නේ මානූෂිය කරුණක් සේ සලකා බිත්තර ආනයනයට අවසර…
පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව රජයේ මුද්‍රණාලය පවසනවා. මුද්‍රනයට අදාළව සිදුකරනු ලබන පරීක්ෂා කිරීම් ඇතුළු මූලික කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානී ලියනගේ මහත්මිය පැවසුවේ. මේ දිනවල අක්ෂර දෝෂ සහ ඡන්ද පත්‍රිකාවල නිවැරදි කිරීම් ඇතුළු සියලු දේ නැවත පරීක්ෂා කර එහි නිරවද්‍යතාව මැතිවරණ කොමිසමෙන් යළි විමසා බලා මුද්‍රනයට අදාළව සිදුකරනු ලබන කාර්යයන් සිදු කරන බවයි ලියනගේ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ. එම පරීක්ෂා කිරීම් අවසන් වූ පසුව අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ලබන සතියේදී සිදු කිරීමට නියමිතයි.
ඉහළ කොත්මලේ ජලාශයේ තිබී පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ ඉහළ කොත්මලේ ජලාශයේ නානුඔය වත්තට ආසන්න ප්‍රදේශයේ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ඇති බවට ලැබුණු තොරතුරක් මත විමර්ශනයක් ආරම්භ කල බවයි. මෙලෙස මිය ගොස් ඇත්තේ 28 හැවිරිදි පතන, මවුන්ට්වර්නන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකු බවට පොලීසිය විසින් හඳුනාගෙන තිබෙනවා. ඔහුගේ මෘත ශරීරය අසල තිබී මුදල් පසුම්බියක් ද සොයා ගෙන ඇති බව සඳහන්. මෙම තරුණයාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති බව පොලීසිය සඳහන් කළා.
රත්නපුරය සබරගමු මහ සමන් දේවාලයේ පඬුරු පෙට්ටිය අවස්ථා තුනකදී කොල්ලකෑ තරුණයින් දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහ සමන් දේවාලයේ නිල නිවසේ පඩුරු කාමරයේ තැන්පත් කර තිබූ පඬුරු පෙට්ටිය අවස්ථා තුනකදී කොල්ලකා තිබුණා. මේ සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ රත්නපුරය පොලිසිය ඊට සම්බන්ධ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. තමන් මෙම කොල්ලකෑම සිදුකළ බව අදාළ තරුණයින් දෙදෙනා පිළිගෙන තිබෙනවා. ඔවුන් තදින්ම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින්නන් බවයි පොලිසිය පවසන්නේ. අදාළ සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ.
මෙරට නිෂ්පාදිත බඳින තුවක්කු 4ක් සමග පුද්ගලයෙකු සහ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමග පුද්ගලයෙකු ඇහැළියගොඩ සහ ඇඹිලිපිටිය ප්‍රදේශවලින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(28) රාත්‍රී ඇඹිලිපිටිය, සෙන්ට්‍රල් හන්දිය ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත රිපීටර් තුවක්කුවක් සහ බොර 12 ගිනි අවියක් සමග සැකකරුවෙකු ඇමිලිපිටිය පොලිසියේ නිලදාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 42ක් පමණ වන මොරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරු අද(29) ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඇඹිලිපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා. මේ අතර ඇහැළියගොඩ ඇරෑපොල ප්‍රදේශයේදී ද මෙරට නිෂ්පාදිත බඳින තුවක්කු හතරක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඇහැළියගොඩ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222