- තායිවානය චීන නැවක් අල්ලයි
- කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
- ඉදිරියේදී අලුත් මැතිවරණ නීති
- එක් කෝටි විසි ලක්ෂයක කුෂ් සමඟ කාන්තාවක් කොටුවෙයි
- චීන මාර්ගගත සිල්ලර වෙළෙඳපොල තවදුරටත් වර්ධනය වෙයි
- යුරෝපා සංගමයේ සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි
- රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර
- ඩොලර් මිලියන 05කට අමෙරිකාවේ පුරවැසිභාවය
Author: VNews
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. සිය කොමිසමේ සාමාජිකයින්ට මරණ තර්ජන එල්ලවීම හේතුවෙන්ගේ ඔවුන්ගේ ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඊයේ ජනාධිපතිවරයා වෙත එලෙස ලිපියක් යොමු කර ඇති බව සඳහන්. ඔහු සඳහන් කළේ, මැතිවරණයකට උචිත වාතාවරණය සැකසීමේ බලය ජනාධිපතිවරයාට පවතින බැවින් එම ලිපිය යොමු කළ බවයි. එමෙන්ම පළාත් පාලන මැතිවරණය සඳහා ඇතැම් ආයතනවලින් සහයෝගය ලබා දීම මන්දගාමී බවත්, මෙම ලිපිය මගින් ජනාධිපතිවරයා දැනුම්වත් කළ බවත්, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පෙන්වා දෙනවා.
අද සිට දින කිහිපයක් වැසි තත්වයේ වර්ධනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා සදහන් කලේ ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශයට යාත්‍රා කිරීමෙන් වළකින්න ලෙස ධීවර හා නාවික ප්‍රජාවට දැනුම දෙන බවයි . මේ වනවිටත් එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින්නේ නම් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ . එම අඩුපීඩන කලාපය ලබන 07 වනදා වන විට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතිනවා. එය ලබන 08…
සත්ත්ව ආහාර නිෂ්පාදන කාර්යය සඳහා ආනයනය කළ බඩ ඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ජනවාරි මස 15 වන දින හෝ ඊට පෙර ආනයනනය කරන ලද බඩ ඉරිඟු සඳහා එම බද්ධ පනවා ඇති බව වාර්තා වනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එම බද්ධ පනවා තිබෙනවා. ජනවාරි මස 26 වන දින සිට පෙබරවාරි මස 25 වන දින දක්වා කාලය සඳහා මෙම විශේෂ වෙළද භාණ්ඩ බද්ධ වලංගු බවයි මුදල් අමාත්‍යංශය සඳහන් කළේ .
75 වන නිදහස් දින සැමරු උළෙල නිමිත්තෙන් සතියක කාල සීමාවක් රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය එසවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, පෙබරවාරි මස 4වන දිනට යෙදෙන 75 වන නිදහස් දින උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සළකා පෙබරවාරි මස 1 වෙනිදා දින සිට 7 වනදා දක්වා ජාතික කොඩිය එසවීමට නියමිතයි . රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය විසින් ඊට අදාළ චක්‍ර ලේඛයක් ද නිකුත් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අදාළ චක්‍රලේඛය මගින් ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා.
පාකිස්ථානයේ නිරිතදිග ප්‍රදේශයේ රථයක් පෙරලී එය ගිනිගැනීමෙන් පුද්ගලයන් 41 දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මියගිය පුද්ගලයන්ගේ සිරුරු හඳුනා ගැනීමට නොහැකි ලෙස පිළිස්සී ඇතැයි සදහන්. අනතුර සිදුවන අවස්ථාවේ මගීන් 48 දෙනකු ගමන් කර ඇති අතර ඉන් තුන්දෙනකු මේ වන විට බේරාගෙන ඇතැයි පාකිස්තාන බලධාරීන් ප්‍රකාශ තිබෙනවා.
පළාත් පාලන මැතිවරණ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා අවශ්‍ය වන ගැසට් නිවේදනය පිළිබඳ විශේෂ නිවේදනයක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ අනෙකුත් සාමාජිකයන්ගේ අත්සනින් යුතුව එම ගැසට් පත්‍රය මුද්‍රණය කිරීම සඳහා මෙතෙක් රජයේ මුද්‍රණාලය වෙත මෙතෙක් යොමු කර නොමැති බවයි
තමන්ට එරෙහිව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා ඉදිරිපත් කරන චෝදනා පත්‍රයට මුහුණදීමට තමා අපේක්ෂාවෙන් පසුවන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා. මේ අතර ජනක රත්නායක මහතා, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට අදාළ චෝදනා පත්‍රය සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා . අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ ඊට ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාව හිමිව ඇති බවයි .
පාකිස්තානයේ කරච්චි නුවර, අබිරහස් රෝගයන් පැතිරෙන බවත්, මේවනවිට 18 දෙනකු එම රෝගයෙන් මියගොස් ඇති බවත් එරට වාර්තා පවසනවා. මියගිය 18 දෙනාගෙන් වැඩි දෙනා කුඩා දරුවන් බව ද වාර්තා වනවා . එරට සෞඛ්‍ය බලධ්රින් පවසන්නේ පසුගිය ජනවාරි 10 වැනිදා සිට 25 වැනිදා කාලයේ මරණ වාර්තා වුණු බවයි. මියගිය 18 දෙනාගෙන් 14 දෙනකු කුඩා දරුවන් බවත් සදහන් . මියගිය 18 දෙනා අවසන් වරට ආහාරයට ගෙන ඇත්තේ සෝයා බෝංචි බව මූලික විමර්ශනවලින් හෙලි වී තිබෙනවා . එම මරණවලට හේතුව සෝයා බෝංචි විෂ වීමක්දැයි සැක කෙරේන බවයි එරට සෞඛ්‍ය බලධ්රින් පවසන්නේ.
වයඹ දිග ඉරානයේ තුර්කි දේශසීමාව ආසන්නයේ රික්ටර් පරිමාණ ඒකක 5.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදුව තිබෙනවා . එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත් ව 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි . බලපෑමට ලක් වූ ඇතැම් ප්‍රදේශවල හිම පතනය සහ විදුලි කප්පාදුව හේතුවෙන් පුත්ගලයින් මුදා ගැනීමට අපහසු වී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ . නගරයේ නිවාස රැසක් ද භූමි කම්පාවෙන් විනාශ වී ඇතැයි සදහන්.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල කළ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලීසිය මේ වනවිට අධිකරණ නියෝග ලබාගෙන තිබෙනවා. ඒ අනුව දුරකතන ඇමතුම් මඟින් පළමුව තර්ජන එල්ල වූ කොමිෂන් සභාවේ සාමාජිකයන් වන එස්.බී. දිවාරත්න සහ කේ.පී.පී. පතිරණ සිදුකළ පැමිණිලි මත දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ. මේ අතර, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන එම්.එම්.මොහොමඩ්ගේ නිවසටත් පොලිස් ආරක්ෂාව ලබාදීමට පියවර ගැනුණා. ඒ, කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත්වන ලෙස පවසමින් පෙරේදා රාත්‍රියේ ඔහුට ලැබුණු තර්ජනාත්මක ඇමතුමකින් පසුවයි. තමන් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව ඔහු ප්‍රකාශ කළා. කොමිෂන් සභාවේ සාමාජිකයන්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222