- තායිවානය චීන නැවක් අල්ලයි
- කැන්ගරුවන් පරදා කොදෙව්වන්ට ජය
- ඉදිරියේදී අලුත් මැතිවරණ නීති
- එක් කෝටි විසි ලක්ෂයක කුෂ් සමඟ කාන්තාවක් කොටුවෙයි
- චීන මාර්ගගත සිල්ලර වෙළෙඳපොල තවදුරටත් වර්ධනය වෙයි
- යුරෝපා සංගමයේ සම්බාධකයන්ට එරෙහිව නිසි පියවර ගන්නා බව චීනය කියයි
- රජයේ කාර්යාල සියල්ල රජය සතු ගොඩනැගිලිවලට ගෙන ඒමට පියවර
- ඩොලර් මිලියන 05කට අමෙරිකාවේ පුරවැසිභාවය
Author: VNews
ඩෙංගු රෝගීන්ගේ වාර්තාගත ඉහළ යාමක් නැවතත් පෙන්නුම් කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මෙම වසරේ ගතවූ දින කිහිපය තුළ පමණක් ඩෙංගු රෝගීන් 4,387 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් සියයට 32.5 ක් ම වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්. ගත වූ මාස 10 තුළ පමණක් ඩෙංගු බවට සැක කරන රෝගීන් 20,334 ක් වාර්තා වුණා. රෝගීන් 145 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ. මෙම දිනවල වාර්තාවන ඉන්ෆ්ලුවෙන්සා රෝගයේ ලක්ෂණ ද ඩෙංගු රෝග ලක්ෂණ හා බොහෝ සෙයින් සමාන වීම හේතුවෙන් හා රෝගී තත්ත්වය නිශ්චය කර නොගෙන ලබාගන්නා ඖෂධ හේතුවෙන් විවිධ සංකූලතා ඇති වූ අවස්ථාවන් ද…
ඉරානයේ මධ්‍යය ප්‍රදේශයේ ඉස්ෆහාන් නගරයේ පිහිටි හමුදා කම්හලකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සිය හමුදා මධ්‍යස්ථානයක එක් පිපිරීමක් සිදුව ඇති අතර එම පිපිරීම හේතුවෙන් ජීවිත හානි සිදුව නොමැති බවයි ඉරාන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කර ඇත්තේ . ප්‍රහාරය පිටුපස සිටින පාර්ශවය කවුරුන්දැයි මෙතෙක් තහවුරු කර නැහැ. කෙසේ වෙතත් එම ප්‍රහාරය පිටුපස ඊශ්‍රායලය සිටියේදැයි සැකයක් මතුව ඇති අතර ප්‍රහාරය සඳහා පැමිණි තවත් ඩ්‍රෝන යානා 2ක් සිය ගුවන් ආරක්ෂික පද්ධතිය මඟින් විනාශ කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
පුද්ගලයින් රවටා ඔවුන්ගේ ATM කාඩ්පත්වල රහස් අංකය ලබාගෙන මුදල් ලබාගත් සැකකරුවෙකු කුරුණෑගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු 22 හැවිරිදි කොටිකාපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු කුරුණෑගල නරගයේ පිහිටි බැංකුවල ATM යන්ත්‍ර අසල රැඳී සිටිමින් මුදල් තැන්පත් කිරීමට පැමිණෙන පුද්ගලයන් රවටා කාඩ්පතෙහි රහස් අංකය ලබාගන්නා අතර පසුව ඔහු ATM කාඩ්පත වෙනත් කාඩ්පතක් සමග මාරු කර එම සොරකම සිදුකර ඇති බව වාර්තා වනවා. ඒ අනුව ඔහු අද කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කුරුණෑගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.
යුක්‍රේන හමුදා විසින් තම පාලනයේ පවතින රෝහලකට ප්‍රහාර එල්ලකළ බව රුසියාව චෝදනා කරනවා. යුක්‍රේනයේ රුසියා පාලනය යටතේ තිබෙන රෝහලකට හිතාමතා පහරදුන් බවට රුසියාව යුක්‍රේන හමුදාවට චෝදනා කල බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් රෝගීන් 24 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය යුද අපරාධයක් ලෙසයි රුසියාව හදුන්වන්නේ. යුක්‍රේනය මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
උතුරු පළාත් දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ඉදිරි මාස 5 තුළ අවසන් කිරීමට සැළසුම්කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එම ව්‍යාපෘතියේ කටයුතු නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. උතුරු දුම්රිය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමටයි තීරණය කර ඇත්තේ. මේ සදහා වැය කෙරෙන මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 91.27 ක්. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පල කළා.
දැනට දින නියම කොට ඇති පළාත් පාලන මැතිවරණය කල් දැමීම සදහා වගකිවයුතු විවිධ පාර්ශ්වයන් විසින් ගෙන යනු ලබන කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ආණ්ඩුව වෙත දැවැන්ත විරෝධයක් පළ කිරීමට ජාත්‍යන්තරය තිරණය කොට ඇති බව වාර්තා වනවා. ඒ අනුව දැනටමත් ප්‍රබල රටවල් රැසකින් ඒ පිළිබද සිය විරෝධය ආණ්ඩුව වෙත දැනුම් දී ඇති බව සදහන්. මේ අතර පළාත් පාලන මැතිවරණය පවත්වන්නේදැයි සැකයක් පවතින බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සදහන් කලේ ආණ්ඩුව විසින් මැතිවරණයක් කල් දැමීමේ අවස්තාවක් මිට පෙර දැක නොමැති බවයි. කොළොඹ පවතී මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා. මේ අතර පළාත්පාලන ඡන්ද විමසීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීම සඳහා…
පළමු වරට පවත්වනු ලැබූ අයි.සි.සි වයස අවුරුදු 19 න් පහළ විස්සයි 20 කාන්තා ලෝක කුසලාන තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඉන්දීය පිල සමත් වුණා. ඒ ප්‍රතිවාදී එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 07 කට පරාජය කරමින්. පළමුවෙන් පන්දුවට පහර දුන් වයස අවුරුදු 19 න් පහළ එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දු වාර 17 යි එක් පන්දුවකදී සියලු දෙනා දැවී ලකුණු 68 ක් පමණක් රැස් කරනු ලැබුවා. කෙසේ වෙතත් ලකුණු 69 ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය වයස අවුරුදු 19 න් පහළ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දු වාර 14 ක් අවසානයේදී කඩුලු 03 ක් පමණක් දැවී තරගය ජය ගැනීමට සමත් වුණා.
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද නැවතත් රැස්වීමට නියමිතයි . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තුවේිදී පසුගිය 25 දා පැවැත්වුනා. මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමට එහිදී තීරණය කළා. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට පත් කළ යුතු විපක්ෂයේ සුළු පක්ෂවල නියෝජිතයා සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන්ද අද රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇතැයි සදහන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා නවයක් පත්කිරීමට නියමිතයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස්…
ස්වාධීන කොමිසම් සභාවකින් ලබා දෙන තීරණයක් නිලධාරීන් විසින් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් අද දිනයේ සිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා පවසනවා. ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ස්වාධීන කොමිසම් සභාවක කාර්යභාරය වන්නේ ස්වාධීනව කටයුතු කිරීම මිස දේශපාලන අධිකාරියේ තීරණ ක්‍රියාවට නැංවීමට නොවන බවයි . මේ සමබන්ධයෙන් වැඩිදුරටත් අදහස් පල කල මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, ජනක රත්නායක මහතා .
ජාතික නිදහස් දිනය දෙමළ වැසියන්ට ශෝක දිනයක් ලෙස නම් කර ඇති බවයි වාර්තා වන්නේ. ඔවුන් විරෝධතා පාගමන ගමන් කරන මාර්ගයේ සහ උතුරේ නිවෙස්වල කළු කොඩි එසවීමට තීරණය කොට තිබෙනවා. විරෝධතා පාගමන සඳහා වවුනියාව, යාපනය, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චිය යන දිස්ත්‍රික්කයන්හි සියලුම ස්වේච්ඡා සංවිධානවල සහාය ලබාදෙන ලෙස යාපනය විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගම් ඉල්ලීමක් ද කොට තිබෙන බව සදහන්. යාපනයේ සිට මඩකළපුව දක්වා විරෝධතා රැලිය ගමන් කිරීමෙන් පසුව මඩකළපුවේදී මහජන රැලියක්ද පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. මේ අතර 75 වන නිදහස් දින සැමරු උළෙල නිමිත්තෙන් සතියක කාල සීමාවක් රජයේ ආයතන පවත්වාගෙන යන සියලුම ගොඩනැගිලිවල ජාතික කොඩිය එසවීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, පෙබරවාරි මස…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222