- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: VNews
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ අනුව ඔහුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු තුනකින් ඇප හිමි වී තිබෙනවා. මේ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත යටතේ වූ නඩුවෙන් ද ඊයේ නිදහස් කෙරුණා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ එම නියෝගය නිකුත් කළා. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරදි සිදුකළේ යැයි චෝදනා කරමින් හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගෙන දින 89 ක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව පසුගිය නොවැම්බර් 21 වැනිදා සිට ඊයේ දිනය දක්වා රක්ෂිත…
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිදු වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදියි. ශ්‍රී ලංකාවේ පවතින ප්‍රතිසාධන වැඩපිළිවෙල සඳහා එක්සත් ජනපද රජයේ සහාය ලබා දෙන බවට ඇය එහිදී ප්‍රතිඥා ලබා දී තිබෙනවා. එමෙන්ම ජනාධිපතිවරයා එම අවස්ථාවේ පවසා ඇත්තේ දුෂ්කර කාලවලදී එක්සත් ජනපද රජය ලබා දුන් සහාය වෙනුවෙන් ස්තුතිය පළ කරන බවයි. දෙදින සංචාරයක් සඳහා වික්ටෝරියා නූලන්ඩ් ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකාවට පැමිණියා. ඇය සමඟ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකුද පැමිණ තිබෙන බව සඳහන්. එම පිරිස ඊයේ රාත්‍රීයේ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටයි ශ්‍රී ලංකාව වෙත පැමිණියේ. මේ අතර…
සැමරීමට තරම් අභිමානවත් නිදහසක් වර්තමානයේ නොමැති බව කතෝලික සභාව පවසනවා. එම සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි පියතුමන් අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ ආණ්ඩුව ජනතාවගේ නිදහස දැඩි ලෙස සීමා කර ඇති බවයි. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ හිටුප ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමාව ලබාගැනීම සම්බන්ධයෙන් ද සිරිල් ගාමිණි පියතුමත් මෙසේ අදහස් පළ කළා.
75වන ජාතික නිදහස් දින උත්සවය සහ එහි පෙරහුරු පැවැත්වීම හේතුවෙන් ගාලුමුවදොර අවට මාර්ග තාවකාලිකව වසා දමන බව පොලිසිය දැනුම් දෙනවා. ඒ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ. මේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පල කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා.
සේවා නියුක්ති භාරකාර අරමුදල් මණ්ඩලයේ සභාපති ආර්.ඒ. දේශප්‍රිය මහතා එහි සේවකයින් පිරිසක් විසින් නිවාස අඩස්සියේ තබා ඇතැයි වාර්තා වනවා. දිරි දීමනා ඇතු`ඵ ලැබිය යුතු ගෙවීම් කප්පාදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙලෙස ඔහුගේ කාර්යාලය තුළ සිරකර ඇතැයි සඳහන්. එමෙන්ම නිල ඇඳුම් දීමනා, දිරි දීමනා කප්පාදු කිරීම සහ සභාපතිවරයාගේ ක්‍රියාකලාපයට එරෙහිව එම සේවකයින් මෙලෙස විරෝධතාවයේ නිරත වනවා.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා හදිසියේ ඇති වූ රෝගි තත්ත්වයක් හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර තිබෙනවා. ඔහු ඊයේ රාත්‍රියේ මෙලෙස රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට ආර්. සම්බන්ධන් මහතාගේ වයස අවුරුදු 90ක්. ඔහු පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගි වීමට නොහැකි බව දන්වා නිවාඩු ලබා ගෙන තිබෙනවා. එමෙන්ම ආර්. සම්බන්ධන් මහතා ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පසුගියදා සාකච්ඡාවකට ද එක්ව සිටියා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ සකස් කළ විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව අද දිනයේ එළි දැක්වීමට නියමිතයි. ජිනිවා නුවරදී මෙම වාර්තාව එළිදැක්වෙන බවයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතා පැවසුවා. 2017 වසරේ සිට මේ දක්වා මෙරට මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳව මානව හිමිකම් කවුන්සිලයේ නිරීක්ෂණ මෙම වාර්තාවට ඇතුළත් කර තිබෙනවා. එම වාර්තාව එළිදැක්වෙන අවස්ථාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දැක්වීමට නිලධාරීන් පිරිසක් මේ වන විටත් ජිනීවා වෙත ගොස් තිබෙන බව සඳහන්.
පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර ඇතු`ඵ ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් පවතින බව විදෙස් වාර්තා පවසනවා. පවතින විනිමය අර්බුදය හමුවේ ඉන්ධන මිලදී ගැනීමේදී පවතින බාධා හේතුවෙන් ඉන්දියාව ද ඉන්දධන හිඟයකට මුහුණ පා සිටින බව සඳහන්. විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ඉන්ධන ආනයන සමාගම් සඳහා ණයවර ලිපි නිකුත් කිරීමට වාණිජ බැංකු විසින් ප්‍රමාද කර තිබෙනවා. ඒ හේතුවෙන් එම සමාගම් විසින් ඉන්ධන බෙදාහරින්නන් සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන තොග නිකුත් නොකරන බවටයි වාර්තා වන්නේ. පවතින තත්ත්වය හමුවේ පේෂාවර් හි රජයට අයත් ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දමා තිබෙනවා. බොහෝ පිරිස් ඉන්ධන බවුසර් පැමිණෙන තුරු පිරවුම්හල් අසල රැඳී සිටින බවද විදෙස් වාර්තා පවසනවා. එමෙන්ම ඉන්ධන පිරවුම්හල්වල…
ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කිරීමට අදාළ අයදුම්පත් කැඳවීම අද ආරම්භ කෙරුණා. ලබන 15 වැනි දා තෙක් එම අයදුම්පත් භාර ගැනෙනු ඇති. ජාතික මැතිවරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, ප්‍රසම්පාදන කොමිසම, ජාතික විගණන කොමිසම, රාජ්‍ය සේවා කොමිසම ඇතුළු කොමිෂන් සභා සඳහා එලෙස නව සාමාජිකයින් බඳවා ගැනෙනු ඇතියි. ස්වාධීන කොමිෂන් සභාවල නිල කාලය 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග අවසන් වුණා.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ් දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඇය සමඟ එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් දෙදෙනෙකුද පැමිණ තිබෙන බව සඳහන්. එම පිරිස ඊයේ රාත්‍රීයේ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටයි ශ්‍රී ලංකාව වෙත පැමිණියේ. මේ අතර නේපාල විදේශ ඇමතිනි ආචාර්ය බිමලා රායි පෞද්යල් සිව් දින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍රගේ මහතාගේ ආරාධනයකට අනුවයි. ලබන 4 වැනිදා පැවැත්වෙන 75 වන නිදහස් දිනයේ ගෞරවනීය ආරධිතයෙකු ලෙස ද ඇය එක්වීමට නියමිත බව සදහන්. ඇයගේ මෙම සංචාරය අතරතුර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා මෙන්ම විදේශ කටයුතු ඇමතිවරයා ද හමු වනු…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222