- සංක්‍රාන්තික ලිංගික කාන්තාවන්ට තහනමක්
- ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවසට ගිනි තබයි
- හිටපු ජනපති මහින්දගේ ආරක්ෂාව ඉවත් කිරීම පිළිබද පෙත්සම සලකා බැලීම ලබන 19 වනදාට කල් යයි
- ට්‍රම්ප්ගෙන් නව විධානයක්
- පෞද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් හෙළි වෙයි
- ඩිජිටල් අපනයන හරහා මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 5 ක ආදායමක්
- කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
- හින්දුස්ථාන පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාව හා එක්වෙයි
Author: VNews
Covid-19 ට එරෙහි අඩු ප්‍රතිශක්තිය සහ වයෝවෘද්ධ ජනගහනය වැඩි වීමෙන් ජපානයේ වෛරස් මරණ වැඩිවී තිබෙනවා. ජපානය අඩුම ක්‍දඩසා-19 මරණ අනුපාතිකය සම්බන්ධයෙන් පෙර වාර්තා කළ නමුත් 2022 අවසානයේ සිට එම අගය ඉහළ යමින් පවතින බව සඳහන්. එය එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ දකුණු කොරියාව අභිබවා යමින් ඉහළම මට්ටමට පත්ව ඇති බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ. ජපානය 2020 සිට පසුගිය වසරේ ජුනි මැද දක්වා විදේශිකයන්ට රට ඇතුල් වීම සීමා කර තිබුනා.
අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් නැගෙනහිර මුහුදේ දී ආපදාවට පත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් 04 දෙනා බේරාගෙන තිබෙනවා. නාවික හමුදාව සඳහන් කළේ ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ගල් පරයක වැදී බහුදින යාත්‍රාව අනතුරට ලක්ව තිබු බවයි. ත්‍රිකුණාමලය, කොඩ්බේ වරායෙන් පසු ගිය 24 වන දින පිටත්ව ගිය යාත්‍රාව අනතුරට පත්ව ඇති බවට නැගෙනහිර නාවික විධානයේ නාවික නෞකා ලංකා පටුන ආයතනය වෙත තොරතුරක් ලැබී තිබුනා. ඒ අනුව ආපදාවට පත් ධීවර යාත්‍රාවේ සිටි සිව් දෙනා කුඩා යාත්‍රාවක් යොදවා නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට පියවර ගත් බවයි නාවික හමුදාව සඳහන් කලේ.
නිදහස් දිනය හේතුවෙන් අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු සිදු කරන කාලය සීමා කර තිබෙනවා. ඒ අනුව උදෑසන 10 සිට දහවල් 12 දක්වා පමණක් කොළඹ කොටස් හුවමාරුව විවෘතව තැබෙනු ඇති. කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය ඊයේ නිමාවන විට ඒකක 9000 ඉක්මවා තිබුනා. සියලු කොටස් මිල දර්ශකය ඒකක 72.37කින් ඉහළගොස් දිනය නිමාවනවිට 9022.38ක් ලෙසයි වාර්තා වුනේ. පසුගිය වසරේ ඔක්තෝබර් 14 වනදාට පසුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 9000 ඉක්මවූ පළමු අවස්ථාව මෙයයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ එම චෝදනාවලින් නිදහස් කිරීමේ තීන්දුවට එරෙහිව නිතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වනවා. එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ අධිකරණය ලබා දුන් නියෝගයට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කරන ලෙසට පොලිස් මුලස්ථානය විසින් ඉල්ලා ඇති බවයි. එම පනත ප්‍රකාරව සැකකරුට එරෙහිව කිසිදු වරදක් අනාවරණය නොවන බවට තීන්දු කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු නිදහස් කරමින් නියෝගයක් නිකුත් කළා.. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ , ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ ගැනෙන වැරදි සිදුකළ බවට…
ශ්‍රී ලංකාවට ණය සහතිකය ලබාදීමට රටවල් 22කින් සමන්විත පැරිස් සාමාජිකත්වය හිමි රටවල් සූදානම් වනවා. ශ්‍රී ලංකාව මුහුණ දී ඇති විදේශ ණය අර්බුධයෙන් මිදිම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තිරණ ණය පහසුකමක් ලබා ගැනීමට අදාළව මාණ්ඩලික මට්ටමේ එකඟතාවයකට පැමිණියේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී. ඊට අදාළ ණය වාරික ලබා ගැනීමට නම් මෙරට විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලින් සිදු කොට ඒ සම්බන්ධයෙන් ණය හිමියන්ගෙන් සහතිකයක් ලබා දෙන ලෙස මූල්‍ය අරමුදල දන්වා තිබුනා. ද්වි පාර්ශ්වික ණය හිමියන් වන චීනය , ඉන්දියාව සමග ශ්‍රී ලංකාව මේ වනවිට යම් එකඟතාවන්ට පැමිණ තිබෙනවා.
නවගමුව ප්‍රදේශයේ පා`ඵ ස්ථානයකට රැගෙන ගොස් තමන්ව ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි.
කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශක අද දිනය නිමාවන විට ඒකක 9000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනය තුළ දී සියලු කොටස් මිල දර්ශක ඒකක 72.37කින් ඉහළ ගොස් තිබුණා. අද (02) දිනය නිමාවන විට එහි අගය දැක්වුණේ 9022.38ක් ලෙසයි. 2022 වසරේ ඔක්තෝබර් 14 වැනිදායින් පසු සියලු කොටස් මිල දර්ශක ඒකක 9000 ඉක්ම වූ පළමු අවස්ථාව මෙයයි .
මියන්මාර හමුදා පාලනය ප්‍රකාශයට පත් කර ඇති හදිසි තත්ත්වය තවත් මාස 6ක කාලයකින් දීර්ඝ කර තිබෙනවා. කුමන්ත්‍රණයක් මගින් මියන්මාරයේ පාලන බලය එරට හමුදාව විසින් අත්පත් කර ගෙන ඊයේ දිනයට වසර 2ක්. ජනතාවට ලබාදීමට පොරොන්දු වී ඇති මැතිවරණය තවත් කල් දමමින් හදිසි තත්ත්වය තවදුරටත් දීර්ඝ කිරීමටයි හමුදා පාලනය පියවරගෙන ඇත්තේ. මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් හමුදා පාලනය මෙතෙක් නිවේදනයක් කර නැහැ. කෙසේ වුවද හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කර තිබියදි මැතිවරණයක් පැවැත්විය නොහැකියි. මේ අතර හමුදා පාලනයට විරෝධය දක්වමින් ඊයේ දිනයේ දී ද එරට ජනතාව නිහඩ විරෝධතා පවත්වා තිබෙනවා.
පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේදී ආචාර වෙඩිමුර සහ හමුදා උත්තමාචාර කිසිවක් නොපවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා. එසේම රථ සහ අශ්වාරෝහක පෙළපාළිද නොපැවැත්වෙනු ඇති බවයි වාර්තා වන්නේ. වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ උත්සවය වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස සරලව සහ චාම් අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධාන කරන බව යි. මේ අතර පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට පස්වරු 2.00 ට පැවැත්වීමට නියමිතයි. පාර්ලිමේන්තුව 8 වැනිදා විවෘත කිරීමෙන් පසු රැස්වීම් පැවැත්වෙන ආකාරය සහ විවාදයට ගන්නා යෝජනා සම්බන්ධයෙන් මෙහිදී තීරණය කෙරෙනු ඇති…
කුරුණෑගල මහ නගර සභාවේ නව නගරාධිපති ධුරය සඳහා සමගි ජනබලවේගය පක්ෂයේ සුමේද අරුණ ශාන්ත මහතා තේරී පත්ව තිබෙනවා . නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පැවැති ඡන්දයෙන් ඡන්ද10ක් ලබාගනිමින් සුමේධ අරුණ ශාන්ත මහතා එම ධුරය සඳහා තේරී පත් වුණා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විජයානන්ද වෙඩිසිංහ මහතා ද එම ධුරයට තරග වැදුණු අතර පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඇතිව ඔහුට ලබාගත හැකිවුයේ ඡන්ද 6ක් පමණයි .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222