Author: VNews

මහා පරිමාණයෙන් බැංකු හරහා ණය ලබාගත් පුද්ගලයින්ගෙන් බොල් ණය ලෙස රුපියල් බිලියන 1,200ක් කපා හැරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා. මහා පරිමාණ ව්‍යාපාරිකයින්ගේ ණය බෝල් ණය වශයෙන් කපා හැරීමට කටයුතු කරන ආණ්ඩුව සාමාන්‍ය ජනතාව මත විශාල බදු බරක් පටවා ඇති බවයි ඒ මහතා චෝදනා කරන්නේ. එමෙන්ම ආදායම් සඟවාගෙන විශාල වශයෙන් ඉපැයීම් සිදුකරන ක්ෂේත්‍ර කිහිපයක්ම තිබෙන බවද මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියා.

තව කියවන්​න

උතුරු හා නැගෙනහිර පළාත් දෙක තුළ පූර්ණ හර්තාලයක් ප්‍රකාශයට පත් කිරීමට යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කටයුතු කොට තිබෙනවා. ඒ අනුව පෙබරවාරි 4 වැනි දා පූර්ණ හර්තාලයක් ක්‍රියාත්මක වන බැවින් උතුරු හා නැගෙනහිර පළාත් දෙක තුළ සියලු කටයුතු නවතා දැමිය යුතු බවයි යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය නිවේදනය කර ඇත්තේ. එසේ ම ජාතික නිදහස් දින උළෙල පැවැත්වෙන එදින එයට විරෝධය පළ කිරීමක් ලෙස සියලු ම වෙළෙඳසැල් වසා දමා ඒවායේ කළු කොඩි ඔසවන ලෙසද යාපනය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. තව ද ජාතික නිදහස් දිනයට එරෙහිව උතුරු නැගෙනහිර පළාත්වල විරෝධතා පෙළපාලි රැසක් සංවිධානය කොට ඇති අතර නිදහස් දිනය දා යාපනයේ…

තව කියවන්​න

බඹරුන් දෂ්ට කිරීම හේතුවෙන් උහන කෝමාරිය ප්‍රදේශයේ පදිංචිව සිටි 12 හැවිරිදි පාසල් සිසුවෙක් මිය ගොස් තිබෙනවා. ගසක තිබු බඹර කුඩුවක් උකුස්සන් විසින් කඩා දමා ඇති අතර එහිදී බඹරුන් දරුවාට දෂ්ට කර ඇති බවයි වාර්තාවන්නේ. බඹරුන්ගේ දෂ්ට කිරීම් හේතුවෙන් තුවාල ලැබූ සිසුවා අම්පාර රෝහලට ඇතුලත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.

තව කියවන්​න

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා. ඊට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු සහ පුහුණුකරුවන් හා නිලධාරීන් 10 දෙනෙකු ඇතුලත්. අලුයම 02.55 ට එමිරේට්ස් ගුවන් සේවයේ යානයකින් පිරිස ඩුබායි හරහා දකුණු අප්‍රිකාව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය බවයි අප වාර්තාකරු සඳහන් කලේ. මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ” ඒ ” කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි. මෙහි පළමු තරගය සත්කාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමග එළඹෙන 10 දින පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තව කියවන්​න

කැලණිතිස්ස සංයුක්ත චක්‍රීය විදුලි බලාගාරයට නැප්තා ලීටර මිලියන 1.3ක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලබා දී තිබෙනවා. එය අද දිනයට ප්‍රමාණවත් බවයි එම බලාගාරය භාර නිලධාරියෙකු සඳහන් කළේ. ඉන්ධන නොමැති වීම හේතුවෙන් බලාගාරය ඊයේ රාත්‍රියේ සිට අක්‍රිය කිරීමේ අවදානමක පැවතුණා. මෙම බලාගාරය මගින් උත්පාදනය කෙරෙන විදුලි ධාරිතාව මෙගාවොට් 165ක්.

තව කියවන්​න

මහනුවර ජාතික රෝහලේ පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවයකට පත්ව තිබෙනවා. ඒ සිසිලන පද්ධතියේ දෝෂයක් හේතුවෙන් අක්‍රීය ව පවතින පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන ලීනියර් ඇක්සලේටර් යන්ත්‍රය තවමත් අළුත්වැඩියා නොකිරීම හේතුවෙන්. අදාළ යන්ත්‍රයේ නඩත්තු කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ද කිසිදු ක්‍රමවේදයක් සකස් නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව සඳහන්. එමෙන්ම පසුගිය නොවැම්බර් 14 වනදා සිට අක්‍රීයව පවතින මෙම යන්ත්‍රයෙන් දිනකට පිළිකා රෝගීන් 80 දෙනෙකුට පමණ ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතින බව සඳහන්. කෙසේ වෙතත්, එය අක්‍රීය වීම හේතුවෙන් මේ වනවිට තාක්ෂණයෙන් ඉතා අවම සහ අඩු නිරවද්‍යතාවක් සහිත ප්‍රතිකාර යන්ත්‍රයක් වන “කොබෝට් 60” විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර යොදා ගනිමින් රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන බව වාර්තා…

තව කියවන්​න

මෙරට මුහුදු සීමාව තුළ මුහුදුබත් වූ නෞකා උපයෝගී කරගනිමින් ආදායම් උපයා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. දැනට මෙවැනි නෞකා 47ක් මෙරට මුහුදු සීමාවේ පවතින අතර, ඒවා සංරක්ෂණය කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ඒ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ අනුව සංචාරක අමාත්‍යාංශය, නාවික හමුදාව සහ පෞද්ගලික සංචාරක සමාගම් ද සම්බන්ධ කරගනිමින් අදාළ වැඩපිලිවෙල දියත් කිරීමටයි එහි දී තීරණය වී ඇත්තේ. ඊට අමතර ව කෞතුක වශයෙන් වටිනාකමක් නොමැති නෞකා ගොඩගෙන අබලි ද්‍රව්‍ය ලෙස විකුණා එම මුදල් රජයේ ගිණුමට බැර කිරීමට ද අදාළ සාකච්ඡාවේදී තීරණය කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

කොළඹ හිටපු අගරදගුරු ඔස්වල්ඩ් ගෝමිස් පියතුමා ස්වර්ගස්ථ වී තිබෙනවා. එතුමා ස්වර්ගස්ථ වන විට 90 වැනි වියේ පසු වුණා. එමෙන්ම ඔස්වල්ඩ් ගෝමිස් පියතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපතිවරයෙකු වශයෙන් ද කටයුතු කළ බව සඳහන්. කෙසේ වෙතත් උන්වහන්සේ කළක් රෝගාතුරව සිට ඇති අතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී එතුමා ස්වර්ගස්ථ වූ බව යි වාර්තා වන්නේ.

තව කියවන්​න

2023 පළාත් පාලන මැතිවරණයට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පෙබරවාරි මස 22,23 සහ 24 යන දිනවල පැවැත්වීමට නියමිතයි. එමෙන්ම මැතිවරණයට අදාළ අනෙකුත් ඡන්ද විමසීම් මාර්තු 9 වැනි දා පැවැත්වීමට නියමිත ව ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

තව කියවන්​න

පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රිෂීියා ස්කෝට්ලන්ඩ් මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා අතර හමුවක් පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේදී පැවැත්වුනා. මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ කාලීන ප්‍රවනතා පිළීබඳ අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී මහලේකම්වරිය දැනුවත් කරනු ලැබුවා. කඩිනම් අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලියකට අධ්‍යාපන අමාත්‍යංශය මුලික පියවර ගෙන තිබෙනවා. කාලීන වැදගත්කමකින් යුත් විෂයයක් ලෙස දේශගුණික විපර්යාස පිළිබඳ සිසුන්ට අවබෝධයක් දීිම සදහා එය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇතැයි ඇමතිවරයා සදහන් කලා.

තව කියවන්​න