Author: VNews

තම ගුවන් සීමාවේ චීන බැලුනයක් පාවෙමින් තිබෙන බවට ඇමරිකානු බලධාරින් චෝදනා කරනවා. එය චීනය විසින් තම රටෙහි තොරතුරු ලබා ගැනීමේ අරමුණෙන් එවා ඇති බවටයි ඇමරිකාව සැක පළ කරන්නේ. පසුගිය බදාදා දින සිට මෙය දක්නට ලැබෙන අතර, මීට පෙර එය පුපුරවා හැරීමට තීරණය කළද එම තීරණය අත්හිටුවා ඇත්තේ ඒ පිළිබඳ වැඩිදුර නීරීක්ෂණය කිරීමේ අරමුණින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

තව කියවන්​න

75 වන ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිරිසකට පොදු සමාවක් ප්‍රදානය කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි 4 වනදාට බන්ධනාගාරගතව වසරක් ගතවන්නේ නම් දින 21ක සමාවක් හිමිවන අතර, දඩ මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සිර දඬුවම් විඳින සිරකරුවන්ගේ ගෙවමින් පවතින ඉතිරි දඬුවම් කාලය අහෝසි කිරීම වනවා. ඊට අමතරව වසර 40ක් හෝ ඊට වැඩි සිර දඬුවමක් නියම කර හෙට දිනය වන විට එම දඬුවමින් වසර විස්සක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉතිරි කාලය අහෝසි කිරීමද සිදු කෙරෙනු ඇති. එලෙස පොදු සමාවට සුදුසුකම් ලබන සියලු සිරකරුවන් හෙට දිනයේ දී බන්ධනාගාර වලින් නිදහස් කිරීමට කටයුතු කෙරෙන බවයි අතිරේක බන්ධනාගාර…

තව කියවන්​න

අභිරහස් ලෙස මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගනු ලැබූ කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් මේ වන විට අනාවරණය වී තිබෙනවා. පොලිසිය පවසන්නේ ඊට ඝාතනයට අදාළ සැකකරු මේ වන විටත් රටින් පළා ගොස් ඇති බවයි. ඊයේ දින බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක පිහිනුම් තටාකයක පාවෙමින් තිබියදී කොළඹ නිමි ඇඳුම් ජාලයක හිමිකරුවෙකු වන රොෂාන් වන්නිනායක මහතාගේ සිරුර සොයා ගනු ලැබුවා. මෙම මළසිරුර හමු වූ එම පිහිනුම් තටාකය ආසන්නයේ තිබී ලේ පැල්ලම් කිහිපයක් ද සොයා ගෙන ඇති අතර මේ හේතුවෙන් සැක පළ වී ඇත්තේ එය ඝාතනයක් ලෙසටයි. මේ පිලිබඳව සිදුකරන ලද මුලික විමර්ශනවලදි හිසට පහර දී ඝාතනය කර අනතුරුව ව්‍යාපාරිකයාගේ සිරුර පිහිනුම්…

තව කියවන්​න

75 වෙනි ජාතික නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. එහිදි ඔහු සඳහන් කර සිටියේ 2023 වසරේ 75 වන නිදහස් දින සැමරුමෙන් ඇරඹෙන නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මග 2048 වසරේ සමරන සිය වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කිරීම තම රජයේ මූලික අරමුණ වන බවයි. එමෙන්ම ජනාධිපතිවරයා කියා සිටියේ 75 වන ජාතික නිදහස් දිනය සමරන මෙම අවස්ථාව අපට අතිශයින්ම තීරණාත්මක සහ අභියෝගාත්මක කාලයක් වනු ඇති බවයි. පසුගිය වසර 75ක කාලය පුරා අප විසින් දිනාගන්නා ලද දෙයට වඩා අහිමි කරගන්නා ලද දේ බොහෝ වන අතර එලෙස අහිමි වූ දේ ළඟා කර ගැනීම මේ වන…

තව කියවන්​න

හෙට දින පැවැත්වෙන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සහභාගි නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මේ අතර, ආණ්ඩු පක්ෂයේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායම ද මෙවර නිදහස් දින සැමරුම් උත්සවයට සහභාගි නොවන බවයි වාර්තාවන්නේ. රජය ගෙන යන වැඩපිළිවෙළ සමග එකඟවිය නොහැකි බැවින් තමන් නිදහස් දින සැමරුමට සහභාගී නොවන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ.

තව කියවන්​න

දිවයින හරහා ගමන් කරමින් පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ අඩු පීඩන කලාපයක් බවට පත්ව දිවයිනෙන් ඉවතට ගමන්කර ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . ඒ අනුව අද දිනයේ සිට දිවයිනේ කාලගුණයට ඉන් එල්ලවන බලපෑම අඩුවනු ඇති බවට අපේක්ෂා කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා . මේ අතර අද දිනයේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි . එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

තව කියවන්​න

ප්‍රවීණ ගේය පද රචකයෙකු වූ මාධ්‍යවේදී තිස්ස ඩයස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ මහතා මියයන විට 64 හැවිරිදි වියේ පසුවුණා . එච්.ආර්. ජෝතිපාලයන් විසින් ගැයූ මේ නොනිමෙන දිවි ගමනේ, පුංචි දෝණි තරහා වෙලා, පියාණෙනි මා ඔබේ පුතු වී වැනි අතිශය ජනප්‍රිය ගීත රැසක් රචනා කර තිබෙනවා . ඒ මහතාගේ දේහය අද රුක්මල්ගම පිහිටි නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කරනු ඇති. දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන ඉරිදා පන්නිපිටිය ක්‍රිස්තුරාජ දේවස්ථාන සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි .

තව කියවන්​න

දිවයිනට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඩ්, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව චීන විදේශ අමාත්‍යාංශය පවසනවා. පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී ඇය සඳහන් කළේ, චීනයෙන් මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ලද යෝජනා ප්‍රමාණවත් නොවන බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මෙම අසීරු මොහොතේ ලබාදිය හැකි උපරිම දායකත්වය චීනය විසින් ලබා දී ඇති බව එරට විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක මාඕ නිං සඳහන් කළා. චීන එක්සිම් බැංකුව ලිඛිතව ශ්‍රී ලංකාවේ ණය ස්ථාවරත්වය වෙනුවෙන් ලබාදිය හැකි සහනය දැනුම් දී ඇති අතර, ලක් රජය ඊට ස්තුතිය ද පළ කර තිබෙනවා. තවදුරටත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය ලබාදීමට…

තව කියවන්​න

රජයේ නව බදු ප්‍රතිපත්තිවලට සහ විදුලිබිල ඉහල දැමීමේ සුදානමට එරෙහිව ජනතාව මේ වන විට පෙළ ගැසෙමින් සිටිනවා. ඊයේ දිනයේ ද ප්‍රදේශ රැසක ඊට එරෙහිව විරෝධතා ව්‍යපාර පැවැත් වුණා. විරෝධතාකරුවන් කියා සිටියේ සාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට රජය වහා කටයුතු කළ යුතු බවයි.

තව කියවන්​න

පළාත් සභා මැතිවරණය කොයි මොහොතේ හෝ කල් දැමීමට ආණ්ඩුව ක්‍රියාකරනු ඇති බවට සැකයක් පවතින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා. රට හමුවේ ඇති ප්‍රශ්නකාරී තත්වයට විසඳුම් ලබා දීමට කිසියම් පාර්ශවයකට වැඩපිළිවෙලක් ඇත්නම් පළාත් සභා මැතිවරණය වෙනුවට මහා මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයකට යොමු වීම සුදුසු බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

තව කියවන්​න