- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
2027 වන විට තායිවානය ආක්‍රමණය කිරීමට චීනය සූදානම් වන බව ඇමෙරිකාව පවසනවා. 2027 වන විට තායිවානය ආක්‍රමණය කිරීමට සූදානම් වන ලෙස චීන ජනාධිපති ෂී ජින් පින් හමුදාවට නියෝග කර ඇති බව ඇමෙරිකා CIA සංවිධානයේ අධ්‍යක්ෂ විලියම්ස් බර්න්ස් පවසනවා. චීන ජනාධිපතිවරයා නිකුත් කළ මෙම නියෝගය සම්බන්ධයෙන් තමන් හට තහවුරු කළ හැකි බුද්ධි තොරතුරු ලැබී ඇති බව විලියම්ස් බර්න්ස් පවසනවා.
කල්බදු සමාගම් සහ මුල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා . එහි දැක්වෙන්නේ මහමඟදී ජනතාව බිය වද්දමින් වාහන බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට නීතියෙන් කිසිඳු බලයක් නොමැති බවයි .
දකුණු කොරියාවේ හිටපු අධිකරණ අමාත්‍ය චෝ කුක් ට එරට අධිකරණයක් මගින් වසර 2ක සිර දඩුවම් නියම කර තිබෙනවා. ඒ, ඔහුගේ දරුවන් ප්‍රසිද්ධ පාසලකට ඇතුළත් කිරීම සඳහා ව්‍යාජ ලේඛන සකස් කිරීමේ චෝදනාවට අදාළවයි. ඔහුගේ මෙම විෂමාචාර ක්‍රියාව සම්බන්ධයෙන් එරට හිටපු ජනාධිපති මූන් ජේ යින්ගෙන් පසුගිය රජයට දැඩි දෝෂාරෝපණයක් එල්ලවූ අතර, ඉන් අනතුරුවයි ඊට අදාළව විමර්ශනයක් සිදු කෙරුණේ. එසේම හිටපු අධිකරණ අමාත්‍යවරයාට බලය අයුතු ලෙස භාවිත කිරීමේ චෝදනා ද එල්ලවී තිබෙනවා. ව්‍යාජ ලේඛන සකස් කිරීමේ සිද්ධියට අදාළව හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ බිරිඳ ද මීට පෙර බන්ධනාගාර ගත කෙරුණා.
අද දින සවස 3.00 සිට කොළඹ ආශ්‍රිතව මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලීසිය නිවේදනය කරනවා . හෙට දිනට යෙදී ඇති 75 වන ජාතික නිදහස් සැමරුම් උත්සවයට සමගාමීව අද දින කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙන සංස්කෘතික ප්‍රසංගයක් වෙනුවෙන් එම ප්‍රසංගය අවසන් වන තෙක් මෙලෙස අදාළ මාර්ග වසා තැබෙනු ඇති . එලෙස වසා තැබෙන මාර්ග වන්නේ, නිදහස් මාවත, නිදහස් වටරමුමෙන් නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීමමෙන්ම පදනම් පාර, ස්ටැන්ලි විජේසුන්දර මාවත හන්දියෙන් පදනම් මාවත දෙසට ඇතුළුවීමයි . මීට අමතරව ප්‍රේමකීර්ති ද අල්විස් මාවත, රූපවාහිනී සංස්ථාව සිට නිදහස් චතුරශ්‍රය දෙසට ඇතුළුවීම වසා දම තිබෙනවා .
දකුණේ ජනතාවට ආර්ථික නිදහස නොමැති වුවත් දේශපාලන නිදහස ලැබී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමානික්කම් මහතා පවසනවා. නමුත් උතුරේ ජනතාවට මෙතෙක් දේශපාලන නිදහස ලැබී නොමැති බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යම් රාසමානික්කම් මහතා මෙම අදහස් පල කළා. මේ අතර සමගි ජනබලවේගය කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මාධ්‍යවේදීන් කොළඹ නගරාධිපතිධූර අපේක්ෂක මුජිබර් රහුමාන් මහතාගෙන් විමසා සිටියා. ඔහු සඳහන් කළේ තම පක්ෂය 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එකඟ බවයි. කෙසේ වෙතත් මාධ්‍ය හමුවක් අමතමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමි ප්‍රකාශ කළේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට එරෙහිව ලබන…
“සැබෑ නිදහස කෝ” යනුවෙන් හෙට දිනයේදී විරෝධතා මාලාවක් පැවැත්වීමට කටයුතු කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා. ඒ සඳහා සහාය දැක්වීමට සියලු දෙනා කොළඹට එක්රැස් වන්නැයි එහි කැදවුම්කරු වසන්ත මුදලිගේ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් හා පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා. 75 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහ සියලු ශ්‍රී ලාංකික ජනතාවට සුබපැතුම් එක් කරමිනුයි ඇමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ. එක්සත් ජනපදයේ දේශපාලන කටයුතු පිළිබඳ උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ජනාධිපති කාර්යාලයේ දී පැවතී හමුවේදී එම සුබපැතුම් පණිවුඩය ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව සඳහන්. දෙරටේම ජනතාවගේ සාමකාමී, සමෘද්ධිමත් සහ සුරක්ෂිත අනාගතය වෙනුවෙන් එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන මිත්‍රත්වය සහ දැක්ම ශක්තිමත්ව ඉදිරියට…
2024 වසරේ ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය රටවල් 40ක් පමණ වර්ජනය කරනු ඇතැයි පෝලන්තය පවසනවා. රුසියාවේ සහ බෙලරුස් රාජ්‍යයේ ක්‍රීඩකයින්ට අවස්ථාව ලබා දුන්හොත් ඊට විරෝධය පල කරමින් මෙලෙස ඔලිම්පික් තරඟාවලිය වර්ජනය කිරීමට රටවල් රැසක් සුදානම් බවයි පෝලන්තය පවසන්නේ. යුක්රේනය මේ වනවිටත් රුසියාව සහභාගි වන්නේ නම් උලෙළ වර්ජනය කරන බව ප්‍රකාශ කර අවසන්. කෙසේ වෙතත් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සඳහන් කළේ, කිසියම් ක්‍රීඩකයෙකු ඔලිම්පික් උලෙළ වර්ජනය කරන්නේ නම්, දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කරන බවයි.
ප්‍රකෝටිපතියෙකු වන ගෞතම් අදානිගේ වත්කම අද දිනයේ ඩොලර් බිලියන 16කට ආසන්න අගයකින් පහත බැස තිබෙනවා. ආසියාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව සිටි ඔහුට මේ වන විට හිමිව ඇත්තේ එම දර්ශකයේ දෙවන ස්ථානයයි. ලොව පොහොසත් ලැයිස්තුවේ තුන්වන ස්ථානයේ සිටි ඔහුගේ ධනය – ඩොලර් බිලියන දහස් ගනනකින් පහත වැටීම හමුවේ මේ වන විට 22 ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා. අදානි සමූහ ව්‍යාපාරයට ගිණුම්කරණ වංචා සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඒ හේතුවෙන් එහි කොටස් මිල තවදුරටත් පහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ බැඳුම්කර මිලදී ගත් ගැණුම්කරුවන්ගේ එකතුවක් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලිපියක් යොමු කර තිබෙනවා. කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා වෙත එම සංගමය ලිපියෙන් දක්වා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත නැවත ප්‍රවේශ වීමට ඉඩ සලසන ප්‍රතිව්‍යුහගත කිරීමේ නියමයන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ කඩිනමින් හා ඵලදායී ලෙස සම්බන්ධ වීමට සූදානමින් සිටින බවටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය පහසුකම් වැඩසටහන සහ එහි නිශ්චිතව දක්වා ඇති ඉලක්ක වලට අනුකූලව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා සිය මෙහෙයුම් කමිටුව හරහා සම්බන්ධ වීමට සූදානම් බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222