- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
75 වන නිදහස් උළෙලට සමගාමිව ජනාධිපතිවරයා ජාතිය ඇමතීම පස්වරු 6.45 ට සිදු කිරීමට නියමිතයි. වෙනත් වසරවලදී නිදහස් උළෙල පවත්වන අවස්ථාවේදීම ජනාධිපතිවරයා ජාතිය ඇමතීම සිදු කරත් මෙවර උත්සවය සහ ජාතිය ඇමතීම කොටස් දෙකකට වෙන් කර පැවැත්වීම විශේෂත්වයක්. මේ අතර ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් උළෙල ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර දී අද පෙරවරුවේ පැවැත්වුනා. අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන් ද රාජ්‍ය නිලධාරීන්ද රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එමෙන්ම මෙම අවස්ථාවට පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ත මහත්මිය ඇතුළු විදෙස් රාජ්‍ය නියෝජිතයින් රැසක් ද එක වුනා. ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ උත්තමාචාර පෙළපාලි සහ සන්නද්ධ රථ පෙළපාලි වලින් සහ…
ශ්‍රී ලංකාවේ 75වැනි නිදහස් උළෙල ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලු මුවදොර දී අද පෙරවරුවේ පැවැත්වුනා. අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ මැති ඇමතිවරුන් ද රාජ්‍ය නිලධාරීන්ද රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එමෙන්ම මෙම අවස්ථාවට පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ත මහත්මිය ඇතුළු විදෙස් රාජ්‍ය නියෝජිතයින් රැසක් ද එක වුනා. ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ උත්තමාචාර පෙළපාලි සහ සන්නද්ධ රථ පෙළපාලි වලින් සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ පැරිෂුට් සංදර්ශනයකින් නිදහස් උළෙල වර්ණවත් කරනු ලැබුවා. එමෙන්ම ජාතික ගීය දමිල භාෂාවෙන් ගායනා කිරීමෙන් පසු නිදහස් උළෙල අවසන් වුනා. 75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය තබන සටහනක් මේ..
75 වන නිදහස් දින සැමරුම නිමිත්තෙන් සිරකරුවන් 588 දෙනෙකුට සහ රැඳවියන් 31 දෙනෙකුට අද ජනාධිපති සමාව ලබා දීමට නියමිතයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියා සිටියේ ඔවුන් අද දිනයේදී බන්ධනාගාරය තුළින් නිදහස් කරන බවයි. ඊට අදාළ චක්‍රලේඛය ද නිකුත් කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ . මේ අතර අද කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල දුම්රිය නතර නොකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. කොළඹ ගාලුමුවදොරදී නිදහස් උත්සවය පැවැත්වීම ඊට හේතුව බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ. මුහුදුබඩ මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය මගීන් ඒ පිළිබද අවබෝධයෙන් කටයුතු කළ යුතුවනවා.
මරදාන එල්ෆින්ටන් රගහල අසල සත්‍යග්‍රහයක නිරත වු පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය ඊයේ රාත්‍රියේ කදුලු ගෑස් සහ අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කළා. ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට විරෝධය පළකරමින් කොළඹදී අද සංවිධානය කර ඇති විරෝධතාවන්ට සහය දැක්වීමට ඊයේ පස්වරුවේ මෙම සත්‍යග්‍රහය ආරම්භ කර තිබුණා. පොලිස් කැරලි මර්දන කණ්ඩායම් පැමිණ එම පිරිස එලවා දැමීමට කටයුතු කිරීමත් සමග එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා.
ජාතික නිදහස් දින සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ අවට ආරක්ෂාව තරකර ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා පැවසුවේ රථවාහන රාජකාරී කටයුතු සදහා ද පොලිස් නිලධාරීන් වැඩි වශයෙන් යොදවා ඇති බවයි. නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වනවා. මේ ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා. මේ අතර 75 වන ජාතික නිදහස් සැමරුම් උළෙලට බාධා වන අයුරින් ගාලු මුවදොර සහ ඒ අවට ප්‍රදේශයට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ නියෝගය නිකුත් කර තිබෙනවා . කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ අධිකරණ නියෝගය නිකුත් කර ඇත්තේ . මෙම අධිකරණ නියෝගය කඩකරන පුද්ගලයින්ට එරෙහිව…
75 වන නිදහස් සැමරුමෙන් ඇරඹෙන නව ප්‍රතිසංස්කරණවාදී ගමන් මග 2048 වසරේ සමරන 100 වන නිදහස් දිනය දක්වා නොවෙනස් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත්කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සිය නිදහස් දින පණිවිඩය මගින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා. නවීන තාක්ෂණය සමග එක්ව තරගකාරී ලෝක ආර්ථිකයේ නව ඉසව් කරා අප කඩිනමින් පිය නැගිය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ආර්ථිකමය වශයෙන් අභියෝගාත්මක මේ කාලය තුළ වඩාත් ඉවසුම් සහගතව සහ අධිශ්ඨානශීලිව කටයුතු කරමින් නව ප්‍රතිසංස්කරණය වැඩපිළිවෙලට සහය වන ලෙසයි රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ. මේ අතර ජාතික නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද සුබ පැතුම් පණිවිඩයක් නිකුත්…
75 වන ජාතික නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. නමෝ නමෝ මාතා – සියවසකට පියවරක් යන්න මෙවර ජාතික නිදහස් දින සැමරුමේ තේමාවයි. කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන නිදහස් සැමරුම් උත්සවය අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි. ඉදිරි වසර 25 සදහා වන රජයේ ප්‍රතිසංස්කරණවාදී ගමන් මග ප්‍රකාශයට පත් කිරීම ද මෙහිදී සිදු කෙරෙනු ඇති. 75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය තබන සටහනක් දැන්…..
අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ විදුලිය කප්පාදු කිරීම වැළැක්වීමේ අතුරු නියෝගයක් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීරණය ගනු ලැබුවා. මානව හිමිකම් කොමිසම විසින් විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ අපහාස පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව එම නියෝගය කළ විනිසුරු මඩුල්ල වැඩිදුර සලකා බැලීම ලබන 07 වනදා සිදු කරන බවයි නියෝග කර ඇත්තේ. මේ අතර මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයින් දෙදෙනෙකුද සිය තනතුරුවලින් ඉල්ලා අස් වී තිබෙනවා. ඒ අනුව එහි සාමාජිකයින් ලෙස…
මහා මාර්ග අමාත්‍යාංශය යටතේ මෙතෙක් මුදල් ගෙවා නොමැති කොන්ත්‍රාත්කරුවන්ගේ සියලු මුදල් සිංහල අලුත් අවුරුද්දට පෙර ගෙවා නිම කරන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. මග නැගුම, ඉදිකිරීම් හා යන්ත්‍රෝපකරණ සමාගම මගින් සිදු කළ මාර්ග ඉදිකිරීම් ව්‍යාපෘතිවලට සම්බන්ධ ගෙවීම් ප්‍රමාද වී තිබෙන ඉදිකිරීම් සමාගම්වල නියෝජිතයින් පිරිසක් සමග පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ඉදිකිරීම් ඇණහිටිමෙන් සහ හිඟ මුදල් නොලැබීම හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින ඉදිකිරීම් සමාගම්වලට ගෙවිය යුතු මුදල් ගෙවා අවසන් කිරීම සඳහා මහා භාණ්ඩාගාරය මඟින් රුපියල් බිලියන 11.6ක භාණ්ඩාගාර බැදුම්කරයක් ලබා දී තිබෙන බවයි. එය වට්ටම් කිරීමෙන් අනතුරුව සියලු…
පළාත් පාලන මැතිවරණයට දින නියම වීමත් සමඟ පක්ෂ විපක්ෂ දේශපාලන කරලිය දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ අලි පොහොට්ටු ආණ්ඩුව ගෙදර යවන සටනේ පළමු වෙඩි මුරය පළාත් පාලන මැතිවරණය බවයි. ජනතා ප්‍රශ්න විසඳන ආණ්ඩුවක් රට තුළ එක්වරක් හෝ නිර්මාණය කළ යුතු බවයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරන්නේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222