- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
මැතිවරණ කොමිසම විසින් රුපියල් මිලියන 770 ක මුදලක් ඉල්ලුම් කරමින් මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කර තිබෙනවා . ඒ පළාත් පාලන මැතිවරණයේ පෙබරවාරි මාසයට අදාළ කාර්යයන් සදහායි . අදාළ ලිපිය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කළ බව එම කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළා . රුපියල් බිලියන 10ක මුදලක් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා වැයවනු ඇති බවට ඇස්තමේන්තු ගත කර තිබෙනවා . පසුගියදා පාර්ලිමේන්තුවේ ද අනුමැතිය හිමි වුණේ එම මුදල මෙවර අයවැයෙන් වෙන් කිරීමටයි . මේ අතර ඊයේ දිනයේදීත් දේශපාලන වේදිකාවේ මැතිවරණය සම්බන්ධයෙන් විවිධ අදහස් පල වුණා . මේ එලෙස අදහස් පල කල රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ,…
මහජන උපයෝගීතා කොමිසමට නව සාමාජිකයෙකු පත් කර තිබෙනවා .ලෙස ඩග්ලස් නානායක්කාර මහතා පත් කර තිබේ. ජනාධිපතිවරයාගේ නිර්දේශ මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් මෙලෙස පත් කර ඇත්තේ ඩග්ලස් නානායක්කාර මහතාවයි . නව පත්කිරීමත් සමග කොමිසමේ ඝන පූර්ණය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් මතු නොවන බව ද මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කියා සිටියා . කෙසේ වෙතත් පසුගිය දා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මොහාන් සමරනායක සහ උදේනි වික්‍රමසිංහ යන මහත්වරුන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සාමාජිකත්වයන් ඉල්ලා අස් වීමටයි කටයුතු කලේ .
ලිට්‍රෝ ගෑස් මිල අද(05) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා. එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334කින් ඉහළ දැමෙන බවයි. ඒ අනුව මෙතෙක් රුපියල් 4409ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 4743ක්. කිලෝග්‍රෑම් පහක ගෑස් සිලින්ඩරය රුපියල් 134කින්ද කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 61කින්ද ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් පහක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1904ක් වන අතර කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 883ක් වන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.
තාක්ෂණ සහ නවෝත්පාදන වෙනුවෙන් ඉන්දු අමෙරිකා සබදතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බව අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා පවසනවා. විස්වාසවන්ත හවුල්කරුවන් ලෙස දෙරටේ නායකයින් කටයුතු කරන බවයි ඔහු පවසා ඇත්තේ. එමෙන්ම අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ පාලන කාලය තුල දෙරට අතර සබදතා තවදුරටත් ශත්තිමත් වු බව ඔහු පෙන්වා දෙයි. අමෙරිකාවේ ඉන්දීය තානාපතිවරයා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය මේ පිළිබද තොරතුරු වාර්තා කර තිබුණා.
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කල් දැමීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා. මෙම තීරණයට එළඹ ඇත්තේ ඊයේ බහරේන් හී දී පැවැති ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක කමිටු රැස්වීමේ දී යි . ඒ අනුව දීර්ඝ වශයෙන් මේ සම්බන්යෙන් තවදුරටත් සාකච්ඡා පවත්වා ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය පිළිබද අවසන් තීරණය ලබන මාසයේ දී පැවැත්වෙන විධායක කමිටු රැස්වීමකදී ගැනීමට ආසියානු ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා. අගෝස්තු සහ සැප්තැම්බර් මාසලවලදී මෙවර ආසියානු කුසලාන තරගාවලිය පැවැත් වීමටයි නියමිතව ඇත්තේ . මෙවර තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානය සතු වනවා . තරගාවලිය සදහා ඉන්දීය කණ්ඩායමට පාකිස්තානයේ සංචාරය කල නොහැකි බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පසුගිය…
මරදාන එල්ෆින්ස්ටන් රගහල අසල සත්‍යග්‍රහයට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන් දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. පසුගිය 03 වන දා රාත්‍රියේ මෙම සත්‍යග්‍රහය පැවති අතර ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කදුලු ගෑස් සහ ජල පහාර එල්ල කළා. පසුව එම ස්ථානයට පැමිණි බව කියන තවත් නාදුනන පිරිසක් විසින් සත්‍යග්‍රහයේ යෙදී සිටි පිරිසට පහරදී තිබුණා.
ඉදිරි සතිය තුල ව්‍යාකුල තත්වයකට මුහුණ දීමට සිදු වනු ඇති බව ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති ශෙහාන් සුමනසේකර මහතා පවසනවා. ඒ ගල්අඟුරු මිලදී ගැනීමට අවශ්‍ය මුදල් සපයාගැනීමට නොහැකිවුවහොත් බවයි ඔහු සදහන් කලේ. මේ හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීම අර්බුදයක් විය හැකි බවද ඔහු පෙන්වා දුන්නා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි සතිය වෙනුවෙන් පමණක් ගල් අඟුරු මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් මහ බැංකුවෙන් ලබාගැනීම සඳහා රුපියල් බිලියන 15 යි දශම 3ක මුදලක් කඩිනමින් සපයාගත යුතු බවයි. මේ ශෙහාන් සුමනසේකර මහතා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් පලකල අදහස්. මේ අතර නවම් පොහෝ දිනය යෙදී ඇති අද දිනයේ ද විදුලි කපාදුව සිදු වනු…
ආර්ථිකය ශක්තිමත් කර ගැනීමෙන් පමණක් සෑහීමකට පත් විය නොහැකි බවත් සමස්ත ක්‍රමයේ වෙනසක් සිදු කල යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා . ජනාධිපතිවරයා මේ බව පැවසුවේ 75 වන නිදහස් දිනයට සමගාමිව ජාතිය අමතා ඊයේ පස්වරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් . එහිදී වැඩි දුරටත් අදහස් පල කල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ උතුරු – නැගෙනහිර ප්‍රදේශ වල ජනතාව මුහුණ දෙන විශේෂිත ගැටළු සදහා කඩිනම් පියවර ගත යුතු බවයි . ජනාධිපති ධුරයට පත් වූ දා සිට තමන් විසින් ජනප්‍රිය තීන්දු නොගත් බවද ජනාධිපතිවරයා මෙහිදී සදහන් කළා . කෙසේ වෙතත් එම තීන්දු හේතුවෙන් මෙරට ජනතාව මුහුණ දුන් පිඩාකාරී තත්වයෙන් මුදවා ගැනීමට…
වසරේ දෙවන පුර පසළොස්වක පොහොය දිනය වන නවම් පුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා . මේ වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය ඒ වෙනුවෙන් සැකසූ විශේෂාංගයක් .
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පෙර සූදානමක් ලෙස මැතිවරණ කොමිසම විසින් ඊට අදාළ දූරකථන අංක නාමාවලියක් නිකුත් කරනු ලැබුවා. එම දූරකථන අංක නාමාවලිය මගින් දිස්ත්‍රික් මැතිවරණ අවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථාන සම්බන්ධ කරගත හැකියි. රාජගිරියේ පිහිටි මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ දූරකථන අංකය සහ දිස්ත්‍රික්ක 25ට ම අදාළ දූරකථන අංක මෙම නිවේදනය මගින් නිකුත් කර තිබෙනවා. ඊට අදාල් දුරකථන අංක පහතින් දැක්වේ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222