- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
ATM යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේදී ඒ පිළිබඳ තම ප්‍රදේශයේ පොලිසියද දැනුවත් කරන ලෙස පොලිස් මූලස්ථානය බැංකු හා මූලය ආයතනවලින් ඉල්ලා සිටිනවා. එම කටයුතු විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ ක්‍රියාත්මක කෙරන්නේ නම් එම යන්ත්‍රවල පවතින මුදල් එවන් අවස්ථාවල පැහැර ගත නොහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා අවධාරණය කළේ. කුරුණෑගල, දුම්රිය පොළ ඉදිරිපිට රාජ්‍ය බැංකුවට අයත් ATM යන්ත්‍රයකින් පසුගිය සිකුරාදා පෙරවරුවේ මුදල් කොල්ල කා තිබුනේ ATM යන්ත්‍රය අලුත් වැඩියා කිරීමට පැමිණි පිරිසක් ලෙස පෙනී සිටි මංකොල්ලකරුවන් කණ්ඩායමක් විසින්. ඒ පිළිබඳ කරුණු දක්වමින් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පෙන්වා දෙන්නේ ආයතනික මට්ටමින් විධිමත් ක්‍රමවේදයක් සකස් කර ගත යුතු…
තායිලන්තයේ රැකියා ලබා දෙන බව පවසමින් ශ්‍රී ලාංකිකයින් සංචාරක වීසා මත ලාඕසයට රැගෙන ගොස් අතරමං කර මුදල් වංචා කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා., ඒ අම්බලන්තොට ප්‍රදේශයේදී. විදේශ සේවා නියුක්ති කාර්යාශයේ විශේෂ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ නෝනාගම,වැලිපටන්විල පදිංචි අයෙක්. ජාවාරමට සම්බන්ධ තවත් අයෙකු පලා ගොස් තිබුනා. එම සැකකරු මෙවර පලාත් පාලන මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයෙන් අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටින අයෙක් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාශයේ විමර්ශන නිලධාරීන් පවසන්නේ. ප්‍රධාන සැකකරු හම්බන්තොට දිසා මහේත්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කීරීමෙන් පසු ලබන 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අධිකරණය විසින් සැකකරුට නියෝග කර ඇත්තේ දැනට ලාඕසයේ අතරමං වී සිටින ශ්‍රි…
පරිසරය සම්බන්ධයෙන් වූ ක්‍රියාකාරී සැලැස්ම මේ වනවිටත් සකස් කරමින් සිටින අතර වසර 2050 වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් කරා ගෙන යාමේ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති “හරිත වර්ධන මාවතකට ශ්‍රී ලංකාව ගෙන යාම වේගවත් කිරීම සඳහා වූ උපාය මාර්ග සහ ක්‍රියාමාර්ග පිළිබඳ ඉහළ පෙළේ සාකච්ඡාවට” එක්වෙමින් පරිසර අමාත්‍යාංශය සහ ගෝලීය හරිත වර්ධන ආයතනය විසින් මෙය සංවිධානය කර තිබුනා. මෙම අවස්ථාවට ගෝලීය හරිත වර්ධක ආයතනයේ සභාපති සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහ ලේකම් බෑන් කී මූන් මහතාද එක්ව සිටියා. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන්…
භූ කම්පන කිහිපයකින් බලපෑම් එල්ල වූ තුර්කියේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහාය දීමට ශ්‍රී ලංකාව ද ඉදිරිපත්ව තිබෙනවා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංග මහතාගේ උපදෙස් අනුවයි. මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් තුර්කි විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත දැනුම්දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. තුර්කි භූ කම්පනයෙන් මිය ගිය ගණන 3,500 ආසන්නයට පැමිණ තිබෙනවා. ගිනිකොනදිග තුර්කියේ සිරියාවේ දේශසීමා ආසන්නයේ ඊයේ හටගත් කම්පනය රිච්ටර් ඒකක 7.8 ක් ලෙස සටහන්ව තිබුනා. ඉන් විනාඩි 11ක් ගතවන මොහොතේ වාර්තා වූ පසු කම්පනය සටහන්ව ඇත්තේ ඒකක 6.7ක් ලෙසින්. සහන කටයුතු ක්‍රියාත්මක වන අතරතුර ඊයේ පස්වරු කාලයේද තුර්කියට තවත් ප්‍රබල භූ කම්පනයකින්…
පර්ලිම්නේතුවේ නව සැසි වාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරන කරන රාජාසන කථාව වර්ජනය කිරීමට සමසථ් විපක්ෂයම තීරණය කර තිබෙනවා. ප්‍රධාන විපක්ෂය වන සමඟි ජනබලවේගය ඇතුඵව විපක්ෂයේ සෙසු පක්ෂ ද මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නෙ.් ඊයේ දිනයේ සමඟි ජනබලවේගය මෙම රාජාසන කථාව වර්ජනය කරන බවට ප්‍රකාශයට පත් කළා. එමෙනම් අද දිනයේ එකස් ත් ජනතා නදි හස් සන්ධානය ද එය වර්ජනය කරන බවයි ජී.එල්. පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් සහ දකුණු කොරියාවේ විදේශ කටයුතු අමාත්‍ය පාක් ජින් අතර දුරකතන සංවාදයක් සිදුව තිබෙනවා. එහිදී ඔවුන් වසර 50 ක් සම්පූර්ණ වන ඉන්දු – දකුණු කොරියානු රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එමෙන්ම මෙම වසරේදී ඉන්දියාවේ පැවැත්වෙන ජි 20 සමුළුවේ විදේශ අමාත්‍යවරුන්ගේ හමුවේදී දකුණු කොරියානු විදේශ අමාත්‍යවරයා පිළිගැනීමට අපේක්ෂාවෙන් සිටින බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී සදහන් කර තිබෙනවා. එමෙන්ම කලාපීය හා ගෝලීය අර්බුද සම්බන්ධයෙන් මෙන්ම ඉන්දු පැසිෆික් කලාපයේ සාමය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද දෙපාර්ශවය විසින් සාකච්චා කර තිබෙනවා
අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල ඉහළ දමා තිබෙනවා. ඒ අනුව කිලොග් ෑ්‍ර ම් 12.5ක ගෑස් සිලිනඩ් රයක් රුපියල් 200කින් ඉහළ යන බවයි එම සමාගම පැවසfු ව්. ඒ අනවු එහි නව මිල රුපියල් 5280ක් වනවා. කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපයි ල් 80කින් ඉහළ යන අතර එහි නව මිල වනf් න් 2112ක්. එමෙනම් කිලෝග්‍රෑම් 2ක ගෑස් සලි ින්ඩරයක් රුපියල් 32කින් ඉහළ යනු ඇති. එහි නව මිල වනf් න් රුපියල් 845ක්. ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ යෑම හෙත් ුවෙන් මෙම ඉහළ දැමීම සදුි කළ බවයි ලාෆ් ගෑස් සමාගම පැවසුවේ. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන…
ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙකු අතරින් එක් අයෙකුට පමණක් භූ කම්පනයෙන් බලපෑම් එල්ල වී ඇති බවට සැකපළකරන බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා . ශ්‍රී ලංකා තානාපතිනී හසන්ති උරුගොඩවත්ත මහත්මිය පැවසුවේ භූ කම්පනය සිදු වූ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් 9 දෙනෙක් සිටි බවත් ඉන් 8 දෙනෙකු මේ වනවිට සම්බන්ධ කරගෙන ඇති බවයි .
අප්‍රිකාවේ කුසගින්නෙන් පෙලෙන පුද්ගල සංඛ්‍යාව මිලියන 249 දක්වා ඉහල ගොස් තිබෙනවා. කෙසේ වෙතත් අප්‍රිකානු සංවර්ධන බැංකුව පවසන්නේ 2050 වන විට ලොව බිලියන 9ක පමණ ජනතව පෝෂණය කල හැකි ආකාරයේ වගා කල හැකි ඉඩම් විශාල ප්‍රමානයක් අප්‍රිකාව සතුව ඇති බවයි. එසේ වුවද අප්‍රිකාව වාර්ෂිකව ඩොලර් මිලියන 75කට ආසන්න ආහාර ටොන් මිලියන 100කට වඩා ආනයනය කරුණු ලබනවා. වගා කල හැකි ඉඩම් හෙක්ටයාර මිලියන 400ක් පමණ අප්‍රිකාව සතු බව ට ඇස්තමේන්තු කර ඇති බවයි නවතම වාර්තා අනාවරණ කළේ
පයාගල මුහුදේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්ව තිබෙනවා. රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇත්තේ මස්කෙළිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්. ඔහු තවත් තරුණයින් දෙදෙනෙකු සමග දියනෑමට පැමිණ සිට ඇති බවයි පොලිසිය පැවසුවේ. මේ අතර හලාවත, මෝයකට ආසන්නයේ දිය නෑමට ගිය තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබුනා. පොලීසිය සඳහන් කළේ 35 හැවිරිදි පියෙකු, අවුරුදු 6 ක දියණියක් සහ 7ත් හැවිරිදි ඥාති පුත්‍රයෙකු මියගොස් ඇති බවයි. මීගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පිරිස හලාවත ඥාති නිවසකට පැමිණ ඇති අතර ඔවුන් 9 දෙනෙකු යාත්‍රාවකින් මෝයකට ආසන්නයට පැමිණ ඇත්තේ දිය නෑම සඳහායි. පිරිස දිය නාමින් සිටි අවස්ථාවේ රළ පහරකට හසුව ඇති අතර බේරාගත් කාන්තාවක් සහ දරුවෙකු රෝහල්ගත කෙරුනා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222