Author: VNews

ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ඉන්දියාව සහ ඇමෙරිකාව තීරණය කර තිබෙනවා. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් අතර පැවති හමුවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්ව තිබෙන බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකවරයාගේ ඇමෙරිකානු සංචාරයට සමගාමීව මෙම හමුව පවත්වා තිබෙනවා. ඉන් අනතුරුව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ගෝලීය සහ කලාපීය ගැට`ඵ රැසක් සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු වූ බවයි.

තව කියවන්​න

සුනඛයින්ට ලබා දෙන ජලභීතිකා එන්නත් හිඟයක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ඒ හේතුවෙන් එම සතුන් සපාකෑම්වලින් හැකිතාක් දුරට ප්‍රවේශම් වන ලෙසයි ජනතාවගෙන් ඉල්ලීමක් කළේ. මේ වන විට ජලභීතිකා මරණ ඉහළ ගොස් ඇති බව ද එම සංගමය පෙන්වා දෙනවා.

තව කියවන්​න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමස්ත ලංකා කාරක සභාව කැඳවීමේ සූදානමක් පවතින බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එය මේ මස 11 වන දා කැඳවීමට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ. පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 14 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර ඉන් 9 දෙනෙකු දැනටමත් වෙන්ව කටයුතු කරනු ලබන අතර ආණ්ඩුවට සහය පළ නොකරන මන්ත්‍රීවරුන් 5 දෙනා අතර යම් බෙදීමක් හටගෙන ඇති බවද සඳහන්. අමාත්‍ය ධුර භාරගත් රංජිත් සියඹලාපිටිය, මහින්ද අමරවීර, නිමල් සිරිපාලද සිල්වා, ලසන්ත අලගියවන්න, චාමර සම්පත් දසනායක, සුරේන් රාගවන්, ශාන්ත බණ්ඩාර, ජගත් පුෂ්පකුමාර මෙන්ම නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක…

තව කියවන්​න

නැගෙනහිර සහ ඌව පළාත්වලත් විටින්විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එමෙන්ම උතුරු මැද පළාතේත් මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි අතර, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකියි . දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද සඳහන්. කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

තව කියවන්​න

ව්‍යවස්ථාදායක සභාව අද යළි රැස්වීමට නියමිතව තිබෙනවා. එහිදි කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරිමේ නව ක්‍රමවේදය පිළිබඳ අවධානය යොමු කිරීමට නියමිතයි. පෙබරවාරි මස පළමු වැනිදා සිට පෙබරවාරි මස 15 වනදා දක්වා කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත් කර ගැනීමට අවස්ථාව සලසා දීමට පළමු රැස්වීමේ දි තීරණය වුණා. ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම සඳහා ද සාමාජිකයෙකු යෝජනා කර ඇති අතර ඊට අදාළ යෝජනාව ද අද දිනයේදී සාකච්ඡාවට ගැනීමට නියමිත බව සඳහන්.

තව කියවන්​න

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු පුහුණු තරගයෙන් තියුණු ජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්වුනා. ඒ ලකුණු 2කින් අයර්ලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 149ක් රැස්කර ගනු ලැබුවා. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 56යි. පන්දු 46කදී ගොඩනැගූ ඇයගේ ඉනිමට හතරේ පහර 7ක් ඇතුළත්. විශ්මි ගුණරත්න පන්දු 34කදී හතරේ පහර 4ක් සමග ලකුණු 36ක් රැස්කලා. චමරි අතපත්තු පන්දු 23කදී ලකුණු 27යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයේ බලාපොරොත්තු සුනුවිසුණු කළ ඕෂධී රණසිංහ ලකුණු 22කට කඩුලු 3ක් දවාගත් අතර ඉනෝකා රණවීර ලකුණු 26කට කඩුලු 3ක් දවාගත්තා.

තව කියවන්​න

75 වන නිදහස් උත්සවයට සමගාමීව ජාතික තරුණ චිත්‍රපට උළෙලක් සංවිධාන කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ජාතික තරුණ වේදිකාව වැඩසටහන යටතේ එය ක්‍රියාත්මකයි. අපේ අලුත් කතා යන තේමාවෙන් ජාතික තරුණ චිත්‍රපට උළෙල අගෝස්තු මාසයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර ජාතික තරුණ කෙටි චිත්‍රපට තරගයක් ද පැවැත්වෙනවා. පාසල් සහ වයස අවුරුදු 18 ත් 27ත් අතර කාණ්ඩයට එය විවෘත කෙරෙනු ඇති. මෙම තරගයට කෙටි චිත්‍රපට භාරගැනීම ලබන 20 වනදා ආරම්භ කෙරෙනවා. අන්තර්ජාලය හරහා නිර්මාණ ඉදිරිපත් කිරීමට ද අවස්ථව පවතින බවයි සංවිධායකයින් සඳහන් කළේ. මෙම කෙටි චිත්‍රපට විනිශ්චයට ලක් කෙරෙනු ලබන්නේ නව පරම්පාරවේ සිනමාකරුවන් විසින්. ජනාධිපති මාධ්‍ය අංශය සදහන්…

තව කියවන්​න

ජිවිතාරක්ෂක ඖෂධ එන්නත් තොගයක් මුකුල් මාධව් පදනම හා එක්සත් රාජධානියේ ඉන්දීය සම්භවයක් සහිත විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් එක්ව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කරනු ලැබුවා. අඩු රුධිර පීඩනය සහ කම්පනය සඳහා භාවිතා කරන එන්නත් 140,000 ක් හා නිර්වින්දන හා ප්‍රතිවිෂ ඖෂධ 150,000 ක් ඊට ඇතුලත්. ශ්‍රී ලංකාව මුහුණ පා තිබෙන වත්මන් අභියෝග හමුවේ මෙවැනි හදිසි අවස්ථාවකදි මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහයෝගය ලබාදීමට එක්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙහිදී ප්‍රසාදය පළ කරනු ලැබුවා. මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා ජිවිතාරක්ෂක ඖෂධ වර්ග 14ක් අවශ්‍ය බවත් , එම ජිවිතාරක්ෂක ඖෂධ සියල්ල මේ වනවිට මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ පවතින බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් සමාජයේ යම් අවිනිශ්චිතතාවක් නිර්මාණය වී තිබෙනවා. ඒ මැතිවරණය නොපැවැත්වෙනු ඇති බවට ඇතැම් පාර්ශව විසින් කරනු ලබන ප්‍රකාශ හේතුවෙන්. කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පිරිස් මහතා පවසන්නේ සැකයකින් තොරව මාර්තු 9 වනදා මැතිවරණය පැවැත්වෙන බවයි. පොදු ජන පෙරමුණු මහ ලේකම් සාගර කාරියවසම් මහතාද ඒ පිලිබඳ කරුණු දක්වා සිටියේ ජන හමුවක් අමතමින්. ජනතා විමුක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ති ආචාර්ය හරිණි අමරසුරිය මහත්මිය සඳහන් කළේ මැතිවරණය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් ඇති කර නොගන්න ලෙසයි. මේ පිලිබඳ කරුණු දක්වමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ මැතිවරණය නොපැත්විමටද යම් හේතු සාධක මුලික විය හැකි බවයි.

තව කියවන්​න

තුර්කි සහ සිරියානු භූකම්පාවලින් මිය ගිය ගණන 4,300 ඉක්මවා තිබෙනවා. බොහෝ ප්‍රදේශවල මුදා ගැනීමේ සහන මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. තුවාල ලබා ඇති සංඛ්‍යාව මේ වන විට 15 දහස ඉක්මවා තිබෙනවා. මෙහෙයුම් කටයුතු වර්ෂා තත්වයක් හමුවේ අඩාල වී ඇති බවද සඳහන්. මේ වන විටත් ජාත්‍යන්තර ආධාර තුර්කියට හිමිව ඇති අතර ඕස්ට්‍රේලියානු රජය පැවසුවේ මානුෂීය සහන වෙනුවෙන් ඩොලර් මිලියන 10 ක ආධාර ලබා දෙන බවයි. ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වන නවසීලන්ත අගමැති ක්‍රිස් හිප්කින්ස් ද තම රජය ඩොලර් මිලියන 1.5 ක ආධාරයක් ලබාදෙන බව ප්‍රකාශ කළා.

තව කියවන්​න