- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සඳහා සකස් කර ඇති කෙටුම්පත් ගිවිසුමට නීතිපතිවරයාගේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එකඟතාව ලැබී තිබෙන බව සඳහන්. බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව තිබෙනවා.
රට තුළ ඩොලර් අර්බුදයක් නොමැති බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා. ඔහු සඳහන් කළේ රට තුළ ඩොලර් අර්බුදයක් පවතින බවට රජය සිදු කරන ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළා. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව සිදු කරන ගනුදෙනු සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා අදහස් පළ කළා.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් ලබා දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදු කරන ලද ඉල්ලීමට භාණ්ඩාගාර ලේකම්වරයා නිසි ප්‍රතිචාරයක් ලබා නොදෙන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරන බව එම කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, පොලිස්, තැපැල් දෙපාර්තමේන්තු ඇතු`ඵ මැතිවරණයකදී දායකත්වය ලබා දෙන ආයතන අත්තිකාරම් මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කර තිබෙනවා. එම ඉල්ලීම්වලට අනුව මූලික වියදම් සඳහා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් රුපියල් මිලියන 770ක් ඉල්ලා තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළා.
ආදීවාසින්ගේ අනන්‍යතාවය තහවුරු වන දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරන බව ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසනවා. එමෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ප්‍රදේශ කිහිපයකින් ස්වාධීන කණ්ඩායමක් ලෙස වෙනම ඉදිරිපත් වන බවට ඔහු සඳහන් කර තිබෙනවා. මේ අතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ද අදහස් පළ කළා.
තුර්කියේ සහ සිරියාවේ භූ කම්පනයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ශෝකය පළ කර තිබෙනවා. ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ එරට ජීවිත හා දේපළ හානි දැකීමෙන් තමා දැඩි කම්පනයට පත් වූ බවයි. එමෙන්ම විපතට පත් වූ ජනතාව වෙනුවෙන් නැගී සිටින බවත් ඔහු සඳහන් කර තිබෙනවා. මේ අතර විපක්ෂ නායකවරයා එම ට්විටර් පණිවිඩයෙන් තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබා දීමට සූදානමින් සිටින බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පොදු සමාව යටතේ නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද විභාගයට ගැනීමට නියමිතයි. ප්‍රීතිපද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම් කැඳවීමට නියමිතව තිබෙනවා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ බිරිඳ, දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා. මේ අතර හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට අද කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දී තිබෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි…
වර්ෂාව හේතුවෙන් වී වගාවට හානි සිදු වී ඇත්නම් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට දැනුම් දෙන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අක්කරයකට රුපියල් හතලිස් දහස බැඟින් වන්දි ලබා දීමට නියමිතයි. එමෙන්ම හෙක්ටයාර් එකකට රුපියල් ලක්ෂය බැඟින් වන්දි ලබා දීමට ද තීරණය කර ඇති බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පැවසුවේ. මේ අතර රක්ෂණය ලබාගන්නේ නම් වන්දි වශයෙන් ලබාදෙන රුපියල් හතලිස් දහසට අමතරව තවත් රුපියල් හැටදහසක මුදලක් ලබා ගැනීමට ගොවි ජනතාවට හැකියාව ලැබෙනු ඇති. මේ අතර පවතින ලද මිල වෙනස් කර ඇසුරුම් කරන ලද පොහොර වැඩි මුදලට අලෙවි කළ සහ බෙදාහැරීමට සූදානම් කළ පුද්ගලයින් තිදෙනෙකු…
පවතින ලද මිල වෙනස් කර ඇසුරුම් කරන ලද පොහොර වැඩි මිලට විකිණීම සහ බෙදාහැරීමට සූදානම් කළ පුද්ගලියන් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකා අම්පාර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අම්පාර පාරිභෝගික සේවා අධිකාරී නිලධාරී කන්ඩායමක් සමග ඒකාබද්ධව දමන, ගල්ඔය වැවිලි සමාගමේ හිඟුරාන කලාපයේ එක්ගල්ඔය උප කාර්යාලයේදී කරන ලද වැටලීමකදීයි. පොලිස් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් මත අම්පාර කඳවුරේ අණදෙන නිලධාරී පුධාන පොලිස් පරීක්ෂක චන්දන මහතාගේ මෙහයවීම මත දෙවන කඳවුර අණදෙන නිලධාරී පොලිස් පරීක්ෂක ටී.බී.ආර්.පී. සිරිවර්ධන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන…
දැනට ක්‍රියාත්මක විශාල සේවක පිරිසක් සහිත මහා පරිමාණ ව්‍යාපෘති කාර්යාල 55ක් වසා දැමීමට රජය තීරණය කර තිබෙනවා. ව්‍යාපෘති කාර්යාල සහ ව්‍යාපෘති කළමනාකරණ ඒකක සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් එම තීරණය ගත් බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට දැනුම් දෙමින් ඔහු මේ බව සඳහන් කළා. මේ අතර සේවක භාර අරමුදල් පනතට සංශෝධන හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ බවයි බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ.
ඕස්ටේ්‍රලියාවේ හිටපු ක්‍රිකට් නායක ආරොන් ෆ්‍රින්ච් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා. ඔහු පසුගිය වසරේදි එක් දින තරඟවලින් ද ඉවත් වීමට පියවර ගෙන තිබුණා. 2024 වසරේ පැවැත්වෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය තෙක් තමන්ට ක්‍රීඩා කිරීමට නොහැකි බැවින් මෙම තීරණය ගත් බවයි අරොන් ෆ්‍රින්ච් පවසා ඇත්තේ. ඔහු වසර 12ක් ඕස්ටේ්‍රලියානු කණ්ඩායම නියෝජනය කර තිබුණා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222