- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
වැසි වාර කිහිපයක් නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද දිනයේ ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා . එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි . අකුණු මඟින් සහ ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ .
2023 කාන්තා පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන පුහුණු තරගය අද පැවැත්වෙනවා . ඒ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමගයි . දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 06.00 ආරම්භ වනවා. පසුගිය 6 වනදා මෙරට ක්‍රීඩිකාවන් මුහුණ දුන් පළමු පුහුණු තරගය පැවතී අතර එහිදී අයර්ලන්තය පරදා ලකුණු 2 ක තියුතු ජයක් වාර්තා කිරීමටයි මෙරට ක්‍රීඩිකාවන් සමත් වුණේ .
ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී වැඩසටහන් සම්බන්ධයෙන් සෑහීමට පත්වන බව ගෝලීය හරිත වර්ධන කවුන්සිලයේ සභාපති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් මහතා පවසනවා. අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේ ඔහු සඳහන් කළේ මෙරට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය, පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය, සූර්ය පැනල මගින් විදුලි උත්පාදන ව්‍යාපෘති සහ සූර්ය පැනල මගින් වීදි ලාම්පු ක්‍රියාත්මක කිරීමේ ව්‍යාපෘති සම්බන්ධයෙන් සහයෝගය ලබාදෙන බවයි. ශ්‍රී ලංකාවේ ඉදිරි අවුරුදු දහයක කාල රාමුවක් තුළ ක්‍රියාත්මක කෙරෙන නව බලශක්ති සැලැස්ම අග්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී බැන් කී මූන් මහතා වෙත පිරිනමනු ලැබුවා.
13 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව 5000ක් මහා සංඝරත්නය අද දිනයේ දී කොළඹට වැඩමවීමට නියමිත බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් උන් වහන්සේ කියා සිටියේ, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉඩම් බලතල සහ පොලිස් බලතල ලබා දීමෙන් රට දෙකඩ වෙන්නෙ නොමැති බව පවසනවා නම් තමන් ඔවුන්ට එම යථාර්ථය අවබෝද කරදීම පිණිස සුදානම් බවයි . අදින් ආරම්භ වන සටන මුළු රට ම එක මිටට ගෙන 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙළගස්වන බව ද උන්වහන්සේ එහි දී වැඩිදුරටත් පැවසුවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද උදෑසන 8.00 සිට සංකේත වැඩවර්ජනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා . ඒ අනුව රාජ්‍ය මෙන්ම පෞද්ගලික රෝහල්වල සේවයෙන් ද ඔවුන් ඉවත් වීමට නියමිතයි . කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ ශල්‍යකර්ම, හදිසි ප්‍රතාකාර, ළමා , මාතෘ ඇතුළු විශේෂ ප්‍රතිකාර සේවාවලින් ඉවත් නොවන බවයි . මෙම සංකේත වැඩවර්ජනය පවත්වන්නේ පවතින ඖෂධ හිගය මෙන්ම රජයේ වත්මන් බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා . මිට අමතරව අද දිනයේ දී විදුලිය ,ජලය ,වාරය ඇතුළු වෘත්තීය ක්ෂේත්‍ර රැසක් විරෝධතා මාලාවක් සංවිධානය කර තිබෙනවා . මේ ඒ සම්බන්ධව අදහස් පල කල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…
නව වන පාර්ලිමේන්තුවේ සිව් වන සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කිරීමට නියමිතයි . ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථා ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට පෙරවරු 10 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත වනවා . නව වන පාර්ලිමේන්තුවේ සිව් වන සභා වාරය විවෘත කිරීමේ අවස්ථාවට විදෙශ් රාජ්‍ය තාන්ත්‍රිකයින් , හිටපු ජනාධිපතිවරුන් ,අගවිනිසුරු , නීතිපති , ආරකෂක ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරු සහ පොලිසපතිවරයා අතුළු පිරිසට ආරාධනා කර තිබෙනවා . මේ අතර පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ කරන අවස්ථාවට සහභාගී නොවීමටයි විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් තීරණය කර ඇත්තේ . ඒ අනුව සමගි ජන බලවේගය , ශ්‍රී…
හෝමාගම මූලික රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්ඩලයෙන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව හෝමාගම මූලික රෝහල මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම සඳහා මෙලෙස අනුමැතිය හිමි වී ඇති බව සඳහන්.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අපහාස කළේ යැයි එම කොමිසම විසින් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඇතු`ඵ පාර්ශව කිහිපයකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අද සලකා බැලුණා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණ කරනු ලැබුවේ එය විභාග කිරීම සඳහා නොතිසි නිකුත් කරන්නේද නැද්ද යන තීරණය පසුවට කල්තබන බවයි. ගාමිණි අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පැවති කරුණු සලකා බැලීම අවසන් වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා තමන්ට එරෙහිව ගොනු කරන ලද චෝදනා…
තුර්කිය සහ සිරියාව අතර හටගත් භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 5000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. තුර්කියේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3419ක් ලෙස තහවුරු කර ඇති අතර සිරියාවේ මරණ 1602ක් තහවුරු වී ඇති බව සඳහන්. එමෙන්ම දෙරටේම තුවාල ලැබූ සංඛ්‍යාව 2500කට අධික බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මේ අතර මෙම භූ කම්පනයේදී තවත් සංවේදී පුවතක් විදෙස් මාධ්‍ය විසින් අද අනාවරණය කළා. ඒ සුන්බුන් අතර සිරවී සිටි ගැබිණි මවක් දරුවෙකු ප්‍රසූත කර මිය යාමක් පිළිබඳවයි. එක් වරම දරුවෙකු හඬන ශබ්දය ඇසීමෙන් ක්‍රියාත්මක වූ සහන කණ්ඩායම් සුන්බුන් මැද සිරවී සිටි අලුත උපන් බිළිදෙකු සහ මවක් සොයා ගත් අතර දරුවා…
සමගි ජන බලවේගය පක්ෂය සහ ඩලස් කණ්ඩායම හෙට පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් සමගි ජන බලවේගය පක්ෂය සමග සන්ධාන ගතව සිටින දේශපාලන පක්ෂ බොහොමයක් එම උත්සවයට සහභාගිවීමට නියමිතයි . පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට සහභාගි නොවුණත් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ දෙදින විවාදයට සහභාගිවන බව ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම පැවසුවා. ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය ලබන 09 සහ 10 පැවැත්වේනවා. මේ අතර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයට දෙමළ ජාතික සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගී වන බව සදහන් . නවවැනි පාර්ලිමේන්තුවේ සිවුවැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙට පෙරවරු 10.00 ට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222