Author: VNews

ක`ඵතර පලාතොට ප්‍රදේශයේදී සහෝදරයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කීරීම සම්බන්ධයෙන් 14 හැවිරිදි බාල සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දහවල් අදාළ ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ. බහින් බස්වීමක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව තිබෙනවා. පහර කෑමෙන් මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි පුද්ගලයෙක්.

තව කියවන්​න

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 8 000කට ආසන්න බව විදෙස් මාධ්‍ය පවසනවා. එම භූ කම්පනයෙන් 20 000කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති අතර ගොඩනැගිලි 11 000කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. එමෙන්ම ඇමරිකාව, බි්‍රතාන්‍ය, දකුණු කොරියාව, ඉන්දියාව, ඉරානය, ඉරාකය සහ ශ්‍රී ලංකාව ඇතු`ඵ ලොව පුරා රටවලින් ආධාර සහ සහන කණ්ඩායම් තුර්කියට පැමිණ සිටිනවා. මේ අතර අද දිනයේද තුර්කියට රික්ටර් මාපංක ඒකක 5.5ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදු වුණා. ප්‍රධාන භූ කම්පනයෙන් පසු තුර්කියේ දැනට සිදු වී ඇති පසු කම්පන සංඛ්‍යාව 120 ඉක්මවනවා. පවතින තත්ත්වය හමුවේ තුර්කියට දින 7ක ශෝක කාලයක්ද ප්‍රකාශයට පත් කිරීමටයි පියවර ගෙන…

තව කියවන්​න

පාර්ලිමේන්තුවේ නව සභා වාරය ආරම්භ කිරීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වූ අතර ඔවුන් දෙපළ පිළිගනු ලැබුවේ පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා විසිනුයි. මේ අනුව සම්ප්‍රදායානුකූලව ජයමංගල ගාථා ගායනාවෙන් මෙන්ම ජාතික ගීය ගායනා කරමින් ජනාධිපතිවරයා සහ කථානායකවරයා පිළිගනු ලැබුවා. මේ අතර නව වෙනි පාර්ලිමේන්තුවේ සිව් වන සැසි වාරය ආරම්භ කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශය ඪ ත්‍ඵ 107 ඔස්සේ ඔබට සවන් දිය හැකියි.

තව කියවන්​න

ඉකුත් වසරේ දී කුළුබඩු හා ඒ ආශ්‍රිත අගය එකතු කරන ලද නිෂ්පාදන අපනයනය කිරීමෙන් ශ්‍රි ලංකාව ඩොලර් මිලියන 455 ක ආදායමක් උපයා ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. කුරුදු, ගම්මිරිස්, කරාබු, සාදික්කා සහ කෝපි ඇතුලු කුළුබඩු මෙටි්‍රක් ටොන් 58,192ක් පසුගිය වසරේ අපනයනය කර කර ඇති බව සදහන් . පසුගිය වසරේ වැඩිම අපනයන ආදායමක් ලැබී තිබෙන්නේ කුරුදු භෝගයෙන් වනවා. එම අගය ඩොලර් මිලියන 217ක්.

තව කියවන්​න

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන් පැය 3කට ආසන්න කාලයක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල් සම්බන්ධයෙනුයි මෙම ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේ . පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවසට ගොස් එම ප්‍රකාශය සටහන් කරගෙන තිබූ බවයි .

තව කියවන්​න

ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සහ එංගලන්ත ලයන්ස් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන නිල නොලත් සිව් දින ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි . ඊයේ දිනය සදහා තරගය නතර කරන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා ඒ ක්‍රීඩකයින් කඩුළු 3 ක් දැවී ලකුණු 190 ක් ලබා සිටියා . එහිදී ලසිත් ක්රුස්පුල්ලේ නොදැවී ලබා සිටින ලකුණු සංඛාව 122 ක් . තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම් ක්‍රීඩකයින් පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා . තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා .

තව කියවන්​න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ තුර්කියේ ජනාධිපති අතර දුරකතන සාකච්ඡාවක් පැවැත්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා. එහි දී තුර්කියේ සිදුවූ භූ කම්පනයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මෙරට ජනාධිපතිවරයා තම කණගාටුව ප්‍රකාශ කිරීමටයි කටයතු කර ඇත්තේ . මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සහාය තුර්කියට හිමිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එරට ජනාධිපතිවරයාට ප්‍රකාශ කර තිබෙනවා . සඳුදා සිදු වූ ප්‍රබල භූමිකම්පා හේතුවෙන් දකුණු තුර්කියේ සහ උතුරු සිරියාවේ අනතුරට පත් වුවන් සොයා අකණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මකයි. දිවි ගලවා ගත් අය සොයා කෙරෙන සහන කටයුතු වර්ෂාව සහ හිමපතන හමුවේ යම් අඩාලවීමක් පවතින බවයි වාර්තා වන්නේ. කාලගුණ විද්‍යාඥ හේලි බි්‍රන්ක් පවසන ආකාරයට මෑතකදී සිරියාවේ සහ තුර්කියේ…

තව කියවන්​න

මාර්තු 15වන දා වන විට පාසල් නිළ ඇදුම් ලබාදීම සැලසුම බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ නිළ ඇදුම් රෙදි සියයට හැත්තෑවක් ලබා දීමට චීන රජය එකඟවී ඇති බවයි. එහි පළමු තොගය මේ වන විටත් ලැබී තිබෙනවා. මේ අතර උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සඳහා වන ගෙවීම් වැඩි කිරිම සහ මෙතෙක් පැවති හිඟ මුදල් ගෙවීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරමින් සිටින බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කලේ. දැනට පවතින මුදල වැඩි කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට ප්‍රතිපත්තිමය අනුමැතියක් ලබා දී ඇති අතර මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමග සාකච්ඡා කරමින්…

තව කියවන්​න

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මෙරට ව්‍යවස්ථාවේ කොටසක් බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා පෙන්වා දෙනවා. මෙම ව්‍යවස්ථාව හේතුවෙන් රට දෙකඩ වේයැයි මහා සංඝරත්නය අතර බියක් හටගෙන ඇති බව ඒ මහතා සඳහන් කලේ මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්. මේ අනුව ඒ සම්බන්ධයෙන් පාලරිමේන්තුවේ පක්ෂ නායකයන් රැස්වේ සාකච්ඡා කොට තීරණයක් ගත යුතු බව හිටපු කතානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කර සිටියා. මේ අතර නියමිත වේලාවට මැතිවරණ පැවැත්විය යුතු නමුත් මෙම අවස්ථාව අභියෝගාත්මක බවයි ඒ මහතා කියා සිටියේ, කෙසේ වෙතත් පාලරීමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් බහුතර ජනතවගේ අපේක්ෂාව වී ඇති බවද හිටපු කතානායක කරූ ජයසූරිය මහතා සඳහන්…

තව කියවන්​න

රට ගොඩ ගැනීමටනම් ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රි ලංකාවේ වත්මන් ප්‍රතිරූපය වෙනස් කල යුතු බව ජාතික ජන බල වේගය පවසනවා. එහි නායක අනුරකුමාර දිසානායක මහතා මේ බව සඳහන් කලේ ප්‍රගතිශීලී වෘත්තීය දේශකවරුන්ගේ හමුව අමතමන්. රට විනාශ කළ පාර්ශවවලට මාර්තු 9 වනදා නිසි පිළිතුරු ලැබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ ඊයේ පස්වරුවේ උඩුනුවර -ගෙලිඔය ප්‍රදේශයේ පැවති මැතිවරණ රැස්වීමකට එක්වෙමින්. මෙරට ඇතැම් දේශපාලන පක්ෂ සිනහා උපදවන සුළු ක්‍රියා සිදු කරන බව නිදහස් ජනතා සන්ධානයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා . එක් දේශපාලන පක්ෂයක් මෙවර මැතිවරණය සදහා අපේක්ෂකයින් සදහා පමණක් රැස්වීම් පවත්වමින් සිටින බවයි ඔහු වැඩි දුරටත් සදහන් කලේ…

තව කියවන්​න