- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: VNews
මෙවර ජනාධිපතිවරණයේදී රාජ්‍ය දේපළ අවභාවිත වීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලැබී ඇති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. උපකාරක පන්ති ආශ්‍රිතව ජනාධිපතිවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව මේ වනවිට සමීක්ෂණ සිදුවන බවයි. එය අපේක්ෂකයන්ට අවාසි සහගත තත්ත්වයක් බවද ඔහු සඳහන් කළා.
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ තරග දෙකක් ඊයේ නිමාවට පත්වුණා. එහිදී කොළඹ ඩී.එස් සේනානායක විද්‍යාලය ලකුණු 27ට 20ක් ලෙස පරාජය කරමින් කොළඹ වෙස්ලි විද්‍යාලය අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට වෙස්ලි විදුහල ලකුණු 27-10 ක් ලෙස ඉදිරියෙන් සිටියා. දෙවැනි අර්ධයේදී ලකුණු 10 ක් රැස්කිරීමට ඩී.එස්. සේනානායක විදුහල සමත් වුවද, පළමු අර්ධය අවසානයේ රඳවාගෙන සිටි ලකුණු පරතරය අනුව වෙස්ලි විදුහලට තරගයේ ජය හිමිවුණා. මේ අතර කොළඹ ලුම්ඹිනි විද්‍යාලයට එරෙහිව පැවැති තරගයේ ජය පිළියන්ද සෙන්ට්‍රල් විද්‍යාලයට හිමිවුණා.…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තෙවන දිනය අදයි. ඊයේ දිනය නිමා වන විට තරගයේ වැඩි ගෞරව අත්කර ගැනීමට එංගලන්තය සමත් වුණා. ඒ අනුව ඔවුන් දිනය නිමාවන විට සිය දෙවන ඉනිම සදහා එක් කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබා සිටියා. එංගලන්තය පළමු ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 427ක් ලබා ගත්තා. එංගලන්ත ඉනිමේ කඩුළු පහක් දවා ගැනීමට සමත් වූ අසිත ප්‍රනාන්දු ලෝඩ්ස් ගෞරව පුවරුවේ ස්ථානයක් හිමි ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා සියල්ලන් දැවී රැස්කලේ ලකුණු 196ක් පමණයි. ඒ අනුව එංගලන්තය මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 256ක් ඉදිරියෙන් පසුවනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් මෙලෙස වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. එමෙන්ම ඇතැම් ප්‍රදේශවල මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ සිදුවුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. කොළඹ ආරක්ෂක සමුළුමේ සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව , ඉන්දියාව , මාලදිවයින සහ මොරිෂස් යන රටවල් එක්වයි මෙම ගිවිසුමට අත්සන් තබා ඇත්තේ. මෙම අවස්ථාවට ඉන්දීය සහ මාලදිවයින් ආරක්ෂක උපදේශකවරුන් ද එක්ව සිටියා. මෙහිදී අදහස් දක්වමින් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබද ජනාධිපති උපදේශක සාගල කාරියවසම් මහතා පැවසුවේ බාහිර තර්ජනවලින් ඔබ්බටගොස් තාක්ෂණික දියුණුවත් සමග ඇතිවන අභියෝග ජයගත යුතු බවයි.
ඇෆ්ගනිස්තාන කාන්තාවන් තලෙයිබාන් සංවිධානයේ නව නීතිවලට විරෝධය දැක්වීමට තීරණය කර තිබෙනවා ඇෆ්ගනිස්තාන කාන්තාවන්ට ප්‍රසිද්ධියේ ගීත ගායනා කිරීම හා කතා කිරීම තහනම් කරමින් පසුගිය දා තලෙයිබාන් සංවිධානය නව නීති පනවා තිබුණා. ඊට විරෝධය දැක්විම සදහා එරට කාන්තාවන් සමාජ මාධ්‍යය ඔස්සේ කාන්තා හඬට තහනමක් නොමැත යන තේමාව යටතේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. කාන්තාවන් ගීත ගායනා කරන හා ඔවුන්ගේ හඬ දැක්වෙන විඩියෝ පට සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීමටයි මෙහිදී පියවර ගෙන ඇත්තේ. ඇෆ්ගනිස්තානය තුළ අතිශයින් ජනප්‍රිය ගීත ගායනා කිරීමට ද මෙම කාන්තාවන් පියවර ගෙන තිබෙනවා.
කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු දර්ශකය මේ වසරේ පළමු භාගයේදී සියයට හයයි දශම නවයක වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. එහි අගය 231.1 ක් ලෙස සටහන් වූ අතර නේවාසික, වානිජ සහ කාර්මික යන අනු දර්ශක තුනම එහිදී වර්ධනය වී ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ. ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල උපයෝගී කරගෙන කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5 ක් ආවරණය වන පරිදි දත්ත ලබා ගෙන මෙම දර්ශකය සකස් කර තිබෙනවා.
ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් තිබේ. ඒ අනුව පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ :29* දින දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1482ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම කොමිෂන් සභාව පවසයි. ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් වැඩිම ප්‍රමාණයක් ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන අතර එම පැමිණිලි සංඛ්‍යාව 1419කි. මීට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 07ක් සහ වෙනත් පැමිණිලි 56ක් ද ලැබී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිත්‍ය හා ස්වේච්ඡා අංශයන් වෙත ඉඳුරාම බඳවාගත් නිලධාරීන් විසි හතර දෙනෙකු (24) විසිරයාමේ උත්සවය, ත්‍රීකුණාමලය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝශප් ගේ ආරාධනයෙන්, නැගෙනහිර නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 අගෝස්තු 30) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. ඒ අනුව, සාර්ථකව පුහුණුව අවසන් කළ 1/2023 ඉඳුරාම බඳවාගැනීමට අයත් නිලධාරීන් විසිහතර දෙනෙකු (24) විසිරයාමේ උත්සවයේදී, පුහුණු කාලසීමාව තුල සුවිශේෂි දක්‍ෂතා දැක්වූ නිලධාරීන් වෙත කුසලාන හා සම්මාන ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිතයා විසින් සිදු කෙරිණි. ඒ අනුව, 1/ 2023 ඉඳුරාම බඳවාගැනීමට අයත් නිලධාරීන්ගේ දක්‍ෂතම නිලධාරියාට හිමි සම්මානය සහ සියළුම විෂයන් ගෙන් වැඩිම ලකුණු ලබාගත් නිලධාරියාට හිමි සම්මානය ලුතිනන් එන්වීඑස්ඒඑන් බණ්ඩාර විසින් හිමි කර ගන්නා ලදි. එමෙන්ම, දක්‍ෂතම වෙඩික්කරුට…
කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්‍රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ තාක්ෂණික දියුණුව නිසා ඇතිවන අභ්‍යන්තර අභියෝග කළමනාකරණය ජාතික ආරක්ෂාවට අයත් වෙනවා – ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (30) උදෑසන ජනාධිපති කාර්යාලයේදී සිදුවිය. එහිදී දෙරට අතර ආර්ථික සහයෝගීතාව, ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ මෙන්ම කලාපීය සහයෝගීතව පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ජාතික ආරක්ෂක ප්‍රධානී අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222