Author: VNews

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය රියදුරු වර්ජනය අවලංගු කර තිබෙනවා. එම තීරණය ගෙන ඇත්තේ පාලනාධිකාරිය සමඟ පැවති සාකච්ඡාවකදී එකඟතාවකට පැමිණීමෙන් අනතුරුව බවයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ.

තව කියවන්​න

තුර්කි – සිරියා භූ කම්පනවලින් ජීවිතක්ෂයට පත් පුද්ගලයින් ගණන 20,000 ඉක්මවා තිබෙනවා. තවත් පුද්ගලයින් 60,000 පමණ තුවාල ලබා ඇති බවයි තහවුරු වී ඇත්තේ. මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි. සහන කණ්ඩායම්වලට මුහුණ දීමට සිදුව ඇති විශාලතම අභියෝගය මෙම විපත හේතුවෙන් අවතැන් වූ පුද්ගලයින් රැක බලා ගැනීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙනවා. එම පුද්ගලයින්ට අවශ්‍ය ආහාර ඇතුළු සැපයුම් නිසි පරිදි නොලැබුණහොත් ඇතිවී තිබෙන තත්ත්වය තවත් දරුණු විය හැකි බව එම සංවිධානය සඳහන් කළේ. මේ වන විටත් රටවල් 60කට අධික ප්‍රමාණයක් සහන සැපයීමට ඉදිරිපත්ව තිබෙනවා.

තව කියවන්​න

මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශේෂ නිවාඩු පැකේජ සහ ගනුදෙනු හඳුන්වාදී තිබෙනවා. චීන සංචාරකයන් ඉලක්ක කරගනිමින් එය ක්‍රියාත්මකයි. චීන සංචාරකයින් ගෝලීය සංචාරයේ අහිමිවූ කාලය පිරිමැසීමට උත්සුකවන අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවය චීනයේ ජනප්‍රිය විවේක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වාදීම සඳහා සංචාරක වෙළඳපළ සමඟ සමීපව කටයුතු කරනු ඇති. චීනය සිය දේශ සීමා යළි විවෘත කිරීමත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සමාගම අප්‍රේල් පළමු සතියේදී චීනයේ ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු වෙත සතිපතා වාණිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට සූදානම්ව සිටිනවා. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රමුඛතම වෙළඳපොළක් ලෙසයි චීනය හඳුනාගෙන ඇත්තේ.

තව කියවන්​න

දුම්රිය රියදුරන්ගේ ගැටලු ඇතුළු දුම්රිය සේවකයන් ලෙස රියදුරන් මුහුණ දී සිටින ගැටලු විසදීමට බලධාරීන් කටයුතු නොකරීමට විරෝධය දක්වමින් සේවාවාරවලින් ඉවත්වීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළඹී බව ලොකොමොටිව් ඔපරේටිං ඉංජිනියර්ස් වෘත්තිය සමිතිය පවසනවා. දුම්රිය රියදුරු දෙවැනි පෙළ උසස්වීම් ප්‍රශ්නය, ශ්‍රේණිවලට අදාල ගැටලු අතිකාල කප්පාදු කිරීම, දුම්රිය ආදායම නිසිලෙස කළමනාකරණය නොකාරීම ආදි ගැටලු රැසකට විරෝධය දක්වමින් එම වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතවන බවයි එම සංගමය පවසන්නේ. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා (වාණිජ) ලෙස නුසුදුසු නිලධාරියෙක් පත්කළේ යැයි එයට විරෝධය දක්වමින් ක්ෂණික වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹෙමින් සේවා වාරවලින් ඉවත්වන බවට දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට ලිපියක් යොමුකර තිබෙනවා. චෝදනා එල්ල වී ඇතැයි කියන අදාල නිලධාරියාට නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා…

තව කියවන්​න

ලග්ගල – රිවස්ටන් ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ මාතලේ දෙස සිට ලග්ගල දෙසට ධාවනය වූ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 150ක් පමණ ප්‍රපාතයකට ඇදී ගොස් ඇති බවයි. තුවාල ලැබූ දරුවෙකු ඇතුළු 5 දෙනෙකු මාතලේ රෝහලට ඇතුලත් කෙරුනා. මෝටර් රථය පදවා ඇත්තේ මාතලේ මුලස්තාන පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයෙක්. අනතුරින් මිය ගොස් තිබෙන්නේ එම නිලධාරියාගේ බිරිඳයි. ඇය 34වන වියෙහි පසු වුනා. තුවාල ලබා සිටින්නේ නිලධාරියා – ඔහුගේ දරුවා – බිරිඳගේ සහෝදරිය සහ ඇයගේ දරුවායි. පිරිස රිවස්ටන් සිට පතන බලා ගමන් කරන අතරවාරයේ මාර්ගයේ තිබු වලක් මග හැර යාමට උත්සහ කිරීමේදී පැති ඉවුර කැඩී මෝටර රථය ප්‍රපාතයට…

තව කියවන්​න

මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා වැඩිම පක්ෂ සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන්. එම පක්ෂ ගණන 179ක්. අම්පාර දිස්ත්‍රික්කයට 165ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයට පක්ෂ 154ක් තරග කරනු ලබනවා. අවම දේශපාලන සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබෙන්නේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන් 25ක්. මැතිවරණ කොමිෂන් සභාවේ වාර්තාව ට අනුව ගම්පහ දිස්ත්‍රික්කයට වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් නම යෝජනා භාර දී තිබෙනවා. එය සටහන් වන්නේ 7,530ක් ලෙසින්. 7,177 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයට තරග කරනවා. මහනුවරට 6,297ක්, කුරුණෑගලට 4,837,යාපනයට 4,122ක්, කළුතරට 3,981ක්, බදුල්ලට 3,876ක්, අම්පාරට 3,788ක්, මෙන්ම රත්නපුරට 3,778ක අපේක්ෂක් සංඛ්‍යාවක් ඉදිරිපත්ව තිබෙනවා. අඩුම අපේක්ෂයන් සංඛ්‍යාවක් තරග කරන්නේ මුලතිව දිස්ත්‍රික්කය ට වන අතර එම ගණන 592ක්. නුවරඑළිය දිස්ත්‍රික්කයේ…

තව කියවන්​න

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිලිබඳ විවාදයේ දෙවන දිනය අදයි. අදත් පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව ආරම්භ කෙරෙන අතර විවාදය පස්වරු 5.30 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවේ පෙරේදා දිනයේ දී. ඊයේ දිනයේදී විවාදයට එක්වු ආණ්ඩු සහ විපක්ෂ මන්ත්‍රීවරුන් අදහස් පලකළා. කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විවාදය වර්ජනය කර තිබුණා. ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද ඊයේ දිනයේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. විපක්ෂයේ කණ්ඩායම් කුමක් පැවසුවද පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඊයේ විවාදයට එක්වෙමින් සඳහන් කළේ ජනාධිපතිවරයා කටයුතු කරනුයේ නිසි දැක්මකින් බවයි. අධිකරණ හා…

තව කියවන්​න

සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ උද්ගතව ඇති ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය සම්බන්ධයෙන් කරුණු දක්වීමට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මාධ්‍ය හමුවක් කැඳවා තිබුනා. එම සංගමය අනතුරු අඟවා සිටින්නේ හදිසි තත්ත්වයක් ලෙස සලකා ඊට කඩිනම් මැදිහත්වීමක් සිදු නොකළහොත් තත්ත්වය තවත් බරපතළ වනු ඇති බවයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න, නිර්වින්දන සහ දැඩි සත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති වෛද්‍ය අනෝමා පෙරේරා , ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්ම මහත්මීන් මේ පිලිබඳ කරුණු දක්වා සිටියා.

තව කියවන්​න

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව ජාතික ආරක්ෂක පනතක් ගෙන ඒමට රජය සුදානම් වනවා. එම කෙටුම්පත අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීම සදහා කඩිනමින් සකස් කරන ලෙසයි අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. මේ වන විට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යාවත් කාලීන විය යුතු බැවින් එම කරුණු හා දේශිය ජාත්‍යන්තර ප්‍රජාවගේ ඉල්ලීම් ද සැලකිල්ලට ගනිමින් පුරවැසි අයිතීන් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වන ආකාරයට ජාතික ආරක්ෂක පනත සකස් කෙරෙනු ඇති. අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ, ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන්ගෙන් සම සභාපතිත්වයෙන් යුත් විශේෂඥ කමිටුවක් විසින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා…

තව කියවන්​න

බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත්වල සුරක්ෂිතතාව පිළිබද වඩාත් සැලකිලිමත් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දෙනවා. කෙටි පණිවිඩයක් යොමු කරමිනුයි ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව දැනුම් දී ඇත්තේ. භාවිත යෙදුම්, මුරපද, සහ ඕ ටී පී තොරතුරු වෙනත් පාර්ශවයක් සමග හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස ද ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම් දෙනවා.

තව කියවන්​න