- ජල ගාස්තුව අඩු කිරීමට පියවර
- බේරේ වැවේ සතුන් මියයෑමට හේතුව සොයා ගැනේ
- ටොෆි, චොක්ලට්වල සැඟවුණු කුෂ්
- ඔන්ලයින් පනත ගැන රජයේ තීරණය
- රජය වී මිලට ගන්නා මිල ගණන්
- USAID ආධාර වියදම් කළ ආකාරය ගැන නාමල්ගෙන් චෝදනා
- තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයට
- සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කිරීමට සැලසුම්
Author: VNews
මැතිවරණ කොමිසමන් සභාව සැලසුම් කර ඇති පරිදි ඉදිරි පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම් අද(10) සලකා බැලීමෙන් අනතුරුවයි. ජනතාවගේ අයිතියක් වන සර්වජන ජන්ද බලය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිසන් සභාවට වන බැවින් සහ මැතිවරණ කොමිසන් සබාව නිසියාකාරව මැතිවරණය පවත්වන බවට තම අධිකරණය හමුවේ මැතිවරණ කොමිසන් සභාව ප්‍රතිඥාවක්ද දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි ශ්‍රේෂ්ඨාධිකරණය පවසන්නේ. එස්. තුරෙයිරාජා, ඒ.එස්.ටී. නවාස් සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරුණා. අදාළ විනිසුරුවන් තීරණය කර සිටියේ මේ සම්බන්ධයෙන් වන පෙත්සම් තවදුරටත් විභාගයට ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති…
කීර්තිමත් ජපාන සමාගමක් වූ මිට්සුබිෂි සමාගම එළෙඹෙන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේ කටයුතුවලින් ඉවත් වන බවට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම අත්හිටුවීම සහ ජපානය මෙරට තුළ දියත් කිරීමට සැලසුම් කර තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කිරීම වැනි ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීම මෙරට තුළ සිදු කළ ව්‍යාපාරයන් අත්හැර යාමට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර ජපානය සහ ලංකාව අතර පැවති මිත්‍රත්වය බිඳ වැටී ඇති බවත් එය යළි ගොඩනගා ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරිය යුතු බවත් සඳහන්.
2023 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද(10) ආරම්භ කිරීමට නියමිතයි. මෙවර තරගාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, පකිස්ථානය ඇතුළු ප්‍රබල රටවල් 10 ක් ක්‍රීඩා කරන අතර තරඟාවලියේ සත්කාරකත්වය දරනු ලබන්නේ දකුණු අප්‍රිකාවයි. තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය, ඔස්ටේ්‍රලියාව නවසීලන්තය සහ සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව තරග කිරීමට නියමිතයි. තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම් අද නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙයි. චමරි අතපත්තු මෙහෙයවන ශ්‍රී ලංකා සංචිතයට ඕෂදී රණසිංහ, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, ඇතුළු ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් ය. සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සුනේ ලීස් ය. තරගාවලියේ කාණ්ඩයෙන් පැවැත්වෙන මෙම…
නව වන පාර්ලිමේන්තුවේ සිව් වන සැසිවාරය ආරම්භ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සහාවට සහ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සාමාජිකයින් නම් කර තිබෙනවා. පාර්ලිමේන්තුව අද රැස්වූ අවස්ථාවේදී මෙම නම් ප්‍රකාශයට පත් කළ බවයි කථා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් නිවේදනය කළේ. කථා නායකවරයා සභාපතීත්වය දරණ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විතයි. එමෙන්ම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සාමාජික මන්ත්‍රීවරුන් 18 දෙනෙකු ද ඇතුළත් කර තිබෙනවා.
ලබන මාර්තු මස 9 වනදා පැවැත්වීමට සැළසුම් කර ඇති පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් අද යළි විභාගයට ගැනීමට නියමිතයි . ඡන්ද විමසීමේ කටයුතු අත්හිටුවීමේ රිට් ආඥාවක් මැතිවරණ කොමිසම වෙත නිකුත් කරන ලෙස ඉල්ලා පසුගියදා පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවේ විශ්‍රාමික යුද හමුදා කර්නල්වරයෙකු වන ඩබ්ලිව්.එම්.ආර්. විජේසුන්දර මහතා විසින්. රටේ බරපතල ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බරපතල කොන්දේසි පනවා ඇති මෙම අවස්ථාවේ මැතිවරණයක් පැවැත්වීම සුදුසු නොවන බවට සමාජය තුල මතයක් නිර්මාණය වී ඇති බව ඔහු එමඟින් පෙන්වාදී තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම තුලින් රටට හෝ මහජනතාවට කිසිදු යහපතක් අත් නොවන බව පෙන්වා දෙන ඔහු…
ශ්‍රී ලංකාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධීව රැගෙන යමින් තිබූ රත්‍රං තොගයක් ඉන්දීය වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන තිබෙනවා. රත්‍රං කිලෝග්‍රෑම් 17 කට අධික ප්‍රමාණයක් තමිල්නාඩුවේ මන්ඩපම් ප්‍රදේශයේ මුහුදේ යාත්‍රා කරමින් තිබියදී වෙරළාරක්ෂක නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබුණේ ආදායම් බුද්ධි ඒකකයේ නිලධාරීන් ලබාදුන් තොරතුරු මතයි. සැකකටයුතු යාත්‍රාවක් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම රත්‍රං තොගය සොයාගෙන ඇති අතර එහි වටිනාකම ඉන්දීය රුපියල් කෝටි දහයකට අධික බවයි ගණන් බලා ඇත්තේ. වැටලීමේදී ඒ හා සමාන තවත් රත්‍රං තොගයක් මුහුදු පත්ලට විසි කරන්නට ඇති බවට විමර්ශකයින් සැක පළ කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් යාත්‍රාවේ සිටි 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා
බොරැල්ල – කොටා පාරේ පිහිටි පෞද්ගලික රෝහලක සිදුවූ බවට පැවසෙන වකුගඩු ජාවාරමට සම්බන්ධ තැරැව්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපල වෙත ඊයේ රාත්‍රියේ පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. මොහු අදාළ රෝහලේ සේවකයෙකු ලෙස පෙනී සිටිමින් දිළිඳු පවුල්වල පුද්ගලයින් මුලා කර මුදල් ලබාදෙන බව පවසා වකුගඩු ලබාගැනීමට තැරැව්කරුවෙකු ලෙස කටයුතු කර ඇති බව සඳහන්. ජංගම දුරකථන අමතර උපාංග අලෙවිකරුවෙකු වූ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරුට පසුගිය ජනවාරි 17 වනදා අධිකරණය විදේශ ගමන් තහනමක් පනවනු ලැබුවා.
මහජන උපයෝගිතා කොමිසම විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට ගැනීම පිළිබද තීරණය අද අභියාචනාධිකරණයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ විදුලිය විසන්ධි නොකරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිසම විසින් ඉදිරිපත් කළ පෙත්සමයි. කෙසේ වෙතත් විදුලිය විසන්ධි කිරීම වැළැක්වීමේ අතුරු නියෝගය ලබාදෙන ලෙස අදාළ පෙත්සම මගින් ඉල්ලා ඇති බව සඳහන්.
ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳ තීරණය ද්වීපාර්ශ්වික ණය හිමියන් ලබාදෙන එකඟතාවයන් මත රඳා පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. අදාළ එකඟතාවයන් ලැබුණු පසු කාර්යමණ්ඩල අනුමැතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්. කෙසේ වෙතත් එමගින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව පවතින බාහිර මූල්‍ය පහසුකම් ලබාගත හැකිවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා.
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන්. එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අද විද්‍යා දෙපර්තමෙන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222