- ජල ගාස්තුව අඩු කිරීමට පියවර
- බේරේ වැවේ සතුන් මියයෑමට හේතුව සොයා ගැනේ
- ටොෆි, චොක්ලට්වල සැඟවුණු කුෂ්
- ඔන්ලයින් පනත ගැන රජයේ තීරණය
- රජය වී මිලට ගන්නා මිල ගණන්
- USAID ආධාර වියදම් කළ ආකාරය ගැන නාමල්ගෙන් චෝදනා
- තාවි සමරවීර වයස අවුරුදු 11න් පහළ ටේබල් ටෙනිස් ලෝක ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයට
- සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත කඩිනමින් සම්මත කිරීමට සැලසුම්
Author: VNews
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පැවති පළමු තරගයෙන් ලකුණු 03ක තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. සත්කාරක දකුණු අප්‍රිකාණු කණ්ඩායමට එරෙහිවයි මෙම තරගය පැවැත්වුණේ. කේප්ටවුන්හිදී පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 129ක් රැස් කළා. චමරි අතපත්තු ලකුණු 68ක් සහ විශ්මි ගුණරත්න ලකුණු 35ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලබා ගැනීමට හැකිවුයේ ලකුණු 126ක් පමණයි. පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 03ක් බිදහෙලුවා. තරගයේ වීරයා ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු සම්මාන…
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීම සම්බන්ධයෙන් ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදීම අදහස් පළවුණා. සමගි ජන බලවේගය මහනුවරදී කැදවා තිබු මාධ්‍ය හමුවකදී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ රටේ මුලික ප්‍රශ්න ජනාධිපතිවරයාට අමතක වී ඇති බවයි. උතුරේ ඡන්ද දිනා ගැනීමේ පටු දේශපාලන අරමුණ ඇතිව ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවට තිස්ස අත්තනායක මහතා චෝදනා කළා. 13 පිළිබද තමන්ට වෙනස් මතයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති සාගර කාරියවසම් මහතා ද 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබද මහනුවරදී අදහස් පලකළා.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද විවාදය ඊයේ දිනයෙන් අවසන් වුණා. පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු විවාදයට එක්වෙමින් අදහස් පළකලා. 13 වන සංශෝධනය සහ පළාත් සභා මැතිවරණය පිළිබද උණුසුම් වාද විවාදයක් කිහිපයක් මෙහිදී ඇති වුණා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් ලන්සා මහතා. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විවාදයට එක්වෙමින් ඊට මෙලෙස පිළිතුරු ලබා දුන්නා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා මහතා
දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හතරදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා. දෙපාර්තමේන්තුව සතු යකඩ සොරකම් කිරීමේ සිද්ධියක් ඊට හේතුවයි. ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඔවුන්ගේ සේවය අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ. මහව සිට ඕමන්තේ දක්වා දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සදහා ආනයනය කළ යකඩ තොගයක් සොරකම් කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
අනවසර ගිනි අවි භාර දීමට රජය සහන කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි මස 06 වනදා සිට මාර්තු මස 15 වනදා දක්වා එම සහන කාලය ක්‍රියාත්මක වනු ඇති. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ අදාළ කාලය තුළ අනවර ගිනි අවි ලගම ඇති පොලිසිය භාර දීමට හැකියාව ඇති බවයි. සහන කාලය තුල බලපත්‍ර නොමැති ගිනිඅවි භාර දීමේදී කිසිදු අයෙකුට එරෙහිව නීතියමය ක්‍රියාමාර්ග නොගන්නා බවයි ආරක්ෂක අමාත්‍යංශය අවධාරණය කළේ. කෙසේවෙතත් ලබා දී ඇති සහන කාලය අවසන් වූ පසු බලපත්‍ර නොමැති ගිනි අවි ලග තබා ගෙන සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට දීප ව්‍යාප්ත මෙහෙයුමක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
මෙරට ආරක්ෂක අංශ සදහා අඛණ්ඩව පුහුණු සහය ලබා දෙන බවට පාකිස්ථානය සහතික වී තිබෙනවා. දිවයිනට පැමිණ සිටින පාකිස්ථාන ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ කමිටුවේ සභාපති ජෙනරාල් සභීර් ෂම්ෂාඩ් මහතායි මේ බව ප්‍රකාශ කර ඇත්තේ. ඔහු ඊයේ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා හමුවුණා. ආරක්ෂක අමාත්‍යංශයේදී පැවති මෙම හමුවේදී දෙරටේ හමුදාවන් අතර සහයෝගීතාව වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා.
තුර්කියේ සහන කටයුතු සදහා විශේෂ කණ්ඩායමක් යොමු කිරීමට රජය තීරණය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානුෂීය මෙහෙයුම් පිළිබද පුහුණුව ලත් වෛද්‍ය , ඉංජිනේරු ඇතුළු හමුදා බලඇණියක් ඒ සදහා යොමු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. තුර්කියට මානුෂීය ආධාර ලබාදීම පිළිබදව ජනාධිපතිවරයාගේ උපදෙස් මත පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා. අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ රජයේ සහ පුද්ගලික අංශයේ නිෂ්පාදන තුර්කියට යැවීමට ද සැලසුම් කර ඇති බවයි. අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මගින් එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනු ඇති.
දිවයිනේ වැඩිම භූ චලන සිදුවන්නේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව බවට භූ විද්‍යාඥයින් අනාවරණ කර තිබෙනවා. බුත්තල සිට ලුණුගම්වෙහෙර දක්වා ප්‍රදේශයේ පිහිටීම අනුව මෙවැනි භූ කම්පන සිදුවිය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මේ පිළිබදව අනියත බියක් ඇතිකර නොගන්නා ලෙයසි ඔවුන් ජනතාවට දැනුම් දෙන්නේ. මීට පෙර ද අවස්ථා කිහිපයකදී එම ප්‍රදේශය ආශ්‍රීතව මෙවැනි භූ කම්පන තත්ත්වයන් වාර්තා වී තිබුණා. ඊයේ දිවා කාලයේදී බුත්තල සහ වැල්ලවාය ඇතුළු ප්‍රදේශ කිහිපයක භූ කම්පක දෙකක් සිදුවුණා. එම භූ කම්පන රික්ටර් මාපක 03 යි දශම 5 ක සහ 3ක අගයක් ගෙන තිබුණා. මේ අතර බුත්තල ප්‍රදේශයේ හටගත් භූ කම්පන තත්ත්වය ඉන්දු ඔස්ටේ්‍රලියානු තලයේ බිදීයාමක් හේතුවෙන් ඇති වුවක් බව…
ජනප්‍රිය නොවන අසීරු තීරණ ගෙන රට ගොඩනගන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. මෙරටදී එක්කලස් කරන ලද පළමු මෝටර් රථය වෙළදපොළට හදුන්වාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා. රටේ ආර්ථිකය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත්වන බවට ඇති විස්වාසය මෙවන් ආයෝජන තුළින් තහවුරු වන බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ. රටගොඩ නැගීමට එක්ව කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා සියලු දේශපාලන නායකයින්ගෙන් ඉල්ලීමක් ද කළා. බදු පැනවීම සිදුකළේ රටේ ජනතාව මුහුණ දී සිටින අසීරුතාව නොදැන නොවන බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ රටේ ආර්ථිකය පවත්වාගෙන යාමේ අරමුණින් එම තීරණය ගත් බවයි.
අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව විදුලිය සැපයීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලිබල මණ්ඩලය වෙත රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා මහජන උපයෝගීතා කොමිසම විසින් ගොනු කළ පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කළා. අදාළ පෙත්සම දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව අද දින සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දුන්නා. අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය සපයන බවට ලංකා විදුලිබල මණ්ඩලය පොරොන්දු වී තිබුණද විදුලි කප්පාදුව සිදු වීම නිසා අදාළ විභාගය සඳහා මුහුණ දෙන සිසුන් දැඩි අපහසුතාවයකට…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222