Author: VNews

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය වෙත ප්‍රතිශෝධන පෙත්සමක් යොමුකර තිබෙනවා. ත්‍රස්ත මර්ධන කාර්යාංශය වෙනුවෙන් නීතිපතිවරයා විසින් මෙම ප්‍රතිශෝධන පෙත්සම යොමු කර ඇති අතර එහි වගඋත්තරකරු ලෙස නම් කර ඇත්තේ වසන්ත මුදලිගේයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි වසන්ත මුදලිගේට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව සඳහන් කරමින් ඔහු මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ගත් තීරණය නීතියට පටහැනි බව එම අභියාචනය තුළින් සඳහන් කර තිබෙනවා.

තව කියවන්​න

එළඹෙන පළාත් පාලන මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන ඉරිදා දිනයේදී තැපැල් දෙපාර්තමේන්තුව විසින් භාරගැනීමට කටයුතු කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ පවසනවා. එලෙස මැතිවරණ කොමිසමේ නියමය පරිදි භාරගන්නා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මාර්තු 03වනදා දක්වා ඡන්ද දායකයින් වෙත බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේ. මේ දිනෙන් දින උණුසුම් වන මැතිවරණයේ පක්ෂ විපක්ෂ අපේක්ෂකයින් දැක් වූ අදහස්.

තව කියවන්​න

මාර්තු මස 08, 09 වන විට රටේ ආර්ථික අර්බුදයක් යළිත් ගොඩනැගීමට බොහෝදෙනා කටයුතු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මේ වන විට පවතින අර්බුදයත් සමඟ රට තුළ ආර්ථිකය කළමනාකරණය කරගනිමින් රටේ වැඩකටයුතු සාර්ථක ලෙස පවත්වාගෙන යන බවටයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 150ක පමණ හිඟයක් පවතින බව සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. දැනට පවතින අත්‍යාවශ්‍ය ඖෂධ තොග අවසන් වෙමින් පැවතීම හේතුවෙන් ඉදිරියේදී දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත් වීමට සිදු වනු ඇතැයි වාර්තා වන්නේ. මේ අතර පවතින මූල්‍ය අර්බුදය හමුවේ රජයේ රෝහල්වල සිදු කරන සැත්කම් සඳහා අවශ්‍ය සායනික අමුද්‍රව්‍ය ගෙන්වීමේ ප්‍රමාදයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. මේ හේතුවෙන් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත අත්‍යාවශ්‍ය සහ හදිසි සැත්කම් පමණක් සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

තව කියවන්​න

ඔපෙක්ස් හෝල්ඩිංග් සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ ඕනේෂ් සුභසිංහ මහතා ඝාතනය කිරීමට බ්‍රසීල ජාතික ඔහුගේ බිරිඳ සහ සහායිකාව බොහෝ කාලයක සිට සැලසුම් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. මෙම ව්‍යාපාරිකයාගේ බිරිඳගේ සහායිකාව හෙදියක වන අතර ඇය මීට මාස 2කට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ද සඳහන්. සිය සැමියා ඝාතනය කිරීමේ අරමුණ ඇතිව ඔහුගේ බ්‍රසීල ජාතික බිරිඳ මෙම සහායිකාව මෙරටට ගෙන්වා ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ. ශ්‍රී ලංකාවට පැමිණි මෙම බ්‍රසීල ජාතික කාන්තාව ඕනේෂ් මහතා සහ බිරිද නවාතැන්ගෙන සිටි වෝඩ් පෙදෙසෙහි මහල් නිවාසයක නවාතැන් ගෙන ඇති බවද වාර්තා වනවා. මේ අනුව පොලිස් පරීක්ෂණවලට අනුව අනාවරණය වී ඇත්තේ…

තව කියවන්​න

නවසීලන්තයේ උතුරු ප්‍රදේශයට ගේබ්‍රියෙල් සුළි කුණාටුවේ බලපෑමත් සමඟ විසි දෙදහසකට අධික පිරිසකට විදුලිය විසන්ධි වී තිබෙනවා. එම විදුලිය විසන්ධි වීම යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවටයි නගර බලධාරීන් දැනුම්දී ඇත්තේ. මේ හේතුවෙන් නෝත්ලන්ඩ් සහ ඕක්ලන්ඩ් නගරවලට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එරට කාලගුණ විද්‍යා අංශය රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සුළි කුණාටුව හේතුවෙන් ජල ගැලීම් සහ නායයෑමේ දැඩි අවදානමක් ද පවතින බවයි. මේ හේතුවෙන් පාසල් වසා දමා ඇති අතර, ඒ අනුව ඔන්ලයින් ක්‍රමවේදයට ඉගැන්වීම් කටයුතු කරන ලෙසටද උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම ගමනාගමනයද සීමා කර ඇති අතර, දුම්රිය…

තව කියවන්​න

පසුගිය දින කිහිපය තුළදී දිවයිනේ ප්‍රදේශ කිහිපයක හටගත් සු`ඵ භූ කම්පන තත්ත්වයන් පිළිබඳ මහජනතාව අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ මහතා පවසනවා. වැල්ලවාය, බුත්තල ආදී ප්‍රදේශවල ජීවත් වන පුද්ගලයින්ට පසුගිය පැය 24 තුළ යම් කිසි පොළව හෙල්ලීයාමේ සන්නිවේදනයක් දැනී තිබෙනවා. එම සන්නිවේදනය දැඩි භූ කම්පනයක් ඇති වන ආකාරයේ හැඟීමක් නොවන බවයි ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය උදේනි බණ්ඩාර අමරසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර අද උදෑසන 4.15ට පමණ ඉන්දියාවේ තවත් භූ කම්පනයක් සිදු වී ඇති බව වාර්තා වනවා. මෙම භූ කම්පනය සිදු වී ඇත්තේ ඉන්දියාවේ සිකීම් ප්‍රාන්තයේ යුක්සෝම් ප්‍රදේශයේ බවයි විදෙස්…

තව කියවන්​න

ෆෙස්බුක් මඟින් සංවිධානය කර තිබූ සාදයක් වටලා සැකකරුවන් 31 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බියගම පොලිස් නිළධාරීන් සමත් වී තිබෙනවා. ගංජා, අයිස් සහ මත් කරල් සන්තකයේ තබා ගත් සැකකරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ත් 27 අතර පසුවන්නන් වන අතර ඔවුන් මට්ටක්කුලිය, මෝදර, වැල්ලම්පිටිය, මරදාන, ග්‍රෑන්පාස්, පෑලියගොඩ හා කැළණිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණ වී තිබෙනවා. සැකකරුවන් අද මහර මහෝස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද අ`ඵයම නාදුනන තුවක්කුකරුවෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. අදාළ වෙඩි ප්‍රහාරයෙන් නාහිමියන්ට කිසිදු අනතුරක් සිදු වී නොමැති අතර උන්වහන්සේ වැඩ සිටි කාමරයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන්. මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී අම්පිටියේ සුමන නාහිමියන් සිය කාමරයෙහි වැඩි සිට ඇති අතර වෙඩි තැබීමෙන් අනතුරුව තුවක්කුකරු පළා ගොස් ඇති බව සඳහන්. මේ ඒ පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්.

තව කියවන්​න

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙක් බටපොල අක්කර 100 ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටපත් සැකකරු 68 හැවිරිදි වියේ පසුවන අතර, ඔහු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සැකකරු අද බලපිට්ය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න