- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
දරුවන් සිගමනට යොදවා සිටින්නේ නම් ඒ පිළිබඳව ළඟම පොලිස් ස්ථානයට දැනුම් දෙන්නැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය ඉල්ලීමක් කරනවා. එහි සභාපති ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ දරුවන් සිගමනට යෙදවීමේ සිද්ධීන් කොළඹ ඇතු`ඵ නාගරික ප්‍රදේශ ආශ්‍රිතව සුලබව වාර්තා වන බවයි. විශේෂයෙන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස්, දරුවන් වැඩි වශයෙන් සිගමනට යොදවන බව ද ඔහු පැවසුවා.
පලස්තීනය පසුගියදා බටහිර ඉවුරට එල්ල කළ රොකට් ප්‍රහාර වලට ප්‍රතිචාර දක්වමිනුයි ඊශ්‍රාලය මෙම ගුවන් ප්‍රහාර එල්ල කර ඇත්තේ. ඉන් එක් අයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පලස්තින රතු අඩසද සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ. හමාස් සංවිධානයට අයත් භූ ගත බංකර සහිත ගොඩනැගිල්ලක් ඉලක්ක කර එල්ල වු ප්‍රහාරයෙන් එය විනාශයට පත් ව තිබෙනවා. ඊශ්‍රාලය හා පලස්තිනය අතර දිගින් දිගටම සිදුවන ගැටුම් හේතුවෙන් ගසා තීරයේ නොසන්සුන් තත්ත්වය තවත් වැඩිව ඇති බවයි යුද විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
නෙදර්ලන්තයේ රැකියා දෙන බව පවසමින් අමාත්‍යාංශ ලේකම්ගේ ව්‍යාජ අත්සන සහ ලිපි ශීර්ෂ භාවිත කර මුදල් ලබාගන්නා ජාවාරම්කරුවන්ට හසු නොවන ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. විදේශ රැකියා සඳහා පුද්ගලයන් යොමු කරනු ලබන්නේ නීත්‍යානුකූල ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන විසින් පමණක් බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ. ඊට අදාළව අමාත්‍යාංශ ලේකම්වරයා සිය අත්සනින් යුත් කිසිදු ලිපියක් නිකුත් කර නැහැ. ව්‍යාජ අත්සන් යොදා විදේශ රැකියා සඳහා යන බව පවසා පුද්ගලයන්ගෙන් මුදල් එක් රැස් කරන ජාවාරම්කරුවන් සොයා පරීක්ෂණ පවත්වන ලෙසට අමාත්‍යාංශ ලේකම්වරයා මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙනවා.
දරුණු මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින පකිස්තානය , රුසියාවේ සහය අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය පවසනවා. ඒ අනුව වට්ටම් සහිතව අඩු මුදලට රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට පකිස්තානය උත්සහ කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා වට කිහිපයක්ම පකිස්තාන රජය සහ රුසියාව අතර සිදු කර තිබෙනවා. පකිස්තානය එලෙස රුසියාවේ සහය අපේක්ෂා කරන්නේ රුසියාවට එරෙහිව යුද වැදීම සදහා යුක්රේනයට සහය ලබා දෙමින් සිටින පසුබිමක් තුළ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. එම වාර්තවලට අනුව පකිස්තානය යුක්රේනය වෙත පතරොම්, කාළතුවක්කූ ඇතුළු අවි සහ ආයුධ අළෙවි කරමින් සිටිනවා. එම අවි ආයුද ගණුදෙනු හරහා පකිස්තානය යුක්රේනයෙන්ද මුදල් ලබා ගන්නා බවයි විදෙස් මාධ්‍ය පෙන්වා…
මෙම වසරේ දී දේශීය වියළි මිරිස් නිෂ්පාදනය සියයට 25කින් ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකාවට වාර්ෂිකව අවශ්‍ය සමස්ත වියලි මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 55,000ක් . කෙසේවෙතත් ඉන් මෙට්‍රික් ටොන් 50,000ක්ම විදේශ රටවලින් ආනයනය කරනු ලබන අතර මෙරට වාර්ෂික මිරිස් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 5000ක් පමණ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා .
පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයකු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා ගෝඩා සහ නීති විරෝධි මත්පැන් සමග පොලිස් අත්අඩංගුවට ගැනීමේ පුවතක් තිරප්පනෙන් වාර්තා වනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් එළැඹෙන පලාත් පාලන මැතිවරණයේදී තිරප්පනේ ප්‍රාදේශීය සභාවට තරග වදින අපේක්ෂකයෙක් බවයි අප වාර්තාකරු කියා සිටියේ. සැකකාර අපේක්ෂකයා සන්තකයේ තිබී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා මිලිලීටර් 180,000ක් සහ නීති විරෝධී මත්පැන් මිලිලීටර් 3500කට අධික ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ විශේෂ කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත කරන ලද වැටලීමකදී සැකකරු සහ භාණ්ඩ සොයා ගැනීමට හැකි වූ බවයි. සැකකරුගේ නිවස පිටුපස ගල්වලක් ආසනයේ…
අද දින පැවති දුම්රිය වැඩවර්ජනය මේ වන විට අත්හිටුවා ඇති බව වාර්තා වනවා. ඒ ශ්‍රී ලංකා දුම්රිය එන්ජින් රුයදුරුන්ගේ සංගමය බලධාරින් සමඟ පවත්වා ඇති සාකච්ඡාවකින් අනතුරුවයි. අද දින නිසි වේලාවට දුම්රිය ධාවනය නොවීම හේතුවෙන් දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට පත් වුණා. මේ එම අවස්ථාවේදී දුම්රිය මගීන් මාධ්‍යට දක්වා ඇති අදහස්.
විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද? නැද්ද? යන තීරණය ලබන 17 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළා. විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් එම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවා. එම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විදුලිබල මණ්ඩලය ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විදුලි ගාස්තු සංශෝධනයට අදාළ අමාත්‍ය මණ්ඩල යෝජනා අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා . ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය අදාළ පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේ ද?…
එළඹෙන 9 වන දා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමට හිමිකම් ඇති සියළුම ඡන්ද හිමියන් වෙත හා තැපැල් ඡන්ද දායකයින් වෙත මැතිවරණ කොමිසම විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව එක් ඡන්ද දායකයෙකුට එක් ඡන්දයක් පමණක් හිමිවන බවයි එම කොමිසම දැනුම් දෙන්නේ. ඡන්ද විමසීමේ දී ඡන්ද පත්‍රිකාවේ තරඟ කරන පක්ෂවල නම් හා සලකුණු ද, ස්වාධීන කණ්ඩායම් තරඟ කරන්නේ නම් ස්වාධීන කණ්ඩායම් යන වචනද හදුනා ගැනීමේ අංක හා සලකුණු පමණක් මුද්‍රණය කර තිබෙනවා. අපේක්ෂකයින්ගේ හෝ කොට්ඨාශවල නම් සහ අංක ඡන්ද පත්‍රිකාවේ සඳහන් නොවන බවයි මැතිවරණ කොමිසම දැනුම් දෙන්නේ. ඒ අනුව සළකුණු කිරීමට ඇති තීරුවේ කතිරය සළකුණු කරන…
ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. අද බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 85.65ක් ලෙසද වෙස්ට් ටෙක්සාස් ඉන්ටමීඩියෙට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 78.99ක් වශයෙන්ද දැක්වුණා . විචාරකයින් පවසන්නේ අමෙරිකාවේ උද්ධමනය පාලනය කිරීම සඳහා එරට මහ බැංකු බලධාරීන් පොලි අනුපාතික ඉහළ දමා ඇති පසුබිමක ඉල්ලුම අඩුවීමෙන් බොර තෙල් මිල පහළ ගොස් ඇති බවයි .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222