Author: VNews

කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව සිටින ඇයගේ පෙම්වතා එළැඹෙන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. පසුගිය ජනවාරි මස 17 වන දින කොළඹ තුරඟ තරග පිටියේදී සිය පෙම්වතා විසින් පෙම්වතිය ඝාතනය කෙරුණා. ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා විසින් අදාළ නියෝගය කර තිබෙනවා. එහිදී මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ ඝාතනය සිදුකළ අවස්ථාවේ සැකකරු ඇඳ සිටි ඇඳුම් පැළඳුම්, සැකකරුගේ ජංගම දුරකථනය, ලේ සාම්පල් ඇතුළු නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙසයි. මෙලෙස ඝාතනයට ලක්වූයේ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයන ප්‍රදේශයේ පදිංචිව සිටි කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියකි.

තව කියවන්​න

පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් කංසා සහිත චොක්ලට් වර්ගයක් නිකුත් කර ඇති බවත් එය ආයුර්වේද අනුමැතියකින් තොරව යම් ආයතනයක් විසින් නිකුත් කර ඇති බවත් ආයුර්වේද දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. එම දෙපාර්තමේන්තුවේ වෛද්‍ය පී.හේවගේ මහතා පැවුසවේ මේ සම්බන්ධව පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

තව කියවන්​න

ජාතික සභාව මගින් විදුලිබල මණ්ඩලයට දැනුම් දීමක් සිදුකර තිබෙනවා. ඒ විදුලිබිල ඉහළ දැමීම සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම විසින් ලබන 15 වන දා දැනුම් දීමට නියමිත අවසන් තීරණය ගැනීමට පෙර විදුලිබල මණ්ඩලය සහ එම කොමිෂන් සභාව හමු වී සාකච්ඡා කරන ලෙසයි. ජාතික සභාව විසින් අද පාර්ලිමේන්තුවේදී අදාළ නිලධාරීන්ට මේ බව දැනුම් දුන්නා. ඒ අනුව අද පස්වරුවේ හමු වී මේ පිළිබඳ සාකච්ඡා කිරීමටයි දෙපාර්ශවයේ නිලධාරීන් එකඟ වී ඇත්තේ. කථා නායක මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික සභාව රැස්ව තිබුණා. මෙහිදි විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ විදුලිබල මණ්ඩලය 60%ක විදුලි ගාස්තු වැඩිවීමක් ඉල්ලා සිටින පසුබිමක අවශ්‍ය ප්‍රතිශතය ඉහළ දැමීමට…

තව කියවන්​න

එල්ටීටීඊ නායක වේ`ඵපිල්ලේ ප්‍රභාකරන් මියගොස් නොමැති බවත් ඔහු තවමත් ජීවතුන් අතර සිටින බවත් ලෝක දෙමළ සම්මේලනයේ ප්‍රධානි ෆාලා නැදුමාරන් ප්‍රකාශ කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා. මෙම ප්‍රකාශය හේතුවෙන් ඉන්දියාව තුළ මහත් කැළඹීමක් ඇතිව තිබෙන බව සඳහන්. කෙසේ වෙතත් නැදුමාරන් පවසන පරිදි එල්ටීටීඊ නායකයා දැනට සිටින ස්ථානය පිළිබඳව කිසිදු තොරතුරක් ඔහු විසින් මෙම මාධ්‍ය හමුවේදී සඳහන් නොකළ බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ. මේ අතර ජේ්‍යෂ්ඨ ඉන්දීය මාධ්‍යවේදීයෙකු වන ආර්.කේ.රාධක්‍රිෂ්ණන් පවසන්නේ ප්‍රභාකරන් ජිවතුන් අතර සිටින බවට සිදු කරන මෙවැනි අසත්‍ය ප්‍රකාශ හරහා ශ්‍රී ලංකාවේ ජනකොටස් අතර ගැටුම් ඇතිවිය හැකි බවයි. ඒ හේතුවෙන් මෙවැනි…

තව කියවන්​න

2022/2023 මහ කන්නය සඳහා රජයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනව බව සඳහන්. එහි දැක්වෙන්නේ උපරිම තෙතමනය 14% සහ උපරිම බොල් ප්‍රමාණය 9%ක් වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100ක මුදලකට මිලදී ගන්නා ලෙසයි. එමෙන්ම තෙතමනය 14% ඉක්මවන සහ 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 88ක් ලබා දෙන ලෙසද එම අමාත්‍යාංශය ද දැනුම් දී තිබෙනවා. මේ අතර ජනාධිපතිවරයා විසින් වී කිලෝවකට රුපියල් 100 ක මිලක් ලබා දෙන බවට ප්‍රකාශ කරන්නේ කෙසේ දැයි සමස්ථ ලංකා ගොවිජන සංවිධානය ප්‍රශ්න කළා.…

තව කියවන්​න

කුරුලු උණ රෝගය නොමැති රටවලින් පමණක් බිත්තර ආනයනය කිරීමට පියවර ගන්නැයි ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා. බිත්තර ආනයනය හරහා ශ්‍රී ලංකාවේ කුරුලු උණ රෝගය පැතිර ගියහොත් මෙරට ආර්ථිකයට දරුණු ප්‍රතිවිපාක වලට මුහුණු පෑමට සිදුවනු ඇතැයිද එම සංගමයේ සභාපති වෛද්‍ය ඩිලාන් සතරසිංහ මහතා පැවසුවා. එමෙන්ම තායිලන්තය, මැලේසියාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, බ්‍රසීලය සහ ඇමෙරිකාව වැනි රටවල කුරුලු උණ රෝගය වාර්තා නොවන බවද ඔහු පැවසුවා. ඒ අනුව කුරුලු උණ රෝගය වාර්තා නොවන රටවලින් පමණක් බිත්තර ආනයනය කරන්නැයි දැනටමත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ තම සංගමය රජයට උපදෙස් ලබා දී තිබෙන බවයි වෛද්‍ය ඩිලාන් සතරසිංහ මහතා සඳහන් කළේ.

තව කියවන්​න

ඉන්දියාවේ විශ්ව විද්‍යාලවල උපාධි පාඨමාලා හැදැරීම සඳහා ශ්‍රී ලාංකිකයන් 200කට පූර්ණ ශිෂ්‍යත්ව කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසන්නේ ඉංජිනේරු, විද්‍යා, ව්‍යාපාර ආර්ථික විද්‍යාව, මානව ශාස්ත්‍ර සහ කලා පාඨමාලා සඳහා එම ශිෂ්‍යත්ව පිරිනැමෙන බවයි. එහිදි ශ්‍රී ලාංකිකයන්ට උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා සඳහා අයදුම් කළ හැකියි. පාඨමාලා කාලය සඳහා අධ්‍යයන ගාස්තු මාසික ජීවන වියදම් දීමනාවක්, ගුවන් ගමන් ගාස්තු සහ අධ්‍යාපන චාරිකා සඳහා ද දීමනාවක් ශිෂ්‍යත්වලාභීන්ට හිමි වනවා. මේ පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ  www.mohe.gov.lk යන වෙබ් අඩවියෙන් හෝ කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් ලබාගත හැකියි.

තව කියවන්​න

දිවයින පුරා පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාල හරහා විදෙස් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. අන්තර්ජාල මෙහෙයුම් පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම බිඳවැටීම සිදුව ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ එක් දින සේවය හරහා විදෙස් ගමන් බලපත්‍ර ඉල්ලුම් කර ඇති පුද්ගලයින් හරහා එම බලපත්‍ර ස්පීඩි පෝස්ට් හරහා ලබා දීමට කටයුතු යොදා ඇති බවයි.

තව කියවන්​න

අත්‍යාවශ්‍ය නොවන ශල්‍ය කර්ම කෙටි කාලයක් සඳහා කල් දැමීමට රජය ගත් තීරණය බරපතල කාරණයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. මෙම කාරණය කොපමණ කාලයකට වලංගු වන්නේ දැයි රජය විසින් පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදී. මේ අතර අත්‍යාවශ්‍ය නොවන ශල්‍ය කර්ම කල් දැමීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රජයේ රෝහල් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ වෛද්‍ය නිර්දේශ මත කල් දැමිය හැකි ශල්‍ය කර්ම කෙටි කාලයක් සඳහා ප්‍රමාද කරන ලෙස උපදෙස් ලබා දී ඇති බවයි.

තව කියවන්​න

නිෂ්පාදන දෝෂ හේතුවෙන් ධාවනයේදී වායු බැලූන් ක්‍රියාකාරිත්වය අනාරක්ෂිත මෝටර් රථවල වායු බැලූන නැවත සකස් කිරීම ලබන සතියේ ආරම්භ කිරීමට නියමිතයි. අවධානම් මෝටර් රථ කාණ්ඩ සහ මාදිලි 47ක් හඳුනාගෙන ඇති බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ මහතා පැවසුවේ. එම අවදානම් කාණ්ඩවලට අදාළ වාහනවල සමාගම් හරහා එම වාහනවල හිමිකරුවන්ගෙන් යළි කැඳවීමට පියවර ගන්නා බවද ඔහු පැවසුවා. අනාරක්ෂික වායු බැලූන සහිත මෝටර් රථ ලක්ෂ 7 කට අධික සංඛ්‍යාවක් මෙරට ධාවනය වන බවට හඳුනාගෙන ඇති බව මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළා. එමෙන්ම ප්‍රධානතම වාහන සමාගමක් අද දිනයේ ඔවුන්ගේ වාහන කාණ්ඩ කිහිපයක් නම් කරමින් නොමිලේ වායු බැලූන සකස් කර දෙන බවට දැන්වීමක්ද…

තව කියවන්​න