Author: VNews

මහ බැංකුව විසින් අද (04) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ අගයෙහි සුළු වෙනසක් සිදුව තිබෙනවා. ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 294.4895ක් ලෙසයි සටහන්ව ඇත්තේ. එමෙන්ම එහි විකුණුම් මිල රු. 303.7063ක් ලෙස වාර්තා වී තිබෙනවා.

තව කියවන්​න

වසරේ ගතවූ මාස 08 තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් රුපියල් කෝටි 13කට අධික දඩමුදල් නියම කර තිබෙනවා. ඒ අනුව, වැටලීම් 16,530කට අධික ප්‍රමාණයකින් රුපියල් දහතුන්කෝටි හැටඑක්ලක්ෂ පනස්නවදහස් නවසිය අනූනවයක (136,159,999) දඩ මුදලක් මෙසේ නියම කර ඇති බව සදහන්.

තව කියවන්​න

සැප්තැම්බර් මාසයට අදාලව ලාෆ්ස් ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව එම සමාගම පවසනවා. ඒ අනුව පවතින මිල ගණන් එලෙසම පවතිනු ඇති. අවසන් වරට ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය වූයේ පසුගිය ජුනි මාසයේ දීයි.

තව කියවන්​න

බදුල්ලේ පාසල්වලට ලබන 13වන දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් පවසනවා. ඒ 2024 ජනාධිපතිවරණය නිමිත්තෙන්.

තව කියවන්​න

මෙම වසරේ පළමු මාස 07 තුළ ශ්‍රී ලාංකිකයින් 175,163ක් රටින් පිටව ගොස් තිබෙනවා. ඒ විදෙස් රැකියා සදහායි. පසුගිය වසරේ මුල් මාස 07ට සාපේක්ෂව, මෙම ප්‍රමාණය ඉහළ යාමක්වන බවටයි වාර්තා වෙන්නේ.

තව කියවන්​න

2024 ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා භාර ගැනීමේ කටයුතු ඊයේ (02) දින අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී තේරීම් කාර්ය භාර නිලධාරි විසින් ලබා දී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, අදාළ නිල ඡන්ද පත්‍රිකා ලබා දීම් කටයුතු අද (03) දින ආරම්භ කර ඇති අතර තැපැල් බෙදාදීම් කාර්යමණ්ඩලය 2090ක ක් මේ සඳහා යොදවා ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ රණසිංහ පවසනවා.

තව කියවන්​න

දේශපාලන පක්ෂවලට අයත් මැතිවරණ ප්‍රචාරක දැන්වීම් සිය වාහනවල ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය අනතුරු ඇඟවීමක් සිදු කරනවා. ඒ අනූව එවැනි මැතිවරණ ප්‍රචාරක දැන්වීම් වාහනවල ප්‍රදර්ශනය නොකරන ලෙසයි වාහන හිමියන්ට පොලිසිය අවවාද කරන්නේ. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසන්නේ එවැනි දැන්වීම් ප්‍රදර්ශනය කිරීම නීතිවිරෝධී බවයි.

තව කියවන්​න

රාජ්‍ය සේවකයින්ගේ අවම වැටුප රුපියල් 57, 500 ක් බවට පත්කරන බව සමගි ජනබලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද අද (03) වව්නියාවේ පැවැති ජන රැළියක් අමතමින්.

තව කියවන්​න

මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනය අනුව මෙවරද ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසනවා. කෙසේ වෙතත් ගෑස් මිල සංශෝධනයක් අවසන් වරට සිදු වූයේ ජූලි මස 02 වනදා වන අතර, අගෝස්තු මසදී ද සංශෝධනයක් සිදුකෙරුණේ නැහැ. ඒ අනුව මේ වනවිට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 3690ක් වන අතර, කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක මිල ද රු. 1482 ක් වනු ඇති . එමෙන්ම, කිලෝ ග්‍රෑම් 2.3 ක ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 694ක් වනවා .

තව කියවන්​න

එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ වීසා නොමැතිව නීතිවිරෝධීව රැඳී සිටින්නන්ට එරටින් පිටවීම සඳහා සැප්තැම්බර් 01 සිට ඔක්තෝම්බර් 31 දක්වා මාස 2 ක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ. සේවා යෝජකයාගේ නීත්‍යානුකූල අවසරයකින් තොරව සේවා ස්ථානයෙන් බැහැරව සිටින්නන්ට හා පොලිස් පැමිණිලි සහිත පුද්ගලයින්ට (තාමිම් කරනු ලැබූවන්ට), මෙම පොදු සමා කාලය තුළදී කිසිඳු දඩ මුදලකට යටත් නොවී හෝ වෙනත් නෛතික අවහිරතාවයකට ලක් නොවී, එරටින් බැහැරවීමට, හය මාසයක තාවකාලික වීසා බලපත්‍රයක් ලබාගෙන නව රැකියාවක් ලබාගැනීමට හෝ අවස්ථාව හිමිවේ. එසේම අදාළ තැනැත්තාට එරෙහිව ඇති පැමිණිල්ල (Absconding Report) ඉවත් කරගෙන එරටින් පිටව යාමටද මෙම කාලය තුළදී අවස්ථාව සැලසෙන බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබි ශ්‍රි ලංකා…

තව කියවන්​න