- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
- අමෙරිකානු තානාපති කාර්යාලය විසින් වීසා ඉල්ලුම් කරන අපේක්ෂකයින් සදහා විශේෂ දැනුම් දීමක්
- සුජීවට රු. මිලියන 250ක වන්දියක් ගෙවන්නැයි සී.බී ට නියෝගයක්
Author: VNews
මැතිවරණය කල් යාම මුදල් ගැටලුවක් හේතුවෙන් සිදු නොවූ බව පැෆරල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ දේශපාලන ප්‍රශ්නයක් හේතුවෙන් මැතිවරණය කල් යාම සිදු වන බවයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවා. මේ අතර ජාතික ජනබලවේගයේ නියෝජිත සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේ රජයේ මුද්‍රණාලයට බලපෑම් කරමින් මැතිවරණය කල් දැමීම සදහා ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවයි.
මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ආර්.පී.එන්. සන්ත ස්ටීවන් මහතාගේ ධුරය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙම තීරණය ගෙන තිබෙනවා. මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ උපසභාපති කේ.ජී. පියතිස්ස මහතා සභාපති ධුරයේ රාජකාරී ඉටුකිරීම පිණිස පත් කර ති බෙනවා. සභාපතිවරයා තම ධුරයේ රාජකාරී කටයුතු කිරීමේදී වැරදි සිදු කර ඇත්දැයි සොයා බලාවාර්තා කිරීමට ඒක පුද්ගල පරීක්ෂණ කොමිසමක්ද ආණ්ඩුකාරවරයා විසින් පත් කර තිබෙනවා. එසේම එහි වාර්තාව මාස තුනක කාලයක් තුළ තමා වෙත ලබාදෙන ලෙසටද ආණ්ඩුකාරවරයා නියෝග කර තිබෙනවා.
චෙක්පත් මඟින් ගනුදෙනු කිරීමේදී සිදුවන වංචා සැලකිල්ලට ගනිමින් ඒ සම්බන්ධව පවතින නීති වර්තමානයට ගැලපෙන පරිදි වෙනස් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබෙනවා. ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කිරීමට නියමිතයි. ඒ අනුව විශේෂඥ කමිටුව විසින් සති 2ක කාලයක් තුළ මේ පිළිබඳව පවතින දේශීය හා ජාත්‍යන්තර තත්ත්වයන් පිළිබඳව අධ්‍යනය කරමින් වාර්තාවක් සකස් කිරීමට ද නියමිතව තිබෙනවා. චෙක්පත් මගින් ගනුදෙනු කිරීමේදී සිදුවන වංචා හා අක්‍රමිකතා හේතුවෙන් ජනතාව, ව්‍යාපාරික ප්‍රජාව, බැංකු හා මූල්‍ය ආයතන දැඩි අපහසුතාවයට පත් වීම හේතුවෙනුයෙි මෙම තීරණය ගෙන ඇත්තේ.
මැතිවරණ කොමිෂන් සභාව ඇතු`ඵ ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ කටයුතු අද සිට ආරම්භ වනවා. ඒ අනුව ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයින් පත් කිරීම සඳහා අයදුම්පත් කැදවීමේ කටයුතු අදින් අවසන් වනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ අයදුම්පත් භාර ගැනීමේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට කටයුතු නොකරන බවයි. ස්වාධීන කොමිෂන්සභා සඳහා අයදුම්පත් කැදවීම පසුගිය ජනවාරි මස 25 වනදා ආරම්භ වුණා. එම කොමිෂන් සභා සදහා සාමාජිකයන් ලෙස පත්වීමට අයදුම්පත් 100කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව සදහන්.
තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය කල් දැමූ බවට මාධ්‍ය විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍යක් බව මැතිවරණ කොමිසමේ සභාපති නිතිඥ නිමල් පුංචිහේවා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ නියමකර ගත් පරිදි ලබන 22, 23, 24 යන දිනවල තැපැල් ඡන්දය පැවැත්වෙන බවයි. නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සදහන් කර තිබෙනවා. කෙසේ වෙතත් කල්ගොස් ඇත්තේ තැපැල් ඡන්ද පත්‍රිකා බෙදාහරින දිනය පමණක් බවද නිමල් පුංචිහේවා මහතා එම නිවේදනයෙන් පෙන්වා දෙනවා. මැතිවරණ කොමිසමේ කිසිවෙකුත් තැපැල් ඡන්දය කල් දමන බවට ප්‍රකාශ කොට නොමැති බව ද ඔහු අවධාරණය කළා.
මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් වැඩවසන විහාරස්ථානයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට අදාලව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 13 වැනි දා අලුයම යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වුණේ. කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ දී උන්වහන්සේ විහාරස්ථානයේ වැඩවිසූ අතර සුමනරතන හිමියන්ට ඉන් අනතුරක් සිදු වූයේ නැහැ.
පළාත් පාලන ඡන්ද විමසීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින් අද දිනයේ ද මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම් සභාව පවසනවා. ඡන්ද විමසීමට රුපියල් මිලියන 300ක මුදලක් අවශ්‍ය බව මීට පෙර ද දැනුම් දුන් බවයි එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ. කෙසේ වෙතත් මේ වනවිට ලැබී ඇත්තේ රුපියල් මිලියන 100 ක මුදලක් පමණක් බව ඔහු සඳහන් කළා. එමෙන් ම ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
කාන්තා 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. ඒ අනුව අද පස්වරු 6.30ට ඉන්දියානු කාන්තා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කාන්තා කණ්ඩායම අතර තරගය ආරම්භ කෙරෙනවා. මේ අතර දෙවන තරගය අද රාත්‍රී 10.30 අයර්ලන්ත කාන්තා කණ්ඩායම සහ පාකිස්ථාන කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
ඌරුගස්මංහන්දිය, 06 කණුව ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු සිදු කළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වෙඩි තැබීමෙන් පසු යතුරුපැදියේ පැමිණි පුද්ගලයන් දෙදෙනා පළාගොස් ඇති බවයි පොලීසි සදහන් කළේ. වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා 45හැවිරිදිවියේ පසු වූ වෙළදසැල් ව්‍යාපාරිකයෙක් බවයි අනාවරණවී තිබෙන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් ඌරුගස්මංහන්දිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
මූල්‍ය වංචාවක් සිදු කළ බව කියන නීතිඥවරයකු කොළඹ මූල්‍ය වංචා අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . පොලිසිය සදහන් කලේ ඔහු ඉඩම් ඔප්පු වලට කූඨ ලේඛන සකස් කොට රුපියල් කෝටි 60 ක පමණ මුල්‍ය වංචාවක් සිදු කර ඇතී බවයි . අදාළ සැකකරු මහනුවර මඩවල ප්‍රදේශයේදී සිය භාරට ගැනීමට පොලීසිය සමත් වුණා . මෙම නීතිඥවරයා මෙරට ප්‍රකට ඉස්ලාම් සංවිධානයක මහනුවර දිස්ත්‍රික් සභාපතිවරයා ලෙස ද කටයුතු කරන බවයි පොලීසිය පැවසුවේ . මේ අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, පානදුර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා සහ කොස්තාපල්වරයෙක්. රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222