Author: VNews

මත්ද්‍රව්‍ය මිශ්‍ර කරන ලද චොකලට් එකක් ලබාදී තම මිතුරන් දෙදෙනෙකු සමග එක්ව තම පෙම්වතිය දූෂණය කිරීමේ පුවතක් පුනරීන් ප්‍රදේශයෙන් වාර්තා වනවා. පෙබරවාරි 14 වනදාට යෙදී තිබූ පෙම්වතුන්ගේ දිනය සැමරීමට 17 හැවිරිදි පෙම්වතා විසින් සිය 14 හැවිරිදි පෙම්වතියට චොකලට් එකක් ලබාදී තිබෙනවා. පොලිසිය කියා සිටියේ පෙම්වතා ලබාදුන් චොකලට් අනුභව කිරිමෙන් පසු පෙම්වතිය සිහිමුර්ජා වි ඇති බවයි. පසුව ඇයගේ 17 හැවිරිදි පෙම්වතා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙක් එක්ව ඇය දූෂණය කර තිබෙනවා. මෙම තරුණයන් තිදෙනාම මත්ද්‍රව්‍ය භාවිතා කරන සහ ඒවා අලෙවි කිරීමේ කටයුතුවලට නිරත වන්නන් බවට අනාවරණ වී ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පුනරීන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

තව කියවන්​න

මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා තම කොමිසන් සභාව වෙත කැඳවන මැතිවරණ කොමිසන් සභාව පවසනවා. මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරියෙක් කියා සිටියේ පළාත් පාලන මැතිවරණය සඳහා මැතිවරණ කොමිසන් සභාව ඉල්ලා ඇති මූල්‍ය ප්‍රතිපාදන මෙතෙක් ලබානොදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මෙලෙස කැඳවන බවයි.

තව කියවන්​න

මුදල් ලබාදීම සම්බන්ධයෙන් මහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර විසඳුමක් ලබාදෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් දැනුම්දී ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය පවසනවා. පළාත් පාලන මැතිවරණයට අදාළව දිස්ත්‍රික්ක 7ක පමණ තැපල් ජන්ද පත්‍රිකා දැනටමත් මුද්‍රණය කර අවසන් බවද ඇය ප්‍රකාශ කලා. මහා භාණ්ඩාගාරය රජයේ මුද්‍රණාලයට දැනට ලබාදී ඇත්තේ කෝටි 40 ක පමණ මුදලක් පමණක් බවත් මැතිවරණයට අදාළව කෝටි හැත්තෑවකට වැඩි මුද්‍රණ දැනට කර අවසන් බවයි ගංගානී කල්පනා ලියනගේ මහත්මිය සදහන් කලේ.

තව කියවන්​න

බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇගේ මිතුරිය විසින් ඔපෙක්ස් හෝල්ඩින් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඔනේෂ් සුබසිංහ මහතා අබිරහස් අන්දමින් ඝාතනය කර ඇත්තේ ඔහුට අයත් ඩොලර් මිලියන 1.5ක ජීවිත රක්ෂණය සහ රුපියල් බිලියන ගණනක් වටිනා දේපළ ලබාගැනීමට බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා. ඔනේෂ් සුබසිංහ ඝාතනයෙන් පසු බ්‍රසීලයට පලාගිය ඔහුගේ බිරිඳ මෙම දේපළ තමන් සතු කර ගැනීමට නොයෙකුත් උපක්‍රම භාවිත කරමින් සිටින බවද වාර්තා වනවා. ඉන්දුනීසියාවේ සුපිරි මහල් නිවාසයකදී ඔනේස් සුබසිංහ මහතා අබිරහස් අන්දමින් මරා දැමීමෙන් පසු ඔහුගේ බ්‍රසීල ජාතික ඳබිරි සහ මිතුරිය පළාගොස් ඇත්තේ ඔනේෂ් සතුව තිබූ ක්‍රෙඩිට් කාඩ්පත්, ජංගම දුරකථන, මිලියන ගණනක් වටිනා අත්ඔරලෝසුව ඇතුලු වටිනා භාණ්ඩ…

තව කියවන්​න

යුක්රේන යුද්ධය හේතුවෙන් උද්ගත වූ බලශක්ති අර්බුදය යුරෝපයේ රටවල් රැසක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර තිබෙනවා. මේ වන විට යුරෝපයේ රටවල් රැසක ආර්ථිකය දැඩි ලෙස බිද වැටී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. මේ අතර ජර්මනියේ උද්ධමනය පාලනය කිරීමට සහ පාරිභෝගික භාණ්ඩ මිල ස්ථාවර මට්ටමක රදවා ගැනීම සදහා එරට රජයට යූරෝ බිලියන 270කට වැඩි මුදලක් වැය කිරීමට සිදුව තිබෙනවා. එමෙන්ම ඉතාලිය, ප්‍රංශය සහ බි්‍රතාන්‍ය ද බලශක්ති අර්බුදය විසදීම සදහා යූරෝ බිලියන 150කට වඩා වැය කර ඇති බව සදහන්. මේ අතර ජර්මනියේ ඉන්ධන මිල දැඩි ලෙස ඉහළ ගොස් තිබෙන අතර බි්‍රතාන්‍යයද විදුලි බිල්පත් ස්ථාවර ගාස්තුව ඉහළ දැමීමට අයවැයෙන් යෝජනා කර තිබෙනවා.

තව කියවන්​න

විදුලි බිල යලි ඉහල දැමීමට කටයුතු කලහොත් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව විදුලිබල වෘත්තීය සමිති පවසනවා. ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් මහතා සදහන් කළේ 66%කින් විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව අසාධාරණ බවයි. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ තම විරෝධය මැද 66%ක විදුලි ගාස්තු ඉහල දැමීමේ විදුලි බල මණ්ඩල යෝජනාවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් තිදෙනා අනුමැතිය ලබා දුන් බවයි. එමගින් වාර්ෂිකව රුපියල් බිලියන 287ක අමතර වැය බරක් විදුලි පාරිභෝගිකයා වෙත පැටවෙන බවද ඔහු පැවසුවා. මේ අතර අද පෙරවරුවේ විකාශය වූ සිද්ධමුල්ල කාලින වැඩසටහනට…

තව කියවන්​න

ඔපෙක්ස් හෝල්ඩිංග් සමූහ ව්‍යාපාරයේ හිමිකරු ඕනේෂ් සුභසිංහ මහතා ඝාතනය කර ඇත්තේ ජිවිත රක්ෂණය ලබා ගැනීම සදහා බවට තොරතුරු හෙළි වී තිබෙනවා. ඒ අනුව ඔහුට අයත් ඩොලර් මිලියන 1.5ක ජීවිත රක්ෂණය සහ රුපියල් බිලියන ගණනක් වටිනා දේපළ ලබා ගැනීමට මෙම ඝාතනය සිදු කර ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ. එම ඝාතනය සම්බන්ධයනේ ඕනේෂ් සුබසිංහ මහතාගේ බ්‍රසීල ජාතික බිරිදට සහ ඇයගේ මිතුරියක් වෙත චෝදනා එල්ල වනවා.

තව කියවන්​න

පාසල් සිසුන් ඉලක්ක කරමින් මත් පෙති අලෙවි කළ බදුල්ල මහ රෝහලේ වෛද්‍යවරයෙකු විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පස්සර කදවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඔහු සිය පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයේදී කාලයක සිට පාසල් ලමුන් ඉලක්ක කරගනිමින් මෙලස මත් පෙති අලෙවි කර තිබෙනවා. සැකකාර වෛද්‍යවරයා අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

සමගි ජන බලවේගයේ දෙමටගොඩ පිහිටි කාර්යාලයකට කිසියම් පිරිසකගෙන් අද(15) අලුයම් කාලයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසන්නේ කිහිප දෙනෙක් කඩා පැන කාර්යාලයේ තිබූ ප්‍රචාරක පුවරුවලට දැඩි ලෙස හානි කර ඇති බවයි. ඔහු වැඩිදුරටත් චෝදනා කරන්නේ සමගි ජන බලවේගයට තරග කරන අපේක්ෂකයින් බියවද්දා කාර්යාලය විනාශ කිරීමට ජනාධිපතිවරයා විසින් කණ්ඩායම් යොදවා අලුත් සංස්කෘතියක් නිර්මාණය කර ඇති බවයි. ජනාධිපතිවරයාගේ නිවසට ගිනිතැබීමේ සිද්ධියට අදාළව සමගි ජන බලවේගයේ අපේක්ෂකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දිනයේ කැඳවා ඇති බවයි හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්​න

මහ කන්නයේ වී මිලදී ගැනීම අද සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. අදාල ප්‍රතිපාදන මේ වන විටත් දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කර ඇති බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ. ඒ අනුව උපරිම තෙතමනය 14% ක් සහ උපරිම බොල් ප්‍රමාණය 9% වන නිසි ප්‍රමිතියෙන් යුතු නාඩු වී කිලෝවක් රුපියල් 100ක මුදලට මිලදී ගැනීමට නියමිතයි. මේ අතර තෙතමනය 14% ට වැඩි හා 22% හෝ ඊට වඩා අඩු නාඩු වී කිලෝවක් රුපියල් 88කට ලබා ගන්නා ලෙසයි ඊයේ නිකුත් කළ චක්‍රලේඛයෙන් දක්වා තිබුනේ.

තව කියවන්​න