- කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
- හින්දුස්ථාන පෙට්‍රෝලියම් සමාගම ශ්‍රී ලංකාව හා එක්වෙයි
- මනුශ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- එක්ස්ප්‍රස් පර්ල් පෙත්සම් විභාගය ලබන සිකුරාදා දක්වා කල්යයි
- ශ්‍රී ලංකාවේ ගැටලු විසඳීමට එක්සත් ජාතින්ගේ සංවිධානයේ සහාය
- කොටස් වෙළදපොලේ අද දැවැන්ත කොටස් පහළ යාමක්
- ඉමාමි වාර්තා පිළි නොගන්නා බව සිරිල් ගාමිණී පියතුමන් කියයි
- ජනවාරි මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම ඉතිහාසගත වෙයි
Author: VNews
රුපියල් මිලියන 13ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී සොයාගෙන තිබෙනවා. ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදුකරන ආවේක්ෂණ රාජකාරී කටයුතුවලදීයි මෙම මත්ද්‍රව්‍ය තොගය සිය භාරයට ගෙන ඇත්තේ. මත්ද්‍රව්‍ය සහිත පාර්සල් 15ක් මෙහිදී සොයාගෙන තිබෙනවා. ඒවායේ තිබි කුෂ් නැමති මත්ද්‍රව්‍ය සමඟ තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව පොලිසිය සදහන් කළා. ජර්මනියේ සිට එවා ඇති මෙම පාර්සල් මෙරට ව්‍යාජ ලිපිනියන්ට එවා ඇති බවයි මුලීක විමර්ශනවලදී හෙළිව ඇත්තේ. ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මේ පිළිබද වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.
පළාත් පාලන මැතිවරණය කල්දැමීම වෙනුවෙන් කඩාකප්පල්කාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව ජාතික ජන බලවේගය චෝදනා කරනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ මර්දනය යොදා බලය යොදා මැතිවරණ කල් දැවීමේ සුදානමක් පවතින බවයි. විකෘති ජනවරමක් සහිත පාලනයක් පවතින මෙවන් මෙහොතක රට තුළ මැතිවරණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි අනුර කුමාර දිසානායක මහතා සදහන් කළේ. මේ අතර පෙරටුගාමි සමාජවාදී පක්ෂය කැදවා තිබු මාධ්‍ය හමුවකදී ද පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළවුණා. මේ එහි ලේකම් පුබුදු ජාගොඩ මහතා.
පළාත් පාලන මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙනුයි. ඡන්ද විමසීමට අදාළ මුදල් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්වනු ඇති. මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම සාකච්ඡාවට කැදවා තිබෙනවා. මැතිවරණ පැවැත්වීමට අදාළව මතුව ඇති ගැටළු සාකච්ඡා මාර්ගයෙන් විසඳා උත්සහදරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ. එසේ නොමැතිවුවහොත් නීතිමය ක්‍රියාමාර්ග වෙත යොමු වන බව ද ඔහු සදහන් කළා.
පල්ලෙබැද්ද ප්‍රදේශයේදී සිදු වූ අනතුරක් හේතුවෙන් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවෙකි. වන්දනා නඩයක් සිරිපා වන්දනාවේ ගොස් යළි බෙරලපනාතර බලා යමින් සිටියදී පල්ලෙබැද්ද ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා. බස් රථයේ රියදුරුට නින්ද යාම නිසා බස් රථය මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටී ඇති අතර එහිදී පාසල් සිසුවා බස් රථයෙන් පිතට විසිවී ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුර වන අවස්ථාවේ බස් රථයේ එන්ජින් පෙට්ටිය මත ඔහු වාඩි වී සිට ඇති බවයි අනාවරණ වී ඇත්තේ. අනතුරෙන් බරපතල තුවාල ලැබූ පිරිමි ළමයා පල්ලෙබැද්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ. අනතුර…
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය ආරම්භ කළ හැකි බවට වන දැනුම් දීම එළඹෙන මාර්තු මස අවසන් වීමට ප්‍රථම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිවේදනය කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම ක්‍රියාවලිය ඉදිරියට යාම සඳහා රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් සහ සමාජය තුළ නව ආකල්පයක් ද පවතින බවටයි ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ.
නුවරඑලිය නානුඔය රදැල්ල ක්‍රිඩාංගණය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු විම් කටයුතු සිදුකිරිම සඳහා ක්‍රිකට් පාලක මණ්ඩලය මගින් ප්‍රතිසංස්කරණ කටයුතු මේ දිනවල සිදු කරමින් පවතිනවා. රදැල්ල ක්‍රිඩාංගණය දිඹුලු ක්‍රිඩා සමාජය යටතේ පාලනය වන අතර, එම ක්‍රිඩා සමාජයේ එකඟතාවයක් මත නවසිලන්ත තරඟවලියට සහභාගිවීමට පෙර ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවිම් කටයුතු සඳහා රදැල්ල ක්‍රිඩාංගණය සුදානම් කෙරෙනවා. ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ මස 17 දින සිට 23 දින දක්වා එම ක්‍රිඩාංගණයේ පුහුණුවිම් කටයුතු සිදුකිරිමට නියමිතයි. රදැල්ල ක්‍රිඩාංගණය අවට අධික සිතල කාලගුණයක් පවතින ප්‍රදේශයක් නිසා එම ක්‍රිඩාංගණය ජාතික ක්‍රිකට් කණ්ඩායමට පුහුණුවිම් කටයුතු සඳහා ලබාදිමට පියවර ගත් බවයි එම ක්‍රිඩා සමාජයේ නිලධාරින් කියා සිටියේ. ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්…
විදුලි බිල වැඩි කිරීම සඳහා යෝජිත ගාස්තු සංශෝධනය සම්බන්දයෙන් මහජන උපයෝගිතා කොමිසම විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයා වෙත පැහැදිලි කිරීමක් සිදු කරමින් ලිපියක් යොමු කර තිබෙනවා. එහි දැක්වෙන්නේ මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 2023 පෙබරවාරි 8 වැනි දින පැවැත්වූ සැසිවාරයේ දී නව ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කර ඒ සඳහා වන පාර්ශ්වකරුවන්ගේ උපදේශන අදියර ද අවසන් කළ බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදුලිබල පනතේ 30 වැනි වගන්තිය ප්‍රකාරව ක්‍රමවත් විශ්ලේෂණයකින් පසු ව කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා සංශෝධිත ගාස්තු කාලසටහනක් යෝජනා කළ බවත් කොමිෂන් සභාවේ සාමාජිකයන්ගෙන් බහුතරයක් කොමිසමේ එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවත් විදුලිබල මණ්ඩල සාමාන්‍යාධිකාරීවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන්. එවැනි පසුබිමක්…
පාසල් සිසුන්ට නොමිලේ පාසල් පෙළපොත් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහන, අද හෝමාගම පිටිපන පිහිටි අධ්‍යපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ගබඩා සංකීර්ණයේ දී පැවැත්වුණා. ඒ, අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්තගේ ප්‍රධානත්වයෙන්. එහි දී අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, 2023 පාසල් අධ්‍යයන වර්ෂය ආරම්භ වන මාර්තු 27ට පෙර අත්‍යවශ්‍ය සියලු පෙළපොත් බෙදා හැර අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. ඒ අනුව ප්‍රාථමික පන්තිවලට සහ 6-11 ශ්‍රේණිවල විෂයන්ට අදාළව අත්‍යවශ්‍ය වන පෙළපොත් ලබා දීමට මූලිකත්වය දෙමින් පෙළපොත් අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නියමිත බව ද සුසිල් ප්‍රේම්ජයන්ත මහතා අවධාරණය කරනවා.
නිෂ්පාදන අංශයට අදාලව 2022 වර්ෂයේ පැවැත්වූ හය වන කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ දෙවන අදියරේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව එම අදියරෙන් අපේක්ෂකයින් 3950 දෙනෙකු සමත් ව ඇති බවයි එහි දැක්වෙන්නේ. 2022.07.04 දින සිට 2023.02.03 දින දක්වා මාර්ගගත ක්‍රමයට මෙම විභාගය පැවැත්වූවා. අපේක්ෂකයින් 24378 ක පිරිසක් විභාගය සඳහා අයදුම් කරන තිබුණද, විභාගය සඳහා පෙනී සිටියේ ඉන් අයදුම්කරුවන් 18269 ක් පමණි. මෙම විභාගයේ ප්‍රථිඵල www.slbfe.lk වෙබ් අඩවියේ පළ කර ඇති අතර, විභාගය සමත් වූ අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණ හා වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණිය යුතු දිනයන් ඉදිරියේදී දැනුම්දෙන බවයි…
රජයේ මුද්‍රණාලයේ අධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන දෙපල මැතිවරණ කොමිසම හමුවට කැදවා ප්‍රශ්න කළ යුතු බවත් එම නිලධාරින් රටේ උත්තරීතර නීතිය කඩකරමින් ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කිරීමට උත්සහ දරණ බවත් මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා චෝදනා කරනවා. ඔහු මෙම අදහස් පල කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අතර පැවැත්වීමට තිබු හමුවක් අද දින හදිසියේ අවලංගු කර තිබෙනවා. මේ හේතුවෙන් එම හමුවට සහභාගි වූ පළාත් පාලන නියෝජිතයින් පත් වූ අපහසුතාවය හේතුවෙන් දයාසිරි ජයසේකර…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222