Author: VNews

අමෙරිකාවේ නිව්යෝර්ක් හි බෆලෝ නම් ප්‍රදේශයේදී කළු ජාතිකයින් 10දෙනෙක්ට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ සුදු ජාතික තරුණයෙක්ට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලබාදී තිබෙනවා . පේටන් ගෙන්ද්‍රන් නම් එම අන්තවාදී සුදු ජාතික තරුණයා සුපිරි වෙළෙඳසැලක් තුළදී එම වෙඩිතැබීම පසුගිය වසරේ මැයි 14 වනදා සිදුකර කරනු ලැබුවා . චුදිතයාට එරෙහිව මනුෂ්‍ය ඝාතනය, ත්‍රස්ත ක්‍රියා ඇතුළු චෝදනා 25ක් ගොනුකර තිබූ අතර ඔහු ඒ සියල්ලටම වැරදි කරු වී තිබෙනවා . ඔහුට එරෙහිව දඬුවම ලබාදෙන අවස්ථාවේ අධිකරණය තුළ සිටි ඝාතනයට ලක්වූ අයගේ ඥාතීන් ඔහුට පහරදීමට උත්සාහ කර ඇති බවද සදහන් .

තව කියවන්​න

පළාත් පාලන ඡන්ද විමසීම ගැන මුජිබර් ගේ පෙත්සම සලකා බැලීමට දින නියම කෙරේ. පළාත් පාලන ඡන්ද විමසීම බාධාවකින් තොරව පැවැත්වීමට පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මුජිබර් රහුමාන් මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකාබැලීම සඳහා ලබන 23 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් තරග වදිනවා . මෙම පෙත්සම අද ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

තව කියවන්​න

ස්කොට්ලන්ත ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍ය නිකොලා ස්ටර්ජියන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ස්කොට්ලන්ත ආණ්ඩුවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස නිකොලා ස්ටර්ජියන් වසර 8ක පමණ කාලයක් සේවය කළා. තමා මෙම තීරණය එළඹීයේ සති කිහිපයක් ඒ පිළිබදව සිතා බැලීමෙන් පසුව බව නිකොලා ස්ටර්ජියන් මාධ්‍ය හමුවේ සදහන් කර සිටියා. දේශපාලන කටයුතුවල නිරත වීම ජනතාව අතර අප්‍රසාදයට තුඩු දෙන කරුණක් වී ඇති බවයි ඇය පවසන්නේ. කෙසේ වුවද නව ප්‍රධාන අමාත්‍යවරයෙකු තෝරා ගන්නා තෙක් ඇය ධුරයේ රැදි සිටිනු ඇති. එමෙන්ම 2026 වසරේ මැයි මාසයේ දී ස්කොට්ලන්ත ආණ්ඩුවට පාලකයින් තෝරා ගැනීම සදහා වන මැතිවරණය ද පැවැත්වෙනවා.

තව කියවන්​න

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් එච්අයිවී ආසාදිතයින් රැසක් පසුගිය දා වාර්තා වුණා. මේ අනුව අනාරක්ෂික ලිංගික සම්බන්ධතා පැවැත්වීම තුළින් බොහෝ පිරිස් මෙලෙස එච්අයිවී ආසාදිතයින් බවට පත් වී ඇති බවටයි ජාතික ඒඩ්ස් මර්ධන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය පැවසුවේ. ඇය මෙම අදහස් දැක්විම සිදු කළේ අද දින වී එෆ්එම් කතා මිනිස්ට්‍රි කාලීන වැඩසටහනට එක් වෙමින්. මේ එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ඒඩ්ස් මර්ධන වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය.

තව කියවන්​න

පාර්ලිමේන්තුව කැඳවන ලෙස ඉල්ලමින් නිදහස් ජනතා සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුත් ලිපියක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත යොමුකර තිබෙනවා. එම සන්ධානය නිවේදනය කළේ එම ලිපියේ පිටපත් කතානායකවරයාට, විපක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යොමුකළ බවයි. එම ලිපියේ වැඩිදුරටත් දැක්වුණේ පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම දින නියමයක් නොමැතිව කල් දැමීම මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් එල්ල කර ඇති බවයි. අදාළ ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම සඳහා මුදල් ලබාදීම මහා භාණ්ඩාගාරය විසින් පැහැර හැරීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ තර්ජනය මැනවින් විදහා දැක්වෙන බවයි නිදහස් ජනතා සන්ධානය යොමුකළ ලිපියේ දැක්වෙන්නේ.

තව කියවන්​න

පසුගිය පැය 24 තුළ ලොවපුරා ස්ථාන 32ක භූ කම්පන තත්ත්වයන් වාර්තා වී තිබෙනවා. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ වෙබ් අඩවිය පවසන්නේ එම භූ කම්පන මැග්නිටියුඩ් ඒකක 2.5ට වැඩි ප්‍රබලත්වයෙන් යුත් ඒවා බවයි. එම භූ කම්පන අතුරින් මැග්නිටියුඩ් ඒකක 6.1 ක වැඩිම ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනය පිලිපීනයෙන් වාර්තා වනවා. ඉන් සිදු වූ දේපොළ හෝ ජීවිත හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ. මේ අතර මැග්නිටියුඩ් ඒකක 5ට වැඩි ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පන වාර්තාවන්නේ, නවසීලන්තය, ඇලස්කා, කොලොම්බියා, ටොංගා, බොල්වියා, ඇතුළු රටවල් කිහිපයක් ආශ්‍රිතවයි. දරුණු ඛේදවාචකයට මුහුණ දුන් තුර්කියෙන් ද පසුගිය පැය 24 තුළ මැග්නිටියුඩ් ඒකක 4.6 ක භූ කම්පනයක් වාර්තා වුණා. මේ අතර ශ්‍රී…

තව කියවන්​න

අද සිට ක්‍රියාත්මක වන පරිදි සතොස ආයතනය විසින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය 4ක මිල පහත දමා තිබෙනවා. මෙලෙස මිල අඩු කර ඇත්තේ අර්තාපල්, ලොකුළුෑණු, ආනයනික සම්බා සහල් සහ රතු පරිප්පු යන ආහාර ද්‍රව්‍ය කිහිපයක් . ඒ අනුව, අර්තාපල් කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 375ක් වන අතර, ලොකුළුෑණු කිලෝග්‍රෑමයක නව මිල සටහන් වන්නේ රුපියල් 149 ලෙසයි . ආනයනික සම්බා සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 198 දක්වා සහ රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 358ක් දක්වා පහත දමා ඇති බව සතොස ආයතනය නිවේදනය කළා.

තව කියවන්​න

අද සිට විදුලිය විසන්ධි නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මේ අනුව විදුලි බිල වැඩි කිරීම හේතුවෙන් විදුලිය විසන්ධි නොකරන බවයි ඔහු අවධාරණය කළේ. 66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ලබාදුන්නා. ඒ අනුව ඊයේ සිට නව විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මකයි. නව විදුලි ගාස්තු සංශෝධනය අනුව ඒකක 60 ක් භාවිතා කරන නිවසක විදුලි බිල ඉහළ යන්නේ 276% කින්. ඒ අනුව ඒකක 60 ක් භාවිත කරන නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 680 ක් වූ විදුලි බිල රුපියල් 2,560 ක් දක්වා ඉහළ යනු ඇති. ඒකක 30 ක් භාවිත කළ නිවසකට මෙතෙක් ලැබුණු රුපියල් 360…

තව කියවන්​න

ජනවාරි මාසයේදී මෙරට සේවා ක්‍රියාකාරකම්වල සුළු වර්ධනයක් දක්නට ලැබෙන අතර, නිෂ්පාදන ක්‍රියාකාරකම්වල තවදුරටත් පසුබෑමක් සටහන් වූ බව මහ බැංකුව පවසනවා. ඒ, ශ්‍රී ලංකා ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශකය පදනම් කරගනිමින්. ඒ අනුව නිෂ්පාදන අංශයේ එම දර්ශක අගය 40 යි දශම 8 ක් ලෙස සටහන් වූ අතර, එය දෙසැම්බර් මාසයට සාපේක්ෂව දර්ශකාංක 04 ක පහළ යෑමක් බව සදහන් . නව ඇණවුම්, නිෂ්පාදන, සේවා නියුක්තිය මෙන්ම තොග මිලදී ගැනීම් යන අංශ එහිදී පහත වැටී තිබෙනවා. කෙසේ වෙතත්, සේවා අංශයේ යම් වර්ධනයක් දක්නට ලැබෙන්නේ නව ව්‍යාපාර සහ ව්‍යාපාර ක්‍රියාකාරකම්වල ඉහළ යෑමත් සමඟයි.

තව කියවන්​න

මීට පෙර කිසිදු අවස්ථාවක ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබාදෙන ලෙසට රජයේ මුද්‍රණාලය විසින් ඉල්ලීමක් සිදුකර නොමැති බව මැතිවරණ කොමිසම පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ රජයේ මුද්‍රණ කටයුතු සිදුකිරීමට ඔවුන් බැඳී සිටින බවයි. මැතිවරණය යනු රජයේ ක්‍රියාවලියක් බැවින් ඊට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් සිදුකිරීම අනිවාර්ය කරුණක් බවයි මැතිවරණ කොමිසම පෙන්වා දෙන්නේ. එබැවින් මෙවර ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා මුදල් ඉල්ලා සිටීම අනුමත ක්‍රියාවක් නොවන බව එම කොමිසම සඳහන් කළා.

තව කියවන්​න