Author: VNews
ජාඇල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් ආසන්නයේ දී හෙල්මට් නොමැතිව යතුරුපැදියක ගිය තරුණියක් නවත්වා පරීක්ෂා කළ පොලිස් නිලධාරියෙකුට පහර දී තිබෙනවා. ඇය යතුරුපැදිය ද එම ස්ථානයේ දමා පළා ගිය බවයි වාර්තා වන්නේ. යතුරුපැදියේ අංකය පරීක්ෂා කිරීමේ දී ඇයගේ පදිංචිය කඳාන ප්‍රදේශය බවට හඳුනාගෙන තිබෙනවා, ඒ අනුව නිවසට ගිය අවස්ථාවේ නිවැසියන් පොලිසියට පවසා ඇත්තේ යම් මානසික ගැටලුවක් නිසා ඇය මෙලෙස කටයුතු කර ඇති බවයි. කෙසේ වෙතත්, තරුණිය පොලිසියට කැඳවා ඇති අතර, කරුණු විමසීමෙන් පසු ඉදිරි පරීක්ෂණ සිදු කරන බව යි ජාඇල පොලිසිය කියා සිටියේ.
සංචාරක ඔස්ටේරලියානු කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද දිල්ලිහීදී පැවැත්වෙනවා. තරගය මෙරට වෙලාවෙන් පෙරවරු 09.30ටයි ආරම්භවීමට නියමිතව ඇත්තේ. දෙරට අතර පැවති පළමු තරගයෙන් ජයගත් ඉන්දීය කණ්ඩායම මේ වන විට තරග 1ට 0ක් ලෙස තරගාවලියේ ඉදිරියෙන් පසුවනවා.
මිනුවන්ගොඩ ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි වියේ පසුවූ පීල්ලවත්ත ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක් බවයි පොලිීසිය සදහන් කළේ. ඊයේ රාත්‍රියේ මිනුවන්ගොඩ බොරගොඩවත්ත ප්‍රදේශයේදී ඝාතනයට ලක්ව ඇති පුද්ගලයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සැඟව සිටි පුද්ගලයෙකු විසින් ඔහුට වෙඩිතබා පලාගොස් තිබෙනවා. ඝාතනය සිදුකළ සැකකරු පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මිනුවන්ගොඩ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් ඔස්ටේරලියාව හමුවේ කඩුලු 10 ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඊයේ සිදු වුණා. මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ටේරලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 112 ක් පමණයි. නායිකා චමරි අතපත්තු ලකුණු 16 කට දැවී ගිය අතර, හර්ෂිතා සමරවික්‍රම ලකුණු 34 ක් හා විශ්මි ගුණරත්න ලකුණු 24 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ටේරලියාව පන්දුවාර 15යි පන්දු 5 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 113 ක් ලබා ගනිමින් ජයග්‍රහනය සපුරා ගත්තා.…
තුර්කියේ භූකම්පනයෙන් විපතටපත් ජනතාව සදහා සහන සැලසීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඩොලර් බිලියනයක ලබා ගැනීමට වැඩපිළිවෙලක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා. මෙම අරමුදල මිලියන 5.2ක් වන විපතට පත් ජනතාවට මාස තුනක කාලයක් සදහා මානුෂීය සහන ලබා දීමට භාවිතා කරන බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්ටෝනියෝ ගුටරෙස් සදහන් කරන්නේ. පසුගිය පෙබරවාරි 06වැනිදා ඇතිවූ මෙම භූකම්පනයෙන් පුද්ගලයන් 40,000ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූණා.
ආණ්ඩුව සතු තුනෙන් දෙකේ බලය නැති කිරීමට ජනතාව සුදානම් බව ජාතික ජන බලවේගය පවසනවා. අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හදුන්නෙත්ති මහතා කියා සිටියේ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ සිට එය ක්‍රියත්මක වනු ඇති බවයි. විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුනිල් හදුන්නෙත්ති මහතා මේ බව ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති ගිවිසුමකට අත්සන් තැබීමට අවදානය යොමුව තිබෙනවා. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ පිළිබද අනාවරණ කළා. බලශක්ති සම්ප්‍රේෂණ සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් සදහා අවබෝධතා ගිවිසුමකට ඉදිරි මාස දෙක තුළ අත්සන් තැබෙනු ඇති බවයි ඉන් පෙන්වා දී ඇත්තේ. එමෙන්ම ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ ගිවිසුමක් පුළුල් කිරීම සදහාද සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත බවයි රොයිටර් පුවත් සේවය පෙන්වා දෙන්නේ.
බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ සේවිකාවක් ඇතුළු තැරැවුකරුවන් තුන්දෙනෙකු අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දුෂණ විමර්ෂන කොමිෂන් සභාවේ නිලධාරීන් විසිනුයි. එක්දින සේවය යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් සකස්කර දීම සදහා පුද්ගලයෙකුගෙන් අල්ලස් ලබා ගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවනවා. අදාළ පුද්ගලයාගෙන් එක්දින සේවය යටතේ ගුවන් ගමන් බලපත්‍රයක් සකස් කරදීම සදහා රුපියල් හතලිස් දෙදහසක මුදලක් සැකකරුවන් විසින් ලබාගෙන තිබෙනවා.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මතුවී තිබෙන ගැටළුකාරී තත්ත්වය පිළිබද මැතිවරණ කොමිසම කරුණු වාර්තා නොකිරීම පිළිබද සොයා බැලීමට පාර්ලිමේන්තුවේ අවදානය යොමුව තිබෙනවා. ඊට අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවීම පිළිබද යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 දෙනෙකු විසින් කතානායකවරයාගෙන් කළ ඉල්ලීමක් මතයි මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කර ඇත්තේ. මේ අතර කඩිනමින් පාර්ලිමේන්තුව කැදවන්නැයි නිදහස් ජනතා සන්ධානය අග්‍රාමාත්‍යවරයාගෙන් සහ කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ලිපියක් යොමු කරමින් නිදහස් ජනතා නිදහස් සන්ධනය අග්‍රමාත්‍යවරයාගෙන් සහ කතානායකවරයාගෙන් ඉල්ලා ඇත්තේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම පිළිබද මතුවී ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි. එම සන්ධානය පෙන්වා දෙන්නේ පළාත්…
ඊශ්‍රායලයේ සාත්තු සේවක ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 2,000ක් මේ වසරේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීමට සහ සාත්තු සේවිකාවන්ට එහිදී ප්‍රමුඛතාව ලබාදීමට මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල විශේෂ නියෝජිත කණ්ඩායම සහතික වී තිබෙනවා. ඊශ්‍රායලයේ සාත්තු සේවක අංශයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාදෙන ලෙසට විෂයභාර අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණික ආයතනයේ අධ්‍යක්ෂ ෂියලි රයිසින් ඇතුළු දූත මණ්ඩල සාමාජික පිරිසෙන් සිදුකළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් මෙම සහතිකය ලබා දී තිබෙන්නේ. ඒ අනුව ඉදිරියේදී සාත්තු සේවක පුහුණුව ලබාදීමේ දී කාන්තාවන්ට ප්‍රමුඛතාවය ලබාදෙන ලෙස ද එහිදී එම නියෝජිත කණ්ඩායම ඉල්ලා සිටියා.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222