- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: VNews
ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ පළමු දිනයේ කටයුතු සාර්ථකව අවසන් වු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව හෙට සහ අනිද්දා දින දෙක තුළදී ද පෙරවරු 09 සිට පස්වරු 04 දක්වා තැපැල් ඡන්ද විමසීම සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ. එමෙන්ම මෙම දින තුනේදී ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට ලබන11 සහ 12 යන දින දෙකේදී දිස්ත්‍රික් මැතිවරණ ලේකම් කාර්යාලවලදී තැපැල් ඡන්දය සලකුණු කළ හැකි වනවා.
ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2024 සැප්තැම්බර් මස 03 වන දින අරිප්පු ප්‍රදේශයේ සිදුකල විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) ග්‍රෑම් තිස් එක්යි (31) මිලිග්‍රෑම් හාරසීයක (400) පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) සහ යතුරු පැදියක් (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරිණි. ඒ අනුව, වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනය, මන්නාරම කොට්ඨාස අපරාධ පරීක්ෂක කාර්යාංශය හා එක්ව 2024 සැප්තැම්බර් මස 03 වන දින සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ සිදුකල මෙම විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, සැකකටයුතු යතුරු පැදියක් නිරීක්‍ෂණය කර පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී අලෙවි කිරීම සඳහා සූදනම් කර රැගෙනයමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් තිස්…
නවතම ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් වර්ගීකරණයේ පෙරමුණ ගැනීමට එංගලන්ත පිතිකරු ජෝ රූට් සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව සමග පැවැති ටෙස්ට් තරගාවලියේ දැක්වු දක්ෂතා මතයි රූට් ටෙස්ට් පිතිකරුවන් අතර පෙරමුණට පැමිණ ඇත්තේ. ජෝ රූට් ශ්‍රී ලංකාව සමග පැවති ටෙස්ට් තරගාවලියේදී ශතක දෙකක් රැස්කිරීමට සමත් වුණා. නවසීලන්ත ක්‍රිඩක කේන් විලියම්සන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් වර්ගීකරණයේ දෙවන තැනට පත්ව තිබෙනවා.
එංගලන්ත සීමිත පන්දුවාර කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් පත් කර තිබෙනවා. ඔහු මේ වන විටත් එංගලන්ත ටෙස්ට් කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටින අතර, එම වගකීමට අමතරයි ඔහුට මෙලෙස එක්දින හා විස්සයි 20 කණ්ඩායමේ ද පුහුණුකාරීත්වය ලබා දී ඇත්තේ. නිමා වූ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එංගලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයේ කටයුතු කළ මැතිව් මොට් ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ අතර, ඔහු වෙනුවට බ්‍රෙන්ඩන් මැකලම් මෙලෙස නව පුහුණුකරු ලෙස පත් කර තිබෙනවා.
විදේශ රැකියා පුහුණුවෙන් වංචා කර ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ. මේ දිනවල ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යවල පළවනවිදේශ රැකියා පුහුණුවෙන් වංචා කර ඇතැයි යන සිද්ධිය සම්බන්ධයෙන් කාර්යාංශයේ විශේෂ අවධානය යොමු වි ඇත. ඒ අනුව මෙම විමර්ශන ආරම්කොට ඇත. ගෘහපාලන සහායිකා රැකියා සඳහා පිටත්විමට බලාපොරොත්තු වන කාන්තාවන්ටපෙරවිගමනික පුහුණුව අනිවාර්ය කර තිබෙන අතර ඒ අනුව ඔවුන් විසින් දින 28 ක පුහුණුව ලබා ගත යුතුව ඇත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දිස්ත්‍රික් පුහුණු මධ්‍යස්ථාන 8 ක දි හා කාර්යාංශයේ අනුමත පෞද්ගලික පුහුණු මධ්‍යස්ථාන 10 ක දි මෙම පුහුණුව ලබා ගත හැකිය. එසේම ගෘහස්ත නොවන රැකියා…
ගුරු සේවයේ කාර්යක්ෂමතා කඩයිම් පරීක්ෂණ සඳහා පවතින මොඩ්‍යුලර් ක්‍රමවේදය වෙනුවට ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කර සරල විභාගයක් සහිත සාධනීය ක්‍රමවේදයක් රාජ්‍ය සේවා කොමිසමේ එකගතාවයෙන් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය අචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා පැවසීය. ඒ අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි. මොඩ්‍යුලර් ක්‍රමය හඳුන්වා දී කලක් ගත වුවත් ගුරු මධ්‍යස්ථානවල පැවති සම්පත්දායක හිඟය වැනි විවිධ හේතු මත නිසි කලට අදාළ පරීක්ෂණ සිදු නොකිරීමෙන් එම විභාගවලට පෙනී සිට සමත් වීමට නොහැකි වීම නිසා ගුරුවරුන් විශාල පිරිසකට අදාළ වැටුප් වර්ධක හා උසස්වීම් ලබාගැනීම ප්‍රමාද වී ඇති බවත් ඒ අනුව වෘත්තීය සමිති සමග ද සාකච්ඡා කර ගුරු ව්‍යවස්ථාව සංශෝධනය කර මොඩ්‍යුලර් ක්‍රමය වෙනුවට මෙලෙස සරල…
සැප්තැම්බර් මාසයට අදාලව ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව ලාෆ්ස් සමාගම පවසනවා. ඒ අනුව පවතින මිල ගණන් එලෙසම පවතිනු ඇති. අවසන් වරට ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය වූයේ පසුගිය ජුනි මාසයේදීයි. එහිදී කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160කින් අඩු කළ අතර එහි මිල රුපියල් 3,680ක් ලෙස සටහන්ව තිබෙනවා.
ලබන 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීමේ පළමු දිනයේ කටයුතු මීට ටික වේලාවකට පෙර අවසන් වුණා. හෙට සහ අනිද්දා යන දින දෙකේදීත් පෙරවරු 09 සිට පස්වරු 04 දක්වා තැපැල් ඡන්ද විමසීම සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේ.
බොකෝ හරාම් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් නයිජීරියාවේ 81 දෙනෙකු මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . තවත් කිහිප දෙනෙකු එම ප්‍රහාර වලින් අතුරුදහන් ව ඇති බවයි එරට ප්‍රාදේශීය බලධාරීන් පවසන්නේ රයිෆල් හා ආර්පීජී ප්‍රහාර එල්ල කිරීමට එම සටන්කාමීන් කටයුතු කර තිබෙන බව සඳහන් . බොකෝ හරාම් ත්‍රස්තවාදීන් 150 දෙනෙකු පමණ මෙම ප්‍රහාර එල්ල කිරීමට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
වර්තමානයේ පවතින තත්ත්වයට අනුව දෙසැම්බර් මාසය වන විට මෙරට ඩෙංගු රෝගින්ගේ වාර්තා වීම ඉහළ යා හැකි බවට අනුමාන කළ හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. එමෙන්ම රටපුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් ඩෙංගු අවදානම් කලාප වශයෙන් හඳුනාගෙන තිබෙනවා. දිස්ත්‍රික්ක 5ක පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 29ක් මෙසේ හඳුනාගෙන ඇති බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222