Author: VNews

රටේ පවතින බරපතල ආර්ථික අර්බුදය හමුවේ මැතිවරණය සදහා අවශ්‍ය මුදල් ලබා දීමේ බරපතල ගැටලුවක් පවතින බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මැතිවරණ කොමිසම හමුවේ නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

ගේබ්‍රියල් සුළි කුණාටුව නිසා නවසීලන්තයේ මිය ගිය සංඛ්‍යාව 8 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. සුළි කුණාටු තත්ත්වය නිසා දස දහසකට අධික පුද්ගලයන් සංඛ්‍යාවක් අවතැන්ව සිටිනවා. බොහෝ නගරවලට තවමත් විදුලිය සහ නළ ජලය හරි හැටි ලැබී නැහැ. ගේබ්‍රියල් සුළි කුණාටුව නවසීලන්තයේ උතුරු ප්‍රදේශයට බලපෑ අතර මේ සම්බන්ධයෙන් රජය පූර්ව අනතුරු ඇඟවීම් සිදු කර තිබු හෙයින් සිදුවිය හැකිව තිබු අනතුරු බොහෝමයක් වළක්වා ගැනීමට හැකිවුණා. නවසීලන්තය පසුගිය සතිය පුරාම ග්‍රෙබ්‍රියල් සුළි කුණාටුව නිසා අපහසුතාවයට පත්වු අතර විචාරකයන් පවසන්නේ නවසීල්නත නව අග්‍රාමාත්‍ය ක්‍රිස් හිප්කින්ස් ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් අභියෝග රැසකට මුහුණ පා සිටින බවයි.

තව කියවන්​න

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා . කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය විසින් මීට අදාළ නියෝගය අද ප්‍රකාශයට පත්කරනු ලැබුවා. ඉන් අනතුරුව පැමිණිල්ල පෙබරවාරි මස 20 වනදා කැඳවීමට නියමිතයි .

තව කියවන්​න

මෙම වසර පවත්වා ගැනීම ඉතාමත් අසීරු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එළඹෙන මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබීමෙන් අනතුරුව පවතින අපහසුකාරි ආර්ථික තත්ත්වය යම් තාක් දුරට ස්ථාවර තත්ත්වයකට ගෙන යා හැකි බවයි ජනාධිපතිවරයා පැවසුවේ. මෙම තත්ත්වය තුළ බොහෝ කර්මාන්තශාලා වැසී යාමේ තත්වයක්ද හටගෙන ඇති බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ. එමෙන්ම බොහෝ පිරිසක් කුසගින්නේ සිටින ආකාරයක්ද තමන්ට නිරීක්ෂණය වී ඇති බවයි ඒ මහතා ව්‍යාපාරිකයන් සමග පැවැත් වූ විශේෂ සාක්ච්ඡාවට එක්වෙමින් වැඩිදුරටත් පවසා සිටියේ.

තව කියවන්​න

ගල්කිස්ස කොට්ඨාසය යටතේ පාලනය පොලිස් ස්ථානයක කොස්තාපල්වරියක් පෙබරවාරි 15 වනදා අලුයම් කාලයේ කාන්තා භට නිවසේ නානාකාමරයේ ඇඟ සෝදමින් සිටින අතරවාරයේ ජංගම දුරකථනයකින් වීඩියෝ කළ බව කියන එම පොලිස් ස්ථානයේම රාජකාරී කරන ආධුනක පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොස්තාපල්වරිය නාන කාමරයට ගොස් ඇඟ සෝදමින් සිටින අවස්ථාවේ සැකකාර කොස්තාපල්වරයා හොර රහසේම ජංගම දුරකථනයකින් වීඩියෝ කරන ආකාරය දැක ඇය ඒ බව පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබෙනවා. පොලිස් කොස්තාපල්වරියගේ පැමිණිල්ල මත පරීක්ෂණ පවත්වා සැකකාර ආධුනික කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඔහු සතුව තිබූ ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පොලිස් භාරයට ගත් ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිස් කොස්තාපල්වරිය ඇඟ සෝදන ආකාරය දැක්වෙන වීඩියෝ තුනක් එම දුරකථනයේ…

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ දී නාමයෝජනා භාර ගැනීම, ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇති සංශෝධිත නව රෙගුලාසි යටතේ සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ක්‍රිකට් නිලවරණ කමිටුවට දැනුම් දී ඇත්තේ සංශෝධිත නව රෙගුලාසි යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ දී නාමයෝජනා භාර ගැනීම සිදු කරන ලෙසයි. ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා සඳහන් කළේ ඊයේ දිනයේදී ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දුන් බවයි. මීට පෙර නිලවරණ කමිටුව තීරණය කර තිබුණේ නාමයෝජනා භාර ගැනිම සංශෝධිත නව රෙගුලාසි වලින් තොරව ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව පමණක් සිදු කිරීමටයි.

තව කියවන්​න

මාතර වැල්ලමඩම මුහුදු තීරයේ දිය නාමින් සිටි සිසුන් තිදෙනෙකු අද  දහවල් මුහුදේ ගසා ගෙන ගොස් අතුරුදන් වී තිබෙනවා. එසේ අතුරුදන්ව ඇත්තේ කඹුරුපිටිය හා මාකදුර ප්‍රදේශ වල පදිංචිව සිටි 17 හැවිරිදි සිසුන් තිදෙනෙක්. ඔවුන් අද උදෑසන මාතර ඇලවේල්ල පාරේ ටියුෂන් පන්තියකට සහභාගී වීමට පැමිණ තිබෙනවා. එම ස්ථානයේ දිය නෑමට කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබන මිතුරන් දෙදෙනෙකුට ද දුරකතනයෙන් කතා කර තිබෙන අතර ඔවුන් එතනට එන විට පාසල් සිසුන් තිදෙනාම මුහුදේ ගසා ගෙන යන අයුරු දැක විශ්ව විද්‍යාල ආරක්ෂක අංශ දැනුවත් කර තිබෙනවා. මුහුදේ අතුරුදන් සිසුන් තිදෙනාගේ නිශ්චිත අනන්‍යතාවය මේ දක්වා හෙලි වී නොමැති අතර  ඔවුන්ගේ පොත් පත්වල ද නම් ගම් සඳහන් කර…

තව කියවන්​න

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම විභාගයට ගැනීම සඳහා මාර්තු මස 02 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා . මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා . සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා .

තව කියවන්​න

සිය මෝටර් රථ සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන ලෙස පොලිසිය විසින් රියදුරන්ට දැනුම් දෙනවා. ඒ රට තුළ විවිධ ප්‍රදේශවලින් මෝටර් රථ සොරකම් කිරීම් වාර්තා වීම හේතුවෙන්. මේ අතර මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවටයි අනාවරණය වී ඇත්තේ. 30 හැවිරිදි වියේ පසු වූ මොහු ප්‍රියසාද් ප්‍රියංකර ද සිල්වා නොහොත් චන්තු නැමැති පාතාල කල්ලි සාමාජිකයෙකු බවටයි පොලිසිය අනාවරණය කළේ. ඊයේ රාත්‍රියේදී මිනුවන්ගොඩ බොරගොඩවත්ත රුවන් මාවත ප්‍රදේශයේදී මොහුව ඝාතනය කරනු ලැබුවා. මෙම චන්තු නැමැති පුද්ගලයා ඩුබායි සිටින ජාවාරම්කරුවෙකු වන මිනුවන්ගොඩ හීනටියන මහේෂ් නැමැත්තාගේ ගෝලයෙකු බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ. මෙම මියගිය පුද්ගලයා හෙරොයින්…

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා තිබෙනවා. තැපැල් ජන්ද විමසීම ලබන 22, 23 24 සහ 28 වනදා පැවැත්වීමටයි නියමිතව තිබුනේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද දහවල් නිවේදනය කළේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින පසුවට දැනුම්දෙන බවයි. එකඟව තිබූ පරිදි රජයේ මුද්‍රණාලයාධිපතිනිය විසින් තැපැල් ඡන්ද පත්‍රිකා නියමිත දිනවලදී මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබා නොදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කලේ.

තව කියවන්​න