Author: VNews
හරිත මුල්‍ය කමිටුවක් පිහිටුවීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා. දේශගුණික විපර්යාස පිළිබද ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පිහිටුවන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ. 2023 වසර තුළ හරිත මුල්‍ය ව්‍යාපෘති සඳහා අරමුදල් රැස් කර ගැනීම වෙනුවෙන් ශක්තිමත් මාර්ග සිතියමක් ප්‍රකාශයට පත් කිරීම මෙහි අරමුණයි. මේ පිළිබද මුලීක සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
ශිව දෙවියන්ට පුජෝපහාර කිරීම සැමරෙන මහා ශිව රාත්‍රි දිනය අදට යෙදී තිබෙනවා. ශිව දෙවියන්, මහා බ්‍රහ්මයා සහ විෂ්ණු අතර බලය උරගා බැලු මහා ශිව රාත්‍රී දිනය ලෙසයි සැලකෙන්නේ. එමෙන්ම අද දිනය ශිව දෙවියන් පාර්වතී දෙවඟන හා විවාහ වු දිනය ලෙස ද සැලකෙනවා. ලොවපුරා හින්දු බැතිමතුන් පුද පුජා පවත්වමින් මහා ශිව රාත්‍රි දිනය සමරනවා.
පසු භාවිත කළ ප්ලාස්ටික් ඇසුරුම් කළමණාකරණයට නව වැඩපිළිවෙලක් හදුන්වාදී තිබෙනවා. මධ්‍යම පරිසර අධිකාරිය නිවේදනය කළේ පසුභාවිත ප්ලාස්ටික් ඇසුරුම් කළමණාකරනයට අවශ්‍ය ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බවයි. නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම් රෙගුලාසිය මේ වසර අවසන් වීමට පෙර නිකුත් කරන බවයි මධ්‍යම පරිසර අධිකාරිය සදහන් කළේ. එමෙන්ම නිෂ්පාදකයාගේ විස්තීර්ණ වගකීම යන ක්‍රමවේදය නීතිගත කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ජාතික පාරිසරික පනතේ නව සංශෝධන සදහා යොමු කර තිබෙනවා.
මෙවර මහ කන්නයේ වී මිලදී ගැනීම් සහ බෙදාහැරීම් නිසි සැලසුමකට අනුව සිදුකළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. වී මිලදී ගැනීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. අඩු ආදායම් ලබන පුද්ගලයින් සදහා සහන සැලසීමේ රජයේ වැඩපිළිවෙල මෙතුළින් සාර්ථක කරගතහැකි බවයි දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන්නේ. ප්‍රදේශ කිහිපයකම වී මිලදී ගැනීම් කටයුතු ආරම්භ කර ඇති බවත් අනෙකුත් ප්‍රදේශවලද එය කඩිනමින් සිදුකරන බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ.
ජපානයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීමට අදළාව ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා. ඒ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සහ අයි එම් ජපන් ආයතනය අතරයි. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති සමින්ද ජයසේකර මහතා සහ අයි එම් ජපන් ආයතනයේ අධ්‍යක්ෂ ටොලුකා කියෝශි මහතා ඊට අත්සන් තැබුවා. මෙම අවස්ථාවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ද එක්ව සිටියා. අදාළ ගිවිසුමට අනුව පුහුණු ශ්‍රමිකයින් වැඩි වශයෙන් ජපානයට යැවීම සදහා කටයුතු කරන ලෙසයි අමාත්‍යවරයා ජපන් නියෝජිතයින්ගෙන් ඉල්ලා සිටියා. ජපන් රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීමේදී හැකිතාක් නොමිලේ බදවා ගැනීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා මෙහිදී ඉල්ලීමක් කර තිබෙනවා.
චීනයේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහතිතකය නොමැති වුවද ශ්‍රී ලංකාව ඉල්ලා ඇති විස්තීරණ ණය අනුමත කිරීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සලකා බලමින් සිටින බව වාර්තා වනවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සමීපතම ආරංචි මාර්ග පවසන්නේ මෙම ප්‍රතිපාදනය දැඩි මුල්‍ය අවශ්‍යතාවක් ඇති රටකට ණය හිමියා විසින් තෙවැනි පාර්ශවයක් සිදුකරන ආධාර අවහිර කිරීම වැළැක්වීම ඉලක්ක කර ඇති බවයි. ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශවික ණයහිමියා වන චීනය ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබද සහතිකයක් ලබා දීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර තිබුණා. කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ්‍රී ලංකා බලධාරීන් සමග අඛණ්ඩව කරුණු සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.
රැඳවියන්ගේ සුවදුක් විමසීමට පැමිණිමට නොහැකි ඥාතීන්ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔවුන් පිළිබඳව සොයා බැලීමට හැකිවන ලෙස E VISIT සංකල්පය හඳුන්වා දී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසනවා. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ව්‍යුහාත්මක වෙනස්කම් සහ ඉදිරි සැළසුම් පිළිබදව දැනුවත් කිරීම සදහා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, බන්ධනාගාර වෙබ් අඩවියට යොමු වී ලියාපදිංචි වීම තුළින් රැදවියන් බැලීමට වේලාවන් දින දෙකක් තුළ වෙන් කර ගැනීමේ පහසුකම පවතින බවයි.
ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති චේතාන් ෂර්මා ඉල්ලා අස්වී තිබෙනවා. ඒ ඉන්දීය මාධ්‍ය ආයතනයක් මගින් සිදුකළ අනාවරණයකින් පසුවයි. අදාළ රූපවාහිනි නාලිකාවේ මාධ්‍යවේදියෙකු සමග සිදුකළ කතාබහකදී පළවු ආන්දොලනාත්මක අදහස් ප්‍රචාරය වීමෙන් පසුවයි මෙම තත්ත්වය උදා වී ඇත්තේ. අදාළ මාධ්‍යවේදියා විසින් ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා සමග කළ කතාබහ රහසිගතව පටිගතකර තිබුණා. ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ආබාධ සැගවීම සදහා ශාරිරික යෝග්‍යතාව ඉහළ නංවන එන්නත් ලබා ගන්නා බව චේතන් ෂර්මා එහිදී ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ ඉහළ පෙළේ ආරක්ෂක ප්‍රධාන නිලධාරිනියක අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මරීනා යන්කිනා නමැති ආරක්ෂක ප්‍රධාන නිලධාරිනියක්. ශාන්ත පීටර්ස් බර්ග් හි මහල් 16 ක ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එය ඝාතනයක්ද සියදිවි හානි කර ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.
රජයේ බදු ප්‍රතිපත්තිය සහ විදුලිබිල ඉහළ දැමීමට එරෙහිව ලබන 22 වනදා සිට කළු විරෝධතා සතියක් ප්‍රකාශයට පත් කරන බව වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව පවසනවා. ඒ අනුව වෛද්‍ය, ඉංජිනේරු, විශ්විද්‍යාල ආචාර්ය සංගම්වල මෙන්ම බැංකු වෘත්තිය සමිති ඇතුළු ක්ෂේත්‍ර රැසක් මේ සඳහා සහයෝගය පළකර ඇති බව සඳහන්. වෘත්තීය සමිති වෙන් වෙන්ව සිදු කළ විරෝධතා මේ වන විට එක් ස්ථානයකට එක්වී ඇති බවයි වෘත්තීය සමිති නියෝජිතයන් වැඩිදුරටත් සඳහන් කළේ. එමෙන්ම ආණ්ඩුවට විරෝධය දක්වමින් ලබන මාර්තු මස 1 වැනිදා වෘත්තිය සමිති රැසක සහභාගිත්වයෙන් විශාල වැඩවර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා. වෘත්තීය සමිති රැසකගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම වැඩවර්ජනය පැවැත්වීමට එකඟ වී ඇති බව සඳහන්. එම…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222