Author: VNews

විදෙස් රැකියා අපේක්ෂකයින්ගේ සහ රැකියා නියෝජිත ආයතනවල ගැටළු වර්ධනය වී ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. විදෙස් රැකියා සදහා යොමුවීමට පවතින උනන්දුව වැඩි වීමත් සමග මෙම තත්ත්වය මතුව ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. බලපත්‍රලාභී විදේශ සේවා නියෝජිත ආයතන සංගමයේ නියෝජිතයින් සමග පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා. අදාළ ගැටළු හදුනා ගනිමින් කඩිනම් විසදුම් ලබා දෙන බව ද අමාත්‍යවරයා සදහන් කළා.

තව කියවන්​න

චීන බැංකු කේෂ්ත්‍රයේ බිලියනපතියන් අතර දැවැන්තයෙකු වන බාවෝ ෆෑන් අතුරුදන්වී තිබෙනවා. ඔහු අයත් සමාගම පවසන්නේ පසුගිය දින කිහිපයේදී ඔහු පිළිබද කිසිදු තොරතුරක් නොලැබුණු බවයි. චීනයේ දැවැන්ත තාක්ෂණික සමාගම් රැසක තැරැවුකරුවෙකු ලෙසද බාවෝ ෆෑන් කටයුතු කරමින් සිටියා. ඔහු අතුරුදන්ව සිටින්නේ කවදා සිටදැයි නිශ්චිත තොරතුරක් නොමැති බවත් දින දෙකක පමණ සිට ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වු බවත් අදාළ සමාගම පවසනවා.

තව කියවන්​න

කතරගම වන්දනාවේ පැමිණි හිමිනමක් මැණික් ගගේ දිය නාමින් සිටියදී කිඹුලකුගේ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. මම සිද්ධියට මුහුණ දී ඇත්තේ පානදුර ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක්. කිඹුලා සමග පොරබැදීමෙන් එම හිමියන්ගේ වම් අතෙහි අගිල්ලකට තුවාල සිදුව තිබෙනවා. උන්වහස්සේ කතරගම රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබා ගැනීමෙන් පසුව පිටව ගිය බවයි පොලිසිය සදහන් කළේ.

තව කියවන්​න

දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වල අද පස්වරුවේ සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර , කළුතර සහ ගාල්ල , මාතර යන දිස්ත්‍රික්වලට රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවද කාලගුණ අනාවැකියේ සදහන්. දිනයිනේ අනෙකුත් ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක් පවතිනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

තව කියවන්​න

කාන්තා ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 71කින් ජය ගන්නට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු තුනක් දැවී ලකුණු 189ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර 20 අවසනායේ කඩුලු 08ක් දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 118ක් පමණයි. ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහභාගී වන මීළග තරගය හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ නවසීලන්ත කාන්තා කණ්ඩායමට එරෙහිවයි.

තව කියවන්​න

දින හතක් වයවැසි බිළිඳියක් තුන්වරක් පොලවේ ගසා ඝාතනය කළ බව කියන මවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පයාගල පොලිසියට ලද තොරතුරකට අනුවයි ඝාතනය සිදුකළ මව අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඇදෙන් වැටුණු බව පවසමින් සැකකාර මව සිය බිළිදිය කළුතර ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මරණය සම්බන්දයෙන් සැකසිතී සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණයෙක් අනාවරණ වී ඇත්තේ දැරිය ඝාතනයට ලක්ව ඇති බවයි. සැකකාර මව කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්​න

2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු කිරීමට එරෙහිව අද ප්‍රදේශ රැසක විරෝධතා සංවිධාන කර තිබෙනවා. ජාතික ජන බලවේගය , සමගි ජන බලවේගය ඇතුළු දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන රැසක් මෙම විරෝධතාවන්ට එක්වනු ඇති. තැපැල් ඡන්දය කල් දැමීමත් සමග දේශපාලන වේදිකාවේ මැතිවරණ උණුසුම තවත් වැඩිව තිබෙනවා. මේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ නියෝජිතයින් දැක්වු අදහස් කිහිපයක්. ස්වාධීන කොමිෂන් සභා අකර්මන්ය කරීමට රජය කටයුතු කරමින් සිටින බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා ඊයේ පැවති ජන හමුවකදී කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන පාර්ශව විසින්ම එය නැති කර දමන…

තව කියවන්​න

අධික ලෙස දුම්පිට කරන වාහන පිළිබද දැනුම් දෙන්නැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ එවැනි වාහනවල අංක තහඩුව ඡයාරූපයට ගෙන 070 3500 525 යන දුරකතන අංකයට වට්ස්ඇප් පණිවිඩයක් මගින් යොමු කරන ලෙසයි. එහිදී අදාළ ස්ථානය සහ වෙලාව ද සටහන් කරන ලෙසයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනාවට දැනුම් දෙන්නේ.

තව කියවන්​න

රට තුළ පවතින ඖෂධ හිඟයට විසදුම් රැසක් ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. කුමන ඖෂධ හිගයක් පැමිණිය ද ජනතාවගේ ජීවිතයට තර්ජනයක් නොවන මට්ටමින් සමනය කර ගැනීමට හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මේ වන විට ජීවිතාරක්ෂක ඖෂධ 14 ක් රටතුළ පවතින බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කළේ. එමෙන්ම අත්‍යවශ්‍ය ඖෂධවල පවතින අඩුපාඩු මේ වන විට කළමනාකරණය කරමින් සිටින බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

තව කියවන්​න

පාකිස්ථානයේ කරච්චි නුවර පොලිස් මුලස්ථානයට ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. ඊයේ රාත්‍රියේ මෙම ප්‍රහාරය එල්ල වී තිබුණා. ප්‍රහාරකයින් සහ පොලිසිය අතර වෙඩි හුවමාරුවක් සිදුවු බවයි එරට ආරක්ෂක අංශක පවසන්නේ. පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරකයින් විසින් පොලිස් මුස්ථානය වෙත අත්බෝම්බ ප්‍රහාරයක් ද එල්ල කොට ඇති බවයි. මෙයින් පුද්ගලයින් හතර දෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් මේ වන විට අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිර ඇති බවයි පාකිස්ථාන ආරක්ෂක අංශ සදහන් කළේ.

තව කියවන්​න