Author: VNews

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ තමා බලයේ සිටියේ නම් වෙනස් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා . ඔහු මේ බව පැවසුවේ කළුතර පැවති ජන හමුවකට එක්වෙමිනි.

තව කියවන්​න

යල කන්නයේදී සහන මිලට බන්ඩි පොහොර ලබා දීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මේ සමබන්ධ කැබිනට් පත්‍රිකාවද සකස් කරමින් සිටින බවයි ඔහු සදහන් කලේ . හමබන්තොට ප්‍රදේශයේ පවතී ජන හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා.

තව කියවන්​න

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් ඉතාලියේ රැකියා අවස්ථා හිමිකරදීමේ අරමුණින් සංක්‍රමණික සේවක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.. ඒ සඳහා ද්වීපාර්ශවික අවබෝධතා ගිවිසුම් කඩිනම් කිරීමට විදේශ රැකියා අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව සඳහන්. ශ්‍රී ලංකාව වෙත ඉතාලියේ සංචාරකයින් වැඩි වශයෙන් යොමුකර කිරීමට අවශ්‍ය සහය ලබාදීමට ද එරට එකගතාවය පළ කර ඇති බවයි වාර්තාවන්නේ. මෙරට ආර්ථිකයට සංචාරක ක්ෂේත්‍රය මූලික දායකත්වය ලබාදෙන අතර ඒ හේතුවෙන් එම ක්ෂේත්‍රය සංවර්ධනය සදහා දායකත්වය ලබාදෙන බවයි ඉතාලි රජය ප්‍රකාශ කර ඇත්තේ.

තව කියවන්​න

ලබන 28 වනදා මධ්‍යම රාත්‍රීයෙන් පසුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීම අවසන් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. මේ වන විට මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ විභාගය සඳහා අයදුම් පත්‍ර භාර ගැනීම සිදුවෙමින් පවතින බවයි ඔහු පවසන්නේ. ලබන 28 වනදායින් පසුව කිසිදු හේතුවක් මත විභාග අයදුම් පත්‍ර කැඳවීමේ කාලසීමාව දීර්ඝ නොකරන බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළා.

තව කියවන්​න

රජය විසින් ඉහල දැමු විදුලි බිලට එරෙහිව විදුලිබල මණ්ඩලය හා බලශක්තිය අමාත්‍යාංශය ඉදිරිපිට මේ වන විට උපවාසයක් පැවැත්වෙනවා. මේ සදහා සිවිල් සංවිධාන රැසක නියෝජිතයින් එක්ව සිටින බව සදහන් . ඔහුන් පෙන්වා දෙන්නේ මෙම අවස්ථවේ රජය විසින් විදුලි බිල ඉහල දැමීම අසාධාරණ බවයි . එම අවස්ථවේ එහි සිටි පිරිස් පොලිසිය සමග යම් වචන හුවමාරුවක්ද සිදු වුනා. මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමු කිහිපයකදී විදුලි බිල ඉහල දැමීම සමබන්ධයෙන් අදහස් පල වුනා .

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් රජයේ ක්‍රියාකලාපයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව පැෆ්රල් සංවිධානය පවසනවා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ, සිවිල් සංවිධාන සමග ඒකාබද්ධව ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. මාර්තු 09 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ අවිනිශ්චිතතාවයක් මතුව ඇති බවත්, ඔහු සදහන් කළා. එමෙන්ම මුදල් අමාත්‍යාංශය මේ දක්වා මැතිවරණයට අවශ්‍ය මුදල් ලබාදී නොමැති බවයි රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ . මෙම කරුණු මත පදනම්ව ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීම සඳහා සිවිල් සංවිධාන හා එක්ව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා කරන බව රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කලා. මේ අතර හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ද සදහන් කලේ මැතිවණය නොපැවැත්වීමට එරෙහිව නීතිමය…

තව කියවන්​න

විදුලිබල, ඛනිජ තෙල් සහ රෝහල් යන සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් යළිත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අණ පරිදි යි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ . ඒ අනුව විදුලිබල සැපයුම සම්බන්ධ සියලු ම සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදනය සහ ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්වනු ඇති. මීට අමතරව රෝහල්, සාත්තු නිවාස, බෙහෙත්ශාලා, රෝගීන් නඩත්තු කිරීම්, රැකවරණය සහ ප්‍රතිකාර කිරීමද අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා.

තව කියවන්​න

ගල් අගුරු නෞකා 13 ක් සඳහා ගෙවීම් කටයුතු අවසන් කර ඇති බව ලංකා ගල්අඟුරු සමාගම පවසනවා. එහි සාමාන්‍යාධිකාරී නාමල් හේවගේ මහතා සඳහන් කලේ 12 වන නෞකාවේ ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි. මේ අතර 13 වන නෞකාවේ ගල් අඟුරු ගොඩබෑම් කටයුතු හෙට දිනයේ ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ. නෞකා 36ක් මෙරටට ගෙන් වීම සඳහා මේවන විට සැලසුම් සකස් කර තිබෙනවා. එමෙන්ම ලබන සැප්තැම්බර් මාසය දක්වා අඛණ්ඩ විදුලි සැපයුමක් සිදුකිරීම සඳහා අවශ්‍ය ගල්අඟුරු සමාගම සතුව පවතින බවයි ලංකා නාමල් හේවගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

තව කියවන්​න

ආනයනික බිත්තර බේකරි කර්මාන්තය තුළ භාවිත කිරීම සඳහා මාර්ගෝපදේශන මාලාවක් සකස් කරන්නැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා . ඒ අනුව බේකරි නිෂ්පාදන සඳහා ආනයනික බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීම සහ බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීම සිදු කළ යුතු වනවා. එමෙන්ම කිසිසේත්ම බිත්තර කටු පරිසරයට මුදා හැරීම නොකළ යුතු බවයි දැනුම් දෙන්නේ . රටවල් කිහිපයක ව්‍යාප්ත වී යන කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීමට වැළැක්වීමේ අරමුණින් මෙම මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා. පසුගිය දිනවල මෙරට වෙළෙඳපොලේ ඇතිවූ බිත්තර හිඟය අවම කිරීම සඳහා බිත්තර ආනයනය කිරීමට රජය තීරණය කලා .…

තව කියවන්​න

ප්‍රංශයේ පැවැත්වීමට නියමිත 2023 රග්බි ලෝක කුසලානයේ ජයග්‍රාහකයින්ට පිරිනැමෙන කුසලානය සදහා දිවයිනට රැගෙනවිත් තිබෙනවා. රග්බි කුසලානය දින 06 ක් මෙරට ප්‍රදර්ශනය කෙරෙනු ඇති. ඒ අනුව අද සිට ලබන 23 වනදා දක්වා එය ප්‍රදර්ශනය කෙරෙන අතර අද කටුනායක ගුවන්තොටුලේ සිට කොළඹ දක්වා රැගෙන යාමට නියමිතයි. රග්බි ලෝක කුසලානයක් ප්‍රදර්ශනය සදහා මෙරටට ගෙන ආ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

තව කියවන්​න