- කොළඹ දිස්ත්‍රික්කයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මෙම මස 09 වැනිදා
- ශ්‍රී පාද වන්දනාවේ පැමිණි බැතිමතෙකු මියයයි
- දුම්රිය කිහිපයක ආසන වෙන් කිරීමේ පහසුකම ඉවතට
- වෛද්‍යවරුන් රට හැර යාමේ අවධානමක්
- මහින්ද රාජපක්ශ සහ ඉන්දීය මහකොමසාරිස් අතර හමුවක්
- ජනාධිපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින් අතර හමුවක්
- මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අත්අඩංගුවට
- කොළඹ ලෝටස් පාර වැසෙයි
Author: VNews
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට විවිධ ආයතන හා පුද්ගලයන් මේ දක්වා රුපියල් කෝටි 20,000 කට ආසන්න බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වනවා . අදාළ හිඟ බදු මුදල් ගෙවීමට ඇතැම් පාර්ශව එකඟවී සිටින බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ . එමෙන්ම දේශීය ආදායම් බදු ආඥා පනත ගැළපෙන පරිදි යාවත්කාලින කර මෙම හිඟ බදු මුදල් අයකර ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා . කෙසේ වෙතත් බදු ගෙවීම පැහැර හරින ලද පුද්ගලයන්ගෙන් සියයකට ආසන්න පිරිසක් මියගොස් සිටින බව වාර්තා වනවා .
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරිවැය පිළිබඳ වාර්තාව නිකුත් කර තිබෙනවා . එහි දැක්වෙන්නේ මේ වන විට සංස්ථාව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් වලින් ඉහලම ලාභයක් ලබන බවයි . ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ ලීටරයකින් උපයන ලබන ලාභය රුපියල් 109 යි සත 44 ක් ලෙස සටහන් වනවා . එයට අමතරව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයකින් ආසන්න වශයෙන් රුපියල් 16.යි සත 21ක ලාභයක් ද ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 3 යි ශත 25ක ලාභයක් ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමි වන බව සදහන් . කෙසේ වෙතත් භූමිතෙල් ලීටරයකින් රුපියල් 21 යි සත 49ක පාඩුවක් ද සිදු වන බව අදාළ වාර්තාවේ දැක්වෙනවා…
මූලික සංවිධාන කටයුතුවලට අදාළ පරිපාලනමය කාර්යයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා විසින් ලිපියක් යොමුකර තිබෙනවා . ඒ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීම දින නියමයකින් තොරව කල්දැමීමට මැතිවරණ කොමිසම තීරණය කිරීමත් සමගයි . අදාළ ලිපිය යොමුකර ඇත්තේ සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට සහ සියලුම දිස්ත්‍රික් නියෝජ්‍ය හා සහකාර තේරීම්භාර නිලධාරීන් වෙතයි . එහි දැක්වෙන පරිදි සියලු සේවකයින්ට හෙට දිනයේ සිට සාමාන්‍ය කාර්යාල වේලාව ප්‍රකාශයට පත්කර ඇති අතර මැතිවරණ රාජකාරී වෙනුවෙන් වන අතිකාල රාජකාරීද අත්හිටුවන බව දැනුම් දී තිබෙනවා . සති අන්ත හා රජයේ නිවාඩු දින ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලු දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වසා දැමීමට කටයුතු කළයුතු බවද අදාළ ලිපියේ දැක්වෙනවා . කිසියම් විශේෂ…
අප්‍රිකානු කලාපයේ වෙසෙන චීටාවුන් ඉන්දියාවට රැගෙනවිත් එහි පරිසරයට මුදා හැරීමේ ක්‍රියාවලිය මේවනවිට සාර්ථකව ක්‍රියාත්මක වනවා. ඊට සමගාමීව ඉදිරි මාස කිහිපයේදී අප්‍රිකානු චීටාවුන් 16 දෙනෙකු පමණ ඉන්දියාව වෙත ගුවන් මගින් රැගෙන ඒමට නියමිතයි. දකුණු අප්‍රිකානු රජය සහ ඉන්දීය රජය අතර අත්සන් තැබුණු ගිවිසුමකට අනුව එම චීටාවුන් ඉන්දීයාවේ වනාන්තර සඳහා මුදාහැරීම සිදු කෙරෙනවා. වනජීවී ආරක්ෂාව සහ තිරසරභාවය වෙනුවෙන් ඉන්දීය රජය ආරම්භ කර ඇති වැඩසටහනේ එක් අදියරක් ලෙස මෙම සතුන් රැගෙන එනු ඇති. වන සතුන් සංරක්ෂණය සහ එහි සමෘද්ධිමත්භාවය ඉදිරි පරම්පරාවන් වෙනුවෙන් එහි සංවර්ධනය වැදගත් බව ඉන්දීය රජයේ ස්ථාවරයයි. මීට පෙර ද නැමීබියාවේ සිට චීටාවුන් 08 දෙනෙකු ඉන්දියාව වෙත රැගෙන එනු ලැබුවා .…
මාර්තු 9 වන දා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැනුම් දීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා . ඒ අනුව, මැතිවරණ කටයුතු සඳහා අවශ්‍ය මුදල් මුදල් අමාත්‍යාංශය මගින් ලබා නොදීම, රජයේ මුද්‍රණාලය මගින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ගැනීමට ඇති නොහැකියාව, ප්‍රවාහන කටයුතු සඳහා ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් නොමැති වීම ආදී දුෂ්කරතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෝසමක් මගින් දැනුවත් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා සඳහන් කරන්නේ. එම මෝසම ඉදිරි දින කිහිපය තුළ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කිරීමට නියමිතයි .
පාකිස්තානය යුක්රේනය වෙත සිදුකරන අවි වෙළදාම ඉහළ දමා තිබෙනවා. පකිස්තානය එලෙස යුක්රේනය වෙත අවි සපයනු ලබන්නේ ජර්මානු වරායකින් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර පකිස්ථානයේ කරච්චි වරායෙන් පිටත් කර යැවූ රොකට් තොගයක් රැගත් නෞකාවක් යුක්රේනයට ලගා වී ඇතැයි ද සදහන්. යුක්රේනයට සිදු කරන අවි සැපයුම ඉහළ දමා සිටින පකිස්තානය, බොරතෙල් අඩු මුදලට දෙන ලෙස රුසියාවෙන් ඉල්ලා සිටින බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. පකිස්තානය පසුගිය මාසය තුළ යුක්රේනය වෙත අව් ආයුධ රැගත් බහාලුම් 146 ක් යොමු කර තිබෙනවා. එලෙස පකිස්තානයෙන් යුක්රේනය වෙත යවනු ලබන අවි ආයුධ ඊට ආසන්නව ඇති යුරෝපා රටවල අවි ගබඩාවලට යොමු කර අනතුරුව ඒවා අවශ්‍යතාවය අනුව යුක්රේනය…
අමෙරිකාවේ මිසිසිපි ප්‍රාන්තයේ වෙඩි තැබීම් මාලාවකින් පුද්ගලයින් 06 දෙනෙකු මිය ගොස් තිබෙනවා . වෙඩික්කරු ප්‍රථමයෙන් වෙළඳසැලකට ගොස් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ . අතර ඉන් විනාඩි කිහිපයක් ඇතුළත දී නිවාස දෙකක, මෝටර් රථයක ගමන් කරමින් සිටි තවත් පුද්ගලයින් 05 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා . සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ . මේ වසර ආරම්භයේ සිට මේ දක්වා අමෙරිකාවේ මෙවැනි සමූහ වෙඩි තැබීම් 73ක් සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේනවා .
තම විහාරස්ථානයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණ සිදුනොවන බව අම්පිටියේ සුමනරතන හිමි චෝදනා කරනවා. උන්වහන්සේ පවසන්නේ, වෙඩිතැබූ පුද්ගලයා සෙවීමට පොලීසිය පියවර ගත යුතු බවයි . තමන්ට පොලිස් ආරක්ෂාවක් ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියද මේ වන තෙක් එම ඉල්ලීම ඉටුකර නොමැති බව අම්පිටියේ සුමනරතන හිමි අද පවතී මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් සඳහන් කල .
නිවිතිගල ප්‍රදේශයේදී රියදුරෙකුට පහරදී රුපියල් ලක්ෂ 55ක් වටිනා මෝටර් රථයක් සහ රුපියල් 71 ක් දහසක් වටිනා දේපළ සොරා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ, පසුගිය ජනවාරි 27 වැනිදා මෙම කොල්ලකෑම සිදුකර ඇති බවය. සැකකරුවන් දෙදෙනෙකු රත්නපුර සහ කඩුවෙල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සොරා ගන්නා ලද මෝටර් රථය කොටස් කර අලෙවි කිරීමට සුදානම් කර තිබියදී තවත් සැකකරුවෙකු මැල්සිරිපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා . අත්අඩංගුවට ගත් සැකකරුවන් 25, 26 හා 37 හැවිරිදි කඩුවෙල, රත්නපුර සහ මැල්සිරිපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතය.
මාතර – වැල්ලමඩම මුහුදු තීරයේ දියනෑමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුන් තිදෙනාගෙන් එක අයෙකුගේ සිරුර සොයාගෙන තිබෙනවා. ඊයේ දහවල් වැල්ලමඩම මුහුදු තීරයේ දියනෑමට ගොස් මොවුන් මෙම අනතුරට මුහුණ ප තිබෙනවා. අතුරුදන් වූ පාසල් සිසුන් සොයා අද උදසනද මෙහෙයුම් කටයුතු ආරමභ කල අතර එහිදී එක සිසුවකුගේ සිරුර සොයා හනිමට හැකි වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ. මෙලෙස දියේ ගිලී අතුරුදන්ව තිබුණේ කඹුරුපිටිය නාරංදෙණිය ජාතික පාසලේ 12 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුන් තිදෙනෙක් .
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222