Author: VNews

ලොව විශාලතම තේ පෝච්චියට හිමි ගිනස් වාර්තාවට හිමිකම් කීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. මෙරට තේ අපනයන සමාගමක් විසින් මෙම වාර්තාව හිමිකරැගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එම සමාගම නිෂ්පාදනය කළ තේ පෝච්චියේ ධාරිතාව ලීටර 14,300 ක්. මෙම පෞද්ගලික සමාගම දීර්ඝ කාලයක් සෞදි අරාබිය ඇතුලු රටවල් රැසකට තේ අපනයනයේ නිරත ප්‍රමුඛ සමාගමක් බව සඳහන්.

තව කියවන්​න

තුර්කි භූ කම්පනයෙන් එරට ගම්මානයක් දෙකඩ වී තිබෙනවා. ඩෙම්කොප්රු නැමති ගම්මානයයි මෙලෙස භූ කම්පනයෙන් ඇති වු ඉරිතැලීම්වලින් දෙකඩ වී ඇත්තේ. පුද්ගලයින් දහසකට ආසන්න පිරිසක් මෙම ගම්මානයේ ජීවත්ව සිටි බවයි වාර්තා වන්නේ. භූ කම්පනයෙන් පසුව මෙහි සියලු නගර සහ ගොඩනැගිලි සියල්ල විනාශ වී තිබෙනවා.

තව කියවන්​න

නීතිවිරෝධීව මෙරට ගෙන්වු වාහන අමතර කොටස් තොගයක් විනාශ කිරීමට රජය තීරණය කර තිබෙනවා. මෙලෙස විනාශ කිරීමට නියමිතව ඇත්තේ පසුගිය වසර 05ක කාලය තුළ නීති විරෝධිව මෙරටට ගෙන්වු වාහන අමතර කොටස් තොගයක්. එම වාහන අමතර කොටස් රේගු විමර්ශන කටයුතුවලින් පසුව රාජසන්තක කර තබුණා. ඔරුගොඩවත්ත බහාලුම් පර්යන්තයේදී හෙට මෙම වාහන අමතර කොටස් තොගය විනාශ කිරීමට නියමිතයි.

තව කියවන්​න

අවුරුදු හයක කුඩා දැරියක් විසින් සිය මිත්තනියට වෙඩි තැබීමේ පුවතක් අමෙරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයෙන් වාර්තාවනවා. අදාළ දැරිය මිත්තනිය සමග මෝටර් රථයේ ගමන් කරමින් සිටියදීයි මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ. මිත්තනියට අයත් ගිනිඅවිය මෝටර් රථයේ පිටුපස ආසනයේ තිබී ඇති අතර එය ලබා ගත්දැරිය සිය මිත්තනියට වෙඩි තබා තිබුණා. වෙඩි පහරින් තුවාල ලැබු මිත්තනිය රෝහල් ගතකර තිබෙනවා.

තව කියවන්​න

පවතින වැසි තත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව , දකුණු සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණයේ සදහන්. එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වියහැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ.

තව කියවන්​න

සීතාවක ඕ ඩී සී සංචාරක දුම්රිය සදහා නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් ආසන වෙන්කරවා ගැනීමට පහසුකම් සලසා ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. ලබන 26 වනදා සිටයි ඕඩිසි සංචාරක දුම්රිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ. කැළණිවැලි මාර්ගය ඇතුළු ඕනෑම දුම්රිය මාර්ගයක ගමනාගමනය සදහා ආසන වෙන්කරවා ගැනීමේ පහසුකම් නුගේගොඩ දුම්රිය ස්ථානයෙන් ලබා ගැනීමට හැකියාව පවතිනවා. ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මෙම කටයුතු සිදුකෙරුණා.

තව කියවන්​න

ආරක්ෂක හේතුන් මත වසා දැමුණු ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව එහි කටයුතු ලබන 20 වනදා සිට ආරම්භ කෙරෙන බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ. සාමාන්‍ය පරිදි වීසා ලබා දීමේ සහ අනෙකුත් සේවාවන් එදින සිට ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ. කොළඹ පිහිටි ඉන්දීය වීසා මධ්‍යස්ථානය ආරක්ෂක හේතුවක් මත පසුගිය 15 වනදා වසා දැමීමට කටයුතුකර තිබුණා.

තව කියවන්​න

පාකිස්ථානයේ කරච්චි නුවර පොලිස් මුලස්ථානයට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 07ක් දක්වා ඉහළගොස් තිබෙනවා. අදාළ ප්‍රහාරයේ වගකීම තලේබාන් සංවිධානය විසින් භාරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊයේ අලුයම සිදුවු මෙම බෝම්බ ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු ඇතුළු පුද්ගලයින් හත්දෙනෙකු මියගොස් තිබෙනවා. එමෙන්ම පොලිස් නිලධාරීන් 18 දෙනෙකු පමණ බරපතල තුවාල ලබා රෝහල් ගතව ඇති බවයි වාර්තා වන්නේ. පොලිස් නිල ඇදුමෙන් සැරසුනු පිරිසක් විසින් මෙම බෝම්බ ප්‍රහාරය එල්ල කර තිබුණා. ප්‍රහාරකයින් සහ පකිස්ථාන ආරක්ෂක අංශ අතර පැය කිහිපයක වෙඩි හුවමාරුවන් පැවති බවයි වාර්තා වුණේ.

තව කියවන්​න

2023 කාන්තා ලෝක කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන සිව් වන තරගය අද පැවැත්වෙනවා . ඒ නවසිලන්ත කාන්තා කණ්ඩායම සමගයි . ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමු වටයේ ක්‍රීඩා කරනු ලබන අවසන් තරගය මෙය වනවා . ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සදහා මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට බෙහෙවින් බලපානු ඇති බවයි . තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ මෙරට වේලාවෙන් රාත්‍රී 10.30 ට වන අතර දකුණු අප්‍රිකාවේ පර්ල් ක්‍රීඩාංගනයේදී මෙම තරගය පැවැත්වෙනවා .

තව කියවන්​න

ජනරජ පෙරහර අද මහනුවරදී පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම් කර තිබෙනවා. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා පැවසුවේ හැත්තෑ පස් වැනි ජාතික නිදහස් දින සැමරුම නිමිත්තෙන් මෙම ජනරජ පෙරහැර සංවිධානය කරනු ලබන බවයි. පෙරහර පස්වරු 6.30ට මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භව වීදි සංචාරය කිරීමටයි නියමිතව ඇත්තේ . මෙම පෙරහර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත, මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ අනුශාසනා පරිදි පැවැත්වෙන බව සෝමරත්න විදානපතිරණ මහතා සදහන් කළා . මෙරට ඉතිහාසයේ සඳහන් වන ආකාරයට මෙවැනි පෙරහරක් පැවැත්වෙන්නේ පස් වන වරටයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා පැවසුවේ පෙරහරේ කටයුතු සඳහා රජයෙන් රුපියල් ලක්ෂ 10කට අඩු මුදලක්…

තව කියවන්​න