Author: VNews

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමේ තීන්දුව මාර්තු මස 01 වන දා ප්‍රකාශයට පත් කරන බව බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයෙන් අද නියෝග කළා. පාස්කු ප්‍රහාරයෙන් වින්ධිතයින් බවට පත් වූ පුද්ගලයින් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා තමාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩු සියල්ල ප්‍රතික්ෂේප කර තමන්ව එම නඩුවලින් නිදහස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණා.

තව කියවන්​න

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ රජයේ මුද්‍රණාලාධිපති ව්‍යවස්ථාව පසෙක දමා කටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඡන්ද අයිතිය යනු ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකමක් බවද ඔහු සදහන් කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා ද මැතිවරණය කල් දැමීමට සම්බන්ධයෙන් අදහස් පළ කළා. එමෙන්ම මැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා අතර උණුසුම් තත්වයක් ඇති වුණා.

තව කියවන්​න

බුත්තල ප්‍රදේශයේ සුළු භූ චලනයක් අද (22) පෙරවරුවේ සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියා සිටියේ එය රික්ටර් ඒකක 3.2 ක් ලෙසට සටහන්ව ඇති බවයි. අද(22) පෙරවරු 11.45 ට පමණ භූ චලනය සිදුව ඇති බවද  භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කියා සිටියා.

තව කියවන්​න

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක් හෙට පැවැත්වීමට තීරණය කර තිබෙනවා. මෙහිදී හෙට දිනයේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ලබා දෙන අධිකරණ තීන්දුව පිළිබද සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මේ අතර පළාත් පාලන මැතිවරණයේ ප්‍රමාද වීම සම්බන්ධයෙන් නිදහස් ජනතා සන්ධානය මෙරට තානාපති කාර්යාලය වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඔවුන් එහි දක්වා ඇත්තේ ජනතාවගේ ඡන්ද බලය සම්බන්ධයෙන් පවතින වත්මන් තත්වය පිළිබද දැඩි කණස්සල්ල පළ කරන බවයි. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන් මැතිවරණයක් පැවැත්විමට නොහැකි බවට රජය තර්ක ඉදිරපත් කරමින් සිටින බවයි. මේ තුළින් ඉදිරියේදී බරපතල ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බවට සිය ලිපිය මගින් නිදහස් ජනතා සන්ධානය පෙන්වා දී…

තව කියවන්​න

හොං කොං රාජ්‍යයේ හැමසිං කෝෆ් බෝල් කණ්ඩායම පුහුණු තරග 3 ක් සඳහා හෙට මෙරටට පැමිනීමට නියමිතව තිබෙනවා. විදේශීය කෝෆ්බෝල් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි. මෙම සංචාරය හෙට සිට එළඹෙන 27 වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා කෝෆ්බෝල් සංගමය සදහන් කළා . ගම්පහ මැක්රෝ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී 24 වැනිදා පෙරවරුවේ ඔවුන් පළමු පුහුණු තරගයට සහභාගී වනු ඇති . 25 වැනිදා දෙවන පුහුණු වැඩසටහන සහ පුහුණු තරඟය කොළඹ ලුම්බිණි විදුහලේදීත්, 26 වැනිදා තුන්වන පුහුණු තරඟය සහ පුහුණු වැඩසටහන පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේදීත් පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා කෝෆ්බෝල් සංගමය පැවසුවේ.

තව කියවන්​න

කිසියම් අයෙකු ලිංගික කටයුත්තක් සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන වයස වැඩි කිරීමට ජපානය පියවර ගෙන තිබෙනවා. මෙතෙක් අවුරුදු 13 ලෙස එම වයස සීමාව පැවැති අතර ‍නව තීරණය අනුව එම වයස් සීමාව වයස අවුරුදු 13 සිට 16 දක්වා වැඩි කෙරෙනු ඇති. මේ සම්බන්ධයෙන් සංවර්ධිත රටවල් අතරින් මේ වනවිට අඩුම වයස් සීමාවක් ක්‍රියාත්මක වන්නේ ජපානයේයි. එම වයස් සීමාව ජර්මනියේ සහ ඉතාලියේ වයස අවුරුදු 14ක් ලෙසත් ප්‍රංශයේ අවුරුදු 15ක් ලෙසත් එක්සත් රාජධනියේ අවුරුදු 16ක් ලෙසත් වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ජපාන අධිකරණ අමාත්‍යාංශය විසින් පත් කරන ලද විශේෂඥ මණ්ඩලයක් විසින් ජපානයේ එම වයස් සීමාව ඉහළ දැමීම සඳහා යෝජනා කර තිබෙනවා. එසේම…

තව කියවන්​න

පාකිස්ථාන මැතිවරණ කොමිසමේ ඡන්ද කල් දැමීමේ උත්සාහයන් නොතකමින් එරට පළාත් දෙකක මැතිවරණය පැවැත්වීමට එරට ජනාධිපති අරීෆ් අල්වී තීරණය කර තිබෙනවා. ඔහු ඒකමතිකව මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඒ අනුව ඡන්ද විමසීම අප්‍රේල් 09 වන දා පැවැත්වීමට නියමිතයි. විදෙස් වාර්තා පවසන්නේ පාකිස්ථාන මැතිවරණ කොමසාරිස්වරයාගේ බලතල ඉක්මවා යමින් එරට ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි.

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ බුද්ධි අංශවල සියලු තොරතුරු ඇමෙරිකානු මධ්‍යම ඔත්තු සේවය යටතට පත් කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. පසුගියදා මෙරටට පැමිණ ඇති ඇමෙරිකානු ආරක්ෂක නිලධාරින් සම්බන්ධයෙන් රජය පැහැදිලි තොරතුරක් ජනතාවට ලබා දී ඇති බවයි අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් ඔහු සදහන් කළේ. මේ සම්බන්දයෙන් කඩිනමින් ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද විමල් වීරවංශ මහතා සදහන් කළා.

තව කියවන්​න

නව විදුලිය මිලදී ගැනීමේ සූත්‍රයක් හදුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය කඩිනම් කිරීමට හා දිරිමත් කිරීම වෙනුවෙන් මෙය ක්‍රියාත්මක බවයි ඔහු සදහන් කළේ. වසර 20ක විදුලිය මිලදී ගැනීමේ ක්‍රමය යටතේ එම වර්ෂයේ පොලී අනුපාතය සහ ඉදිකිරීම් සිදු කිරීමේදී විදේශ විනිමය අනුපාතයන් සැලකිල්ලට ගෙන ආදේශ කිරීමේ ගාස්තු ක්‍රමයක් හදුන්වා දීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

තව කියවන්​න

මුහුදුබඩ ආශ්‍රිතව බරවා රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වන බව බරවා රෝග මර්ධන ව්‍යාපාරය පවසනවා. එහි විශේෂඥ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසුවේ යම් අයෙකුගේ පාද සහ අත්පා ඉදිමීමක් පවතින්නේ නම් වහාම වෛද්‍යවරුයෙකු හමු වී ප්‍රතිකාර ලබා ගන්නා ලෙසයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා.

තව කියවන්​න