Author: VNews

හෝමාගම පිටිපන ප්‍රදේශයේ පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ඒ හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අර්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය සංවිධය කර තිබු විරෝධතාව විසුරුවා හැරීමටයි. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සියලු සිසුන්ට යළි විවෘත කරන ලෙස ඉල්ලා මෙම විරෝධතාව හා සත්‍යග්‍රහය සංවිධාන කර තිබුණා. පිටිපන මංසන්ධියේ විරෝධතා පැවති අතර පොලිසිය එම ස්ථානයට පැමිණ සත්‍යග්‍රහයේ නිරත ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හටගත්තා.

තව කියවන්​න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම පන්දුවාර 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව පන්දු යවන්නන් අතර පෙරමුණ යළි හිමි කර ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත්ව තිබෙනවා. ඒ මෙතෙක් 20යි 20 පන්දු යවන්නන් අතර පළමු ස්ථානය හිමි කර ගෙන සිටි ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් දෙවැනි ස්ථානයට ඇදදමමින්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පසුගියදා නිමා වූ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී රෂීඩ් ඛාන් ඉහළ දක්ෂතා දැක් වීමට අපොහොසත් වීම හේතුවෙනුයි වනිදු හසරංග යළි එහි පෙරමුණ හිමි කර ගැනීමට සමත්ව ඇත්තේ. එමීර් කණ්ඩායමට එරෙහි 20යි 20 තරග තුනේ දී රෂීඩ් ඛාන් කඩුලු 4 ක් පමණක් දවා ගත්තා. මේ වන…

තව කියවන්​න

ඊශ්‍රායල හමුදාව විසින් බටහිර ප්‍රදේශයේ සිදු කළ වැටලීමක් අතරතුර පලස්තීන වැසියන් 10දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍යා වාර්ථා සදහන් කරනවා. එම වැටලීම අතර තුර පලස්තීන වැසියන් 100ට වැඩි පිරිසක් තුවාර ලබා ඇති බවයි එම වාර්තා වල සදහන් කර ඇත්තේ. නබ්ලස් බළකාය ඇතුළු මෑතකදී සංවිධානය වූ සටන්කාමී කණ්ඩායම්වල සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් මෙම වැටලීම සිදු කළ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශයට පත්කර තිබෙනවා. වසර ගණනාවක සිට මෙවැනි මාරාන්තික වැටලීම් සිදු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්ථා වල වැඩිදුරටත් සදහන් වන්නේ.

තව කියවන්​න

රුපියල් කෝටි 50කට ආසන්න වටිනාකමකින් යුතු දුම්වැටි තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි සිට කොළඹ පිටකොටුව ප්‍රදේශයේ ආයතනයට එවන ලද රෙදි රෝල් සෙල සදහන් කරතිබු බාහාලුමක තිබියදීයි මෙම දුම්වැඩි තොගය සොයාගෙන ඇත්තේ. බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් ගබඩා කර තිබු බවයි වාර්තා වන්නේ. අදාළ බහාළුමේ රෙදි රෝල් 266ක් ගබඩා කර ඇති බවට සදහන් කර තිබුණද රෙදි රෝල් 38ක් පමණක් තිබු බවයි රේගුව පැවසුවේ. මෙම බහාළුම නිදහස් කර ගත්තේ නම් රජයට රුපියල් කෝටි 40ක පමණ බදු ආදායමක් අහිමිව යනු ඇති බව ද ශ්‍රී ලංකා රේගුව සදහන් කළා. අදාළ දුම්වැඩි තොගය පිළිබද ශ්‍රී ලංකාවේ නැව් නියෝජිත ආයතනය මගින් ඩුබායිහි නියෝජිත…

තව කියවන්​න

ආර්ථික අර්බුධයෙන් රට ගොඩනැගීම වෙනුවෙන් එක්වන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලීමක් කරනවා. වසර 25කින් සංවර්ධිත රටක් ගොඩනැගීම සදහා සියලු දෙනා එක්ව කටයුතු කළ බවයි ජනාධිපතිවරයා සදහන් කළේ. කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා. තමන් ජනාධිපතිධුරයේ වගකීම භාරගනු ලැබුවේ රටේ ආර්ථිකය ගොඩනගමින් ශ්‍රී ලංකාව ලෝකයේ පිළිගත් රටක් ලෙස ඉදිරියට ගෙනයාමේ දැඩි අධිෂ්ඨානය ඇති බවයි වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ. කුමන බාධක පැමිණියද එම වැඩපිළිවෙල ඉදිරියට ගෙනයන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

තව කියවන්​න

රජයේ රෝහල් වෙත අවශ්‍ය ඉන්ධන ලීටර් මිලියන 20ක් පරිත්‍යාග කිරිමට ජපානය ඉදිරිපත්ව තිබෙනවා. ඇමෙරිකානු ඩොලර් මීලියන 46ක වටිනාකමක් සහිත මෙම ප්‍රදානය වෙනුවෙන් හුවමාරු පත්‍ර වෙත අත්සන් කිරීම මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා හා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිෂුකෝෂි හිදේකි මහතා අතර සිදු කර තිබෙනවා. ජනපති ලේකම් කාර්යාලයෙ පැවැති මෙම උත්සවය සඳහා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාද තිබුණා. මෙම ඉන්ධ ලිටර් මිලියන 20 දිවයින පුරා ඇති රෝහල් වෙත අවශ්‍යතාව පරිදි බෙදා හැරීමටයි නියමිතව ඇත්තේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්‍රී ලංකා එක්දින සංචිතයට කැඳවා ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ඔහු එළඹෙන නවසීලන්ත සංචාරයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ එක්වනු ඇති බවයි . ඇන්ජලෝ මැතිව්ස් යළි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට එක්වන්නේ වසර දෙකකට පසුව වීම ද විශේෂත්වයක්.

තව කියවන්​න

බණ්ඩාරවෙල අයිස් ලැබ් වතු යායේදී ලොරි රථයක් පෙරළීමෙන් වතු කම්කරුවන් විසි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. බණ්ඩාරවෙල පොලිසිය සදහන් කළේ එලෙස තුවාල ලැබූ වතු කම්කරුවන් පිරිසක් බණ්ඩාරවෙල රෝහලේ සිට දියතලාව රෝහල වෙත මාරු කර යවා ඇති බවයි.

තව කියවන්​න

මැතිවරණය සදහා අයවැයෙන් මුදල් වෙන් කර තිබියදීත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මෙතෙක් මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා. කෙසේ වෙතත් ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා සදහන් කළේ මැතිවරණය නොපැවැත්විම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. එම සංවාදයට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර මහතා ද එක් වුණා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසුවේ විපක්ෂය විසින් නිවැරදි ප්‍රතිපත්තියක් ගෙන එන්නේ නම් තමන්ගේ ඡන්දයද මාලිමාවට හෝ දුරකථනය සලකුණට ලබා දෙන බවයි.

තව කියවන්​න

පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට විරෝධතාවයක නිරත වනවා. මේ හේතුවෙන් එම කොමිසමට පිවිසෙන සරණ පාර ද අවහිර වී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ අතර නව ආදායම් බදු සංශෝධනයට එරෙහිව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් අද දින සංවිධානය කරන ලද විරෝධතාවයෙන් අනතුරුව ප්‍රධාන විරෝධතාව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදි පැවැත් වුණා. මේ අනුව ක`ඵ සතියක්ද ප්‍රකාශයට පත් කෙරුණා. එම විරෝධතාවයට වෘත්තීය සමිති 40කට අධික සංඛ්‍යාවක් සහභාගි වූ අතර මාස කිහිපයක සිට බදු සංශෝධන ඉවත් කර ගන්නා ලෙසට කළ ඉල්ලීමට ආණ්ඩුව නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙනුයි මෙම උද්ඝෝෂණ සංවිධානය…

තව කියවන්​න