Author: VNews

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නාමල් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ජන ගත කිරීමේ වැඩසටහන් අද සිට ආරම්භ වනවා. ඒ අනුව නාමල් දැක්ම වැඩපිළිවෙල පිළිබද ගෙයින්ට ගෙට ගොස් ජනතාව දැනුවත් කරන බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කළේ. දිවයින පුරා මැතිවරණ දිස්ත්‍රික්ක විසිදෙකම ආවරණය වන පරිදි මෙම වැඩසටන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

තව කියවන්​න

තැපැල් ඡන්දය භාවිත කිරීමට ඉහළ අගයක පවතින බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා. ඔහු කියා සිටියේ ගෙවුණු දින තුනේදී තැපැල් ඡන්ද සියයට 80කට වැඩි පිරිසක් භාවිත කර ඇති බවයි. ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය තැපැල්පතිවරයා මේ බව ප්‍රකාශ කළා. මේ අතර මෙතෙක් තැපැල් ඡන්දය භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින්ට ලබන 11 සහ 12 යන දින දෙක තුළ ඡන්දය භාවිත කිරීමට අවස්ථාව සලසා ඇති බවයි.

තව කියවන්​න

විදේශ රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම සදහා මුදල් ලබාගත් බවට අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතාට එරෙහිව, කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් නීතිමය පියවර ගෙන තිබේ. ඊශ්‍රායල් සහ කොරියානු රැකියා ලබාදීම සදහා අත්සන් යෙදීම සදහා මුදල් ලබාගන්නා බවට වසන්ත සමරසිංහ කර තිබෙන ප්‍රකාශ සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ බවද එන්තරවාසියේ සදහන් වේ. මනුෂ නානායක්කාර මහතා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස අමාත්‍යාංශය භාරව කටයුතු කළ කාලයේදී විශාල පිරිසක් විදේශ රැකියා සදහා පිටත් කර යවා තිබෙන බවද, එසේ විශාල පිරිසක් විදේශ රැකියා සදහා යොමු කිරීම හේතුවෙන්…

තව කියවන්​න

සිය නිවෙස් වල නවතා දමා ඇති නවීනතම මෝටර් රථ වල ඉදිරි පස ප්‍රධාන ලාම්පු ( Head Light ) , රාත්‍රී කාළයේ එම නිවෙස් වෙත පැමිණ , ගලවා ගෙන ගොස් අලෙවි කිරීමේ ජාවාරමක නිරත පුද්ගලයන් දෙදෙනෙකු , ඔවුන් අලෙවි කළ රුපියල් ලක්ෂ 12 ක් පමණ වටිනා ප්‍රධාන විදුලි ලාම්පු තොගයක් ද සමග  09/05 දින කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත අඩංගුවට ගෙන තිබේ .  මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි . මොහු කළක් මෝටර් රථ ගරාජයක සේවය කළ මෝටර් රථ කාර්මිකයෙකි .  අනෙක් පුද්ගලයා කිරිල්ලවල , වෑබඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරුවරයෙකි .…

තව කියවන්​න

මියන්මාරයේ කදවුරු තුළ බළහත්කාරයෙන් සයිබර් අපරාධ සදහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු 09/05 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ පිරිමි පුද්ගලයන් 16 දෙනෙකු සහ තරුණ කාන්තාවන් 04 දෙනෙකු මෙම පිරිසට අයත් වී සිටියහ . මොවුන් මෙරටට ගෙන්වා ගැනීම සදහා ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ ආයතනය මැදිහත් වී ක්‍රියාත්මක වී තිබුණි .  මොවුන් මියන්මාරයේ සිට තායිලන්තය වෙත රැගෙන විත් , 09/05 දින රාත්‍රී 11.09 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ආගමන විගමන දෙපාර්තමේන්තු සහ ශ්‍රී ලංකා පොලිසියේ තැනැත්තන් වෙළෙඳාම , මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන…

තව කියවන්​න

ඊශ්‍රායලයේ සාත්තු සේවක (caregiver) රැකියා සඳහා මේ වන විට ශ්‍රමිකයින් 749 දෙනෙක් පිටත්ව ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මේ අතර, ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සඳහා  පිටත්ව යන 131 වන කණ්ඩායමට අයත් තවත් 21 දෙනෙකුට වීසා, ගුවන්ටිකට්පත් ඇතුළු ලියකිවිලි භාරදීම අද (6) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු කරන ලදී. එම කණ්ඩායමට තරුණියන් 18 දෙනෙකු හා තරුණයින් 3 ඇතුළත් වේ. මෙම පිරිස මේ මස 09 වෙනිදා  (2024.09.09) ඊශ්‍රායලය  බලා පිටත්ව යාමට නියමිතව ඇත. ඊශ්‍රායලය, දකුණු කොරියාව, ජපානය වැනි රටවල් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ඇතිකරගත් අවබෝධතා ගිවිසුම් වලට අනුව ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචිවීමේ අවස්ථාව…

තව කියවන්​න

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග හෙට ආරම්භවනවා. ඒ කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රිඩා සංකීර්ණයේදීයි. ඒ අනුව පළමු අවසන් පුර්ව තරගය හෙට පැවැත්වීමට නියමිතව ඇත්තේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතරයි. එමෙන්ම කොළඹ ඉසිපතන විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර දෙවන අවසන් පුර්ව තරගය අනිද්දා පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

බගවන්තලාව කර්කස්වොල් වතුයායේ කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකටයි මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇත්තේ. ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලැබු කම්කරුවන් දෙදෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඹය මුලික රෝහලයට ඇතුලත් කර තිබෙනවා.

තව කියවන්​න

ජනාධිපතිවරණ කාල සීමාව තුළ සාමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය ප්‍රචාර පිළිබද අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවට දැනුම් දෙනවා. එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා පැවසුවේ , විවිධ පුද්ගලයින් ඉලක්කර සිදුකරන අපහාස පිළිබද වඩාත් සැලකිලිමත් විය යුතු බවයි. ව්‍යාජ ගිණුම් ඔස්සේ සිදුකරන එවැනි පළකිරීම් මගින් මැතිවරණ නීතිය ද උල්ලංගනය වන බවයි ඔහු සදහන් කළේ. එවැනි සිද්ධීන් පිළිබදව ලැබෙන පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට පියවර ගන්නා බව ද චාරුක දමුණුපොල මහතා සදහන් කළා.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය දැන් පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. පළමු තරග දෙකේදී අසාර්ථක වු ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක වෙනුවට කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්කර තිබෙනවා. දෙරට අතර පැවැති පළමු තරග දෙකේ ජය හිමිවුණේ එංගලන්ත කණ්ඩායමටයි.

තව කියවන්​න