Author: VNews

මොණරාගල දිස්ත්‍රික්කයේ බුත්තල සහ වැල්ලවාය ජනතාව භූ චලනයක් සිදු වන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ උපදෙස් මත පැල්වත්ත සහ වැල්ලවාය බුත්තල ප්‍රදේශවල භූ චලනයක් සිදු වන අවස්ථාවක කටයුතු කළ යුතු ආකාරය පිළිබදව මහජනතාව දැනුවත් කිරිම් සහ අත්පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහන් මාලාවක් පෙබරවාරි 16 මෙන්ම 21 යන දින වලදිත් සිදු කෙරුණා. මෙම භූ කම්පන පිළිබදව අධ්‍යයනය කිරීම සදහා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයෙන් නිලධාරින් විසින් මේ පිළබදව අධ්‍යනය කර ඇති අතර එම වාර්තාව ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද සදහන්.

තව කියවන්​න

රාජකාරි විදේශ සංචාර සදහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිත කරන අවස්ථාවේදී සියලුම රාජ්‍ය නිලධාරීන් පිරිමැසුම් පන්තියේ ගුවන් ටිකට්පත් පමණක් මිලදී ගත යුතු බවට රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින්. කෙසේ වෙතත් අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට එම නීතිය අදාළ නොවන බවයි වාර්තා වන්නේ. සෙසු නිලධාරියෙකුට ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම් පිරිමැසුම් පන්තියේ ගුවන් ටිකට්පතක් මිලදී ගැනීමට යන මුදල සහ ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට්පතක් මිලදී ගැනීමට යන මුදල අතර වන වෙනස සිය පෞද්ගලික මුදලින් වැය කර ගමන්…

තව කියවන්​න

චීනයේ ආකරයක සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් පනස් දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වනවා. උතුරු චීනයේ පිහිටි එම ආකරය ඊයේ දින කඩා වැටී ඇති අතර එහිදි සහන කණ්ඩායම් විසින් 6 දෙනෙකු බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. අතුරුදන් පිරිස් සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කරන ලෙසයි චීන ජනාධිපතිවරයා විසින් එරට ආරක්ෂක අංශ වෙත අවධාරණය කර ඇත්තේ.

තව කියවන්​න

ටජකිස්ථානයේ චීන දේශ සීමා ආසන්නයේදී රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. කෙසේ වෙතත් අදාළ ප්‍රදේශය ජනතාවගෙන් තොර ප්‍රදේශයක් බවටයි වාර්තා වන්නේ. භූ කම්පනයෙන් විනාඩි 20කට පමණ පසු රික්ටර් මාපංක 5 ක පමණ පසු කම්පන තත්වයක් ඇති වී ඇති බවටයි විදෙස් වාර්තා වැඩිදුරටත් පවසන්නේ.

තව කියවන්​න

2023 වසර සඳහා පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි බෙදාහැරීමේ සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වීමට නියමිතයි. සපුගස්කන්ද පී.එෆ්. පෙරේරා ගබඩා සංකීර්ණයේ දී මෙම කටයුතු සිදු වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. ඊට චීන තානාපති ෂී ෂැං හොංග් ඇතුළු පිරිසක් එක්වීමට ද නියමිතයි. පාසල් නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් සියයට 70ක් චීනයේ ප්‍රදානයක් ලෙස මෙරටට ලැබී තිබෙනවා.

තව කියවන්​න

මන්නාරම සහ පුනරීන් ප්‍රදේශයේ මෙගාවොට් 350ක සුළං විදුලි බලාගාර දෙකේ ඉදිකිරීම සඳහා වන අනුමැතිය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් ඉන්දියාවේ අදානි සමාගමට ලබා දී තිබෙනවා. ඒ, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති උත්සවයක දී යි. ඒ සඳහා අදානි සමාගමේ නියෝජිතයන්ද එක්ව සිටි බව සඳහන්. මෙය ඩොලර් මිලියන 442 ක ආයෝජනයක් වන අතර ව්‍යාපෘතිය වසර දෙකකින් නිම කිරීමටයි අපේක්ෂා කෙරෙන්නේ. සෙසේ වෙතත් මෙමඟින් රැකියා 1,500 ත්, 2,000 ත් අතර සංඛ්‍යාවක් උත්පාදනය කෙරෙනු ඇති බව ද වාර්තා වනවා.

තව කියවන්​න

මෙරටට ආනයනය කරනු ලබන පළමු බිත්තර තොගය මෙම සති අන්තයේ දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. එය සැලසුම් කර ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින්. මිලියන දෙකකට ආසන්න බිත්තර ප්‍රමාණයක් පළමු වරට ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්. ඒ අනුව අදාළ බිත්තර තොගය හෙට දිනයේ ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න

කාන්තා පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ කෙරෙනවා. ඒ අනුව පළමු අවසන් පූර්ව වටයේ තරගය ලෙස ඔස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා. තරගය මෙරට වේලාවෙන් පස්වරු 06.30ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

තව කියවන්​න

නීති විරෝධී මත්පැන් ලීටර් 53යි මිලි ලීටර් 250ක් සමග පුද්ගලයෙකු හොරණ, සිදුරංගල ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්පැන් වලට අමතරව මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා ලීටර් 180ක් සැකකරු සන්තකයේ තිබී සිය භාරයට ගත් බවයි පොලීසිය සදහන් කළේ. අත්අඩංගුවය පත් සැකකරු 39හැවිරිදි වියේ පසුවන පොකුණුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත්ව ඇති පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා. විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්.එම්.ආර්. විජේසූන්දර මහතා විසිනුයි මෙම පෙත්සම ගොනු තිබෙන්නේ. මෙම පෙත්සම අද දිනයට පෙර සලකා බලන ලෙස විජේසුන්ර මහතාගේ නීතීඥයන් විසින් පසුගියදා මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ඉල්ලා සිටි අතර, පසුව එම මෝසම සලකා බැලීම අනවශ්‍ය බව නීතීඥයන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය කල්දැමීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත්ව ඇති මෙම පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබෙනවා.

තව කියවන්​න