Author: VNews

ජපානයේ සමාගම් දෙකක් සිය සේවකයින්ට විශාල වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දශක ගණනකට පසුව සිය සේවකයින්ට වැඩිම වැටුප් වර්ධකය මෙවර හිමිවන බවයි මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගම් වන ටොයෝටා සහ හොන්ඩා සමාගම් පවසන්නේ. විශේෂයෙන්ම ජපානයේ උද්ධමනය 4% සීමාවට වැඩි වී ඇති බැවින් උපයාගන්නා වැටුප ජීවත්වීමට මදි වී ඇති බවට වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කර තිබුනා. එම ඉල්ලීම් අනුව මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

තව කියවන්​න

රාජ්‍ය මුදල් කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානයක මහතා පත් කර තිබෙනවා. ඒ, අද දහවල් රැස්වු තේරීම් කාරක සභාවේ දීයි. මෙම තනතුර සඳහා සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ නම යෝජනා කර තිබුණා. කෙසේ වෙතත් එහි බහුතරය හිමි ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රි මයන්ත දිසානායකගේ නම යෝජනා කළ බවයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කළේ. පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට පෙර එම කමිටුවේ සභාපති ලෙස ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කටයුතු කරනු ලැබුවා. මේ අතර තමන් එම ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මාධ්‍ය…

තව කියවන්​න

ජල ගාස්තු වැඩි කිරීම පිළිබඳ අධ්‍යයනය කිරීමට කමිටුවක් පත් කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය වසන්තා ඉලංගසිංහ මහත්මිය පවසන්නේ එම කමිටුවේ නිර්දේශ මත පවතින තත්ත්වය යටතේ ජල ගාස්තු අනිවාර්යෙන් වැඩි කළ යුතු නමුත් එය කොපමණ ප්‍රමාණයකින් කවදා සිටද යන්න මෙතෙක් තීරණය කර නැති බවයි. විදුලි බිල ඉහළ යෑම හේතුවෙන් ජල සම්පාදන වියදම සියයට හැටපහකින් පමණ ඉහළ ගොස් ඇති බවයි ඇය පවසන්නේ. 2012 වර්ෂයේ ජල ගාස්තු වැඩි කළ පසු නැවත ජල ගාස්තු වැඩි කර ඇත්තේ 2022 වසරේදීයි. කුමන අපහසුතා මැද වුවද ජනතාවට උසස් සේවාවක් ලබා දෙමින් ජල සම්පාදන මණ්ඩලය මේ දක්වා කටයුතු කරගෙන යන…

තව කියවන්​න

මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරතව සිටිය දී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මියගිය යුද හමුදා ලාන්ස් කෝප්‍රල් එම්.ජී.එල්. දේශප්‍රියගේ දේහය දිවයිනට රැගෙනවිත් තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ධජයෙන් ආවරණය කරමින් දිවයිනට ගෙන ආ ඔහුගේ මෘත දේහය මෙරට යුද හමුදාව විසින් භාර ගනු ලැබුවේ යුද හමුදා ගෞරවාචාර මධ්‍යයේ යි. අනතුරුව, ජාතික කොඩියෙන් ආවරණය කරමින් මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, අවසන් කටයුතු ඔහු උපන් ප්‍රදේශය වන වරකාපොල දී සිදු කිරීමට නියමිතයි.

තව කියවන්​න

වර්ථමාන ලෝක ආර්ථික අවපාතය හමුවේ දශක 4කට පසුව ලොව රටවල් මුහුණදුන් ඉහලම උද්ධමන අගයක් පෙන්නුම් කරන වතාවරණයක වුව ද  ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ සමාගම් තම භාණ්ඩ හා සේවා අපනයනය කරමින් ශ්‍රි ලංකා ආර්ථිකයට සුභදායි දායකත්වයක් 2022 වර්ෂයේ දී ලබාදීමට සමත් වී තිබෙනවා. මෙය ශ්‍රි ලංකාවේ දල ජාතික නිෂ්පාදනයේ වටිනාකමින් ඇමරිකානු ඩොලර් බිලියන 8.7 වන අතර මෙය 2021ට සාපේක්ෂව 8%ක වර්ධනයක්. ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යවසායකයන් ජාතික අපනයන ආදායමට ඉහල දායකත්වයක් දක්වන අතර, විශේෂයෙන් නිමි ඇදුම් නිෂ්පාදනයෙන් 99%ක දායකත්වයක් ලබා දෙනවා.

තව කියවන්​න

කතා නායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු අද පෙරවරු 9.30ට ආරම්භ වුණා. මේ අනුව අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයාගේ නියමය අද දින පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි. 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුව අදාළ නියෝගය ගැසට් කර තිබෙනවා. ඒ අනුව විදුලි සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, ඛනිජ තෙල් නිෂ්පාදන, ඉන්ධන සැපයීම, බෙදාහැරීම සහ සෞඛ්‍ය සේවාවන්ට අදාළ කටයුතු අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කර ඇති බව සදහන්. අදාල විවාදයෙන් අනතුරුව අද දිනයේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ද්විත්වයක් වන ශ්‍රී ලංකා ගොඩනැගිලි සේවා ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මෙන්ම රතන තිස්ස සාම පදනම සංස්ථාගත…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ කුමන හෝ අධිකරණයකින් විත්තිකරුවන්ට නියම කර ඇති මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් නොතැබීමට වත්මන් ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා . මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටින විත්තිකරුවන් හතර දෙනෙකුට පනවා තිබෙන මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කිරීමට 2019 වසරේ දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා එම දැනුම්දීම සිදු කරනු ලැබුවා .

තව කියවන්​න

ඕස්ටේ්‍රලියානු කාන්තාවක් දුෂණය කළ බවට චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට දී තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට සිඩ්නි හි අධිකරණයක් නියෝග කර තිබෙනවා . ඒ අනුව ඔහුට නැවතත් වට්ස්ඇප් භාවිතයට සහ රාත්‍රියේ නිවෙසින් එළියට යෑමට අවස්ථාව දී ඇති බව සදහන් . 31 හැවිරිදි ගුණතිලක අද සිය ඇප කොන්දේසි වෙනස් කරන ලෙස ඉල්ලමින් මෝසමක් ඉදිරිපත් කරනු ලැබුවා . ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 4ක් ගොනුකර ඇති අතර ඔහු මෙතෙක් වරද පිළිගෙන නොමැති බව සදහන් .

තව කියවන්​න

පොලිස් වෙඩි පහරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පොලිසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට මරණකරු උත්සාහ කර ඇති අතර, එහි දී ක්‍රියාත්මක වූ පොලිසිය මරණකරුට වෙඩි තබා ඇති බවයි වාර්තා වන්නේ. කටුනායක-මඬවල ප්‍රදේශයේ වැටලීමක දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බව සඳහන්. මේ අතර රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අවි ගබඩාවෙන් සොරා ගෙන තිබූ ටී 56 ගිනි අවිය සහ පතරොම් 120ක් පානදුර, අඟුරුවාතොට කෙසෙල්හේනාව ප්‍රදේශයේ එළවළු කොටුවක වල දමා තිබියදී සොයාගෙන තිබෙනවා. එම ගිනි අවිය සහ උණ්ඩ සහිත මැගසින් සොරාගත් බව කියන ගුවන් හමුදා සැරයන්වරයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා . ඉකුත් 20 වන දින එම සොරකම සැකකරු විසින් සිදුකර…

තව කියවන්​න

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සදහා ඉල්ලුම් කළ ගුරුවරුන්ගේ හිගයක් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් අමාත්‍යවරයා කියා සිටියේ පිළිතුරු පත්‍ර ඇගයීම සදහා 19 000ක ගුරුවරුන් ප්‍රමාණයක් අවශ්‍ය වුවද ඉල්ලුම් කර ඇත්තේ ගුරුවරුන් 15 000ක ප්‍රමාණයක් බවයි. ඒ සදහා අමාත්‍ය මණ්ඩල සංදේශය මාසයකට පෙර ඉදිරිපත් කළ බවට පැවසු අමාත්‍යවරයා ආර්ථික අපහසුකම් මධ්‍යයේ වුවද අමාත්‍ය මණ්ඩලය විසින් එය අනුමත කළ බවයි.

තව කියවන්​න