- දස දෙනෙකු සමග ඇලෙස්කාවේ ගුවන් යානයක් අතුරුදන්
- කතානායක ස්විට්සර්ලන්ත තානාපති හමුවෙයි
- ඩුබායි හිදි අත්අඩංගුවට ගත් මෙරට අපරාධකරුවන් තිදෙනෙකු අද දිවයිනට
- රුසියානු හමුදාවට එක් වූ ලාංකිකයන් 59 ක් ජීවිතක්ෂයට
- වෛද්‍ය පීට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගෙන් රජයට සති 2 ක කාලයක්
- යුපුන්ට තවත් ජයක්
- ට්‍රම්ප්ගෙන් අපරාධ අධිකරණයට සම්බාධක
- පාරිභෝගික අධිකාරිය පළතුරු වෙළදසැල් වටලයි
Author: VNews
අධ්‍යාපාන අමාත්‍යංශය පරිශ්‍රය තුළ ඊයේ පස්වරුවේ ඇතිවු උණුසුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමෙගින් පෙන්වා දී ඇත්තේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා පිරිසක් පුර්ව දැනුම්දීමකින් තොරව අධ්‍යාපන අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළු වු බවයි. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසක් ද බලහත්කාරයෙන් අමාත්‍යංශයට ඇතුළු වු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු ලබන 27 වනදා ආරම්භ කෙරන බව එහි පාලනාධිකාරිය විසින් දැනුම් දී තිබෙනවා. පළමු අදියරේදී විශ්වවිද්‍යාලය විවෘත වන්නේ පළමු වසරේ සිසුන් සදහා පමණක් බවයි දැනුම් ඇත්තේ.
නියමිත දිනට පළාත් පාලන මැතිවරණය පැවැත්වී ම සම්බන්ධයෙන් තීරණය අද ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා මහතා කියා සිටියේ අද දිනයේ විශේෂ සාකච්ඡාවක් සදහා මැතිවරණ කොමිසම රැස්වන බවයි. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තීරණය ගනු ලැබුවේ කොමිසමේ සාමාජිකයින්ගේ ඒකමතික තීරණයෙන් බවයි සභාපතිවරයා සදහන් කළේ. මැතිවරණයට අදාළව නිකුත් කළ සෑම ගැසට් නිවේදනයක් සදහාම කොමිසමේ සාමාජිකයින් පස් දෙනාම අත්සන් තබා ඇති බවයි මැතිවවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා අවධාරණය කළේ. මේ අතර මැතිවරණය සම්බන්ධයෙන් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ දී විවිධ වාද විවාද ඇති වුණා.
උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දීමනාව වැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා චක්‍රලේඛයක් ලබන සඳුදා වනවිට නිකුත් කිරීමට කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ. පාසල් නිල ඇඳුම් බෙදා දීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කළේ කල් ගොස් පැවති උසස් පෙළ විභාගය ද සාර්ථක ව පවත්වා අවසන් කළ බවයි. එහි උත්තර පත්‍ර පරීක්ෂා කිරීමට පරීක්ෂකවරුන් 19,000කගේ අවශ්‍යතාවක් පවතින අතර ඒ සඳහා ඉල්ලුම් කර ඇත්තේ ගුරුවරුන් 15,000ක සංඛ්‍යාවක බවයි අමාත්‍යවරයා කියා සිටියේ. එම ගුරුවරුන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මේ වනවිටත් උත්තරපත්‍ර පරීක්ෂකවරුන්ට ලබා දෙන දීමනා වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල…
ජපානයේ ඉබරාකි ප්‍රාන්තයේ සිදුවු රිය අනතුරකින් ලාංකිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා. ඔවුන්ගේ මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටී පසුව විදුලි කණුවක ද ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්. අනතුරෙන් පසු බරපතල තුවාල ලැබූ තරුණයන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස මියගොස් ඇත්තේ 26 සහ 27 යන වයස්වල පසුවන මාතර හා ආරච්චිකට්ටුව යන ප්‍රදේශවල පදිංචි අවිවාහක තරුණයන් දෙදෙනෙක්.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊට අමතරව බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙකුද මීට ස්වල්ප වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශයේ ඇමැති නිල කාමරය අසල විරෝධතාවයක නිරත වෙමින් සිටියදි එම පිරිස අත්අඩංගුවට ගැනුනා.
ඉන්ධන මිල සූත්‍රය හා විදුලි බිල වැඩිවීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්නායකවලට අනුකූලද යන්න විමසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට කාර්යාලය වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ආර්ථික ස්ථායීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අදාළ ලිපිය යොමුකර ඇත්තේ. භාණ්ඩාගාරය, රාජ්‍ය බැංකු හා මහ බැංකුව, තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ මූල්‍ය ස්ථාවරකරණයන්ට නොයා වෙනමම ඒකක ලෙස ස්ථාවර කිරීමට යෑමේ ප්‍රතිවිපාක ආර්ථිකයට හා ජනතාවට දැනෙමින් ඇති බවයි මන්ත්‍රීවරයා සිය ලිපිය මගින් පෙන්වා දෙන්නේ. අනාගතයේ ආර්ථිකයේ සිදුවන බිඳවැටීමට අතාත්වික බදු සහිත ඉන්ධන හා විදුලිය අය ක්‍රමය අනිවාර්යෙන් හේතුවන බවත් එයට වගකීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එල්ලවීමද…
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ හා සන් රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් සඳහා නව නායකයින් පත් කර තිබෙනවා. ඒ අනුව ඔස්ටේ්‍රලියානු පිතිකරු ඩේවිඩ් වෝනර් දිල්ලි කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇති බව සඳහන්. එමෙන්ම , දකුණු අප්‍රිකානු පිතිකරු ඒඩ්න් මාක්‍රම් සන් රයිසස් කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබෙනවා. 28 හැවිරිදි මාක්‍රම් පසුගියදා සන් රයිසස් ඊස්ටර්න් කේප් පිළ සමාරම්භක දකුණු අප්‍රිකා විස්සයි විස්ස ශූරතාව දක්වා ගෙන ගිය අතර, එහිදී ඔහු තරගාවලියේ තුන්වැනි ප්‍රමුඛතම ලකුණු ලාභියා ද වුණා.
දැනට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සතුව පවතින මත්ද්‍රව්‍ය දහනය කර විනාශ කිරීමට නව නිත්‍යානුකූල විධිමත් ක්‍රමවේදයක් සකස් කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසනවා. අමාත්‍යවරයා පවසන්නේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව සතුව මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3000ක් පමණ ඇති බවයි. අධිකරණ අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කලා. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ විදේශීය රටවල්වල සිටිමින් මෙරටට මත් ද්‍රව්‍ය එවනු ලබන ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උපරිම දඩුවම් ලබාදීමට ද පියවර ගන්නා බවයි.
මෛත්‍රීපාල සිරිසේන සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝගයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන්ට එරෙහිව කොළඹ දිසා අධිකරණයෙන් වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබෙනවා. ඒ, ජා-ඇල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් වන චමීර පරණවිතාන සහ චාමිකා හර්ෂනී සිල්වා පක්ෂයේ තනතුරුවලින් ඉවත් කර ඒ වෙනුවට වෙනත් දෙදෙනෙකු පත් කිරීම වළක්වාලමින්. කිසිදු විනය ක්‍රියාමාර්ගයකින් තොරව පක්ෂයේ ව්‍යවස්ථාවට පටහැනිව අයුක්ති සහගතව තමන්ගේ මන්ත්‍රී ධුරය ඉවත් කර ඒ වෙනුවට වෙනත් අයවලුන් පත් කිරීමට සූදානම් බවට ඔවුන් ගොනුකර තිබූ පෙත්සම් දෙකක් අද අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ…
පළාත් පාලන ඡන්ද විමසීම කල් දමන නියෝගයක් නිකුත් කරන ලෙස හිටපු යුධ හමුදා කර්නල් වරයෙකු ගොනු කළ රිට් පෙත්සම මැයි 11 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගොනුකළ පෙත්සම් තුනක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී යි. එස්.තුරෙයි රාජා, ඒ. එච්. එම්. ඩී.නවාස් සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරුණා. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ සුනිල් වටගල මහතා කියා සිටියේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර නොමැති වීම හේතුවෙන් මැතිවරණය පැවැත්වීමේ කිසිදු බාධාවක් නැති බවයි. මේ අතර පැෆරල්…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222