Author: VNews

අධ්‍යාපන අමාත්‍යංශයට ඇතුළු වී කලහකාරිව හැසිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනා අද කඩුවෙළ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. හෝමාගම – පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යළි විවෘත කරන්නැයි ඉල්ලා ඔවුන් ඊයේ පස්වරුවේ එම අමාත්‍යාංශය වෙත පැමිණ විරෝධතාවයක නිරත වූ අතර, පසුව අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වුණා. අත්අඩංගුවට පත්වූවන් අතර භික්ෂූණ් වහන්සේ 48 නමක්ද සිටිනවා. පොලිසිය මඟින් අත්අඩංගුවට ගත් 57 දෙනා මිරිහාන, තලංගම, කඩුවෙල, මුල්ලේරියාව, නවගමුව යන පොලිස් ස්ථානවල රඳවා සිටින බවයි පොලිසිය සඳහන් කළේ.

තව කියවන්​න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම ආසන්නයේ ආපදාවට ලක්ව නවතා තිබූ ලොරි රථයක, මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයෙක් මියගොස් තවත් අයෙක් තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ  විදේශික කාන්තාව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව සඳහන්. ඊයේ රාත්‍රියේ එම මෝටර් රථය කඩවත දෙසට ධාවනය වෙමින් තිබිය දී මෙම අනතුර ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙලෙස මියගොස් ඇත්තේ අක්මීමණ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයෙක්

තව කියවන්​න

රුසියාව – යුක්රේනයට පහර දී අදට වසරක් සපිරෙනවා. එම පහර දීම හෙළා දකිමින් සහ යුක්රේනයෙන් හමුදාව ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් නිව්යෝක් හී ජගත් මහ මණ්ඩලයේ දී ඊයේ යෝජනාවක් ද සම්මත කර තිබෙනවා. ඒ අනුව ඊට පක්ෂව ඡන්ද 141 ක් ද , විපක්ෂව 7ක් ද ප්‍රකාශ කර ඇති බව සඳහන්. සෙසේ වෙතත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 32 ක් ඡන්දය දීමෙන් වැළකී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තව කියවන්​න

රටේ පවතින ඖෂධ හිඟය සහ ඖෂධ මිල ඉහළ යාම ජනතාවගේ මානව අයිතිවාසිකම් කඩවීමක් බවට ඉදිරිපත් වූ පෙත්සමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට තීරණය කර තිබෙනවා. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් එම පෙත්සම ගොනු කල බව සඳහන්. මේ අනුව අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සෞඛ්‍ය ලේකම්වරයා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඖෂධ නියාමන අධිකාරිය නම් කර තිබෙනවා. සෙසේ වෙතත් අදාළ විර්ශන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට නොතීසි නිකුත් කර ඇති බවයි මානව හිමිකම් කොමිෂන් සභාව පැවසුවේ.

තව කියවන්​න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2022 වසරේ දී රුපියල් බිලියන 6.3ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව ක්‍රිකට් ආයතනය පවසනවා. සිය ආයතනය ඉතිහාසයේ ඉපැයූ ඉහළම වාර්ෂික ශුද්ධ ආදායම 2022 වසරේ දී ඉපැයූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. 2021 වසරේ දී ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 2.1 ක ලාභයක් ලබා තිබූණා. ඒ අනුව 2022 වසර වන විට එය තුන් ගුණයකින් ඉහළ නංවා ගැනීමටයි ක්‍රිකට් ආයතනය සමත්ව තිබෙන්නේ.

තව කියවන්​න

බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

තව කියවන්​න

ඩොලර් අර්බුදය බංග්ලාදේශය ව්‍යාපාර ක්ෂේත්‍රයට දැඩි ලෙස බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා. එරට ව්‍යපාරික ප්‍රජාව කුළුබඩු ඇතුළු විවිධ භාණ්ඩ ආනයනය කිරීම සදහා දිගින් දිගටම බැංකු වලින් ණයවර ලිපි නිකුත් කරණ ලෙස ඉල්ලීම කළද, පසුගිය නොවැම්බර් මාසයේ සිට ඩොලර් අර්බුදය හේතුවෙන් ණයවර ලිපි නිකු කර නොමැති බවයි එම වාර්ථා වල සදහන් වෙන්නේ. එමෙන්ම මෙම ඩොලර් අර්බුදය හේතුවෙන් පසුගිය මාස 06ක කාලය තුළ බංග්ලාදේශ විදේශ සංචිත ඩොලර් බිලියන 39 සිට ඩොලර් බිලියන 32 ට වඩා අඩුවී ඇති බවද වාර්තා වනවා.

තව කියවන්​න

අඛණ්ඩව 7 වැනි වරටත් කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, මෙවර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම පරදා ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කරමින්. කේප් ටවුන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 172 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167 ක් පමණයි. මෙම තරගයේ දී ඉන්දීය ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම දුර්වල මට්ටමක පැවතීම ද…

තව කියවන්​න

කොරියානු භාෂා විභාගය සදහා මෙවර වාර්තාගත අයදුම්කරුවන් පිරිසක් ඉදිරිපත්ව ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය සදහන් කළේ කොරියානු භාෂා විභාගය සදහා අයදුම්කරුවන් 85000ක් පමණ ඉදිරිපත්ව ඇති බවයි. එම විභාගය සදහා පසුගිය වසරේ ඉදිරිපත්ව ඇත්තේ අයදුම්කරුවන් තිස්එක්දහසකට ආසන්න පිරිසක්. මෙවර කොරියානු භාෂා ප්‍රවීණතා විභාග අපේක්ෂකියින් සදහා විභාග ප්‍රවේශපත් නිකුත් කිරීම ආරම්භ කර ඇති අතර මේ වන විට දහතුන්දහසක් පමණ අයදුම්පත් නිකුත් කර තිබෙනවා. කොරියානු භාෂා විභාගය මාර්තු 13වනදා ආරම්භ වීමට නියමිතයි.

තව කියවන්​න

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කර තිබු මංගල ජන රැලිය කල් දමා තිබෙනවා. පක්ෂ මුලස්ථානයේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ. අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය මංගල ජන රැළිය පැවැත්වීමට සැලසුම් කර තිබුණා. කෙසේවෙතත් එම ජන රැළිය මාර්තු මාසයේ පැවැත්වී ම නියමිත බවයි වාර්තා වන්නේ.

තව කියවන්​න