Author: VNews

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 2,460 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 930 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 1,530 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

තව කියවන්​න

මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම්දෙනවා. ඔවුන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව සිය අවධානය යොමු කරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනු ලබන්නේ.

තව කියවන්​න

තම රජයක් යටතේ නිෂ්පාදන මිලදී ගැනීම සඳහා නව සමාගම් බිහි කිරීමට කටයුතු කරන බව ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ පසුගියදා මතුගම ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්.

තව කියවන්​න

දෙවන වරටත් තමන් ජයග්‍රහණය කළහොත් රජයේ කාර්යක්ෂමතා කොමිසමේ ප්‍රධානියා ලෙස ඉලොන් මස්ක් පත්කරන බවට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. මැතිවරණ ප්‍රචාරක රැලියකදී තම ආර්ථික දැක්ම ඉදිරිපත් කරන අතරතුරදියි හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. තමා නැවත පත්වීමෙන් පසු ඇමෙරිකාවේ ආර්ථිකය සමෘද්ධිමත් කිරීමට කටයුතු කරමින් ජාතික ආර්ථික පුනරුදයක් ඇති කරන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

තව කියවන්​න

ඊශ්‍රායල් සාත්තු සේවක ( caregiver ) රැකියා සඳහා මේ වන විට ශ්‍රමිකයින් 749 දෙනෙක් පිටත්ව ගොස් ඇති බව  විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා සිටියේ ඊශ්‍රායල් සාත්තු සේවක රැකියා සඳහා පිටත්ව යන 131 වන කණ්ඩායමට අයත් තවත් 21 දෙනෙකුට වීසා, ගුවන්ටිකට්පත් ඇතුළු ලියකිවිලි භාරදීම ඊයේ (6) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දී සිදු කර ඇති බවය.

තව කියවන්​න

ගාසා තීරයේ මේ වන විට දරුණු මානව ඛේදවාචකයක් උද්ගතව ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවනවා එහි ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පෙන්වා දෙන්නේල මධ්‍යම සහ දකුණු ගාසා තීරයේ මෙම තත්වය අතිශය බරපතල වී ඇති බවයි මධ්‍යම සහ දකුණු ගාසා තීරයේ මිලියනයකට අධික ජනතාවකට ඉකුත් අගෝස්තු මාසයේදී කිසිඳු ආහාර සලාකයක් නොලැබුණු බවල එක්සත් ජාතීන්ගේ ප්‍රකාශකවරයා කියා සිටිනවා ඔහු පෙන්වාදෙන්නේල ගාසා තීරයේ මානුෂීය තත්වය ව්‍යසනකාරී තත්වයෙන් එහා සීමාවකට ගොස් ඇති බවයි ඊශ්‍රායල හමුදාව පෝලියෝ එන්නත් වැ‍ඩසටහනට අනුබද්ධ වෛද්‍ය කණ්ඩායම් ගාසා තීරයේ දකුණුදිග ප්‍රදේශවලට ඇතුළු කිරීම සම්බන්ධීකරණය කිරීම ප්‍රතික්ෂේප කරන බවල ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා

තව කියවන්​න

එළැඹෙන ඇෆ්ගනිස්තාන සහ ශ්‍රී ලංකා ටෙස්ට් තරග සඳහා නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් නම්කර තිබෙනවා. නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ඉදිරි මාස දෙකේදී ආසියාවේදී ටෙස්ට් තරග 6කට සහභාගී වීමට නියමිතයි. ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමග ඉන්දියාවේදී එක් ටෙස්ට් තරගයක් පැවැත්වෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායම සමග ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතයි. එම ටෙස්ට් තරග සඳහා රංගන හේරත් ගේ සේවය නවසීලන්ත කණ්ඩායමට හිමිවනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 93කට ක්‍රීඩාකර ඇති රංගන හේරත් එහිදී දවා ගෙන ආති කඩුලු සංඛ්‍යාව 433ක්.

තව කියවන්​න

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන පළමු කොටසේ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග අද ආරම්භවනවා. ඒ කොළඹ රාජකීය විද්‍යාලීය ක්‍රිඩා සංකීර්ණයේදීයි. ඒ අනුව පළමු අවසන් පුර්ව තරගය අද පැවැත්වීමට නියමිතව ඇත්තේ බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතරයි. එමෙන්ම කොළඹ ඉසිපතන විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර දෙවන අවසන් පුර්ව තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

තව කියවන්​න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ඊයේ ආරම්භ වු තරගයේ පළමු දිනයේ වැඩි ගෞරව එංගලන්තයට හිමිකර ගත්තා. ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදෙමින් සිටි එංගලන්තය අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් නියමිත කාලයට පෙර දිනය නිමා කරන විට කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 221 ක්. එංගලන්තය වෙනුවෙන් නායක ඔලී පෝප් සිය 7 වැනි ටෙස්ට් ශතකය වාර්තා කළා. අයහපත් අලෝක තත්ත්වය හා වර්ෂාව හේතුවෙන් ඊයේ දිනයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 44.1 ක් පමණයි.

තව කියවන්​න

මෙවර ජනාධිපතිවරණ සදහා ඉදිරිපත් වන අපේක්ෂකයින් අතර පැවැත්වෙන විවාද මාලාව අද සිට ආරම්භවනවා. ඒ අනුව පළමු අදියර අද කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට නියමිතයි. අද පැවැත්වෙන විවාදයට ජනාධිපතිධුර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස , නාමල් රාජපක්ෂ , දිලිත් ජයවීර සහ පී අරියනේත්‍රන් යන මහත්වරුන් එක්වනවා. ජනාධිපතිධුර අපේක්ෂකයින් අතර මෙම විවාද මාලාව සංවිධාන කරනු ලබන්නේ මාර්තු 12 ව්‍යාපාර විසිනුයි.

තව කියවන්​න