- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
Author: VNews
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සේවය කිරීමට ලොව ධනවත්ම පුද්ගලයෙකු වන ඊලොන් මස්ක්ගේ, ස්පේස් එක්ස් කණ්ඩායම සූදානම් වනවා. ඔවුන් ෆැල්කන් 9 රොකට්ටුවකින් ෆ්ලොරිඩාවේ කැනවරල් තුඩුවේ පිහිටි නාසා ආයතනයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අද ගමන් ආරම්භ කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පෘථිවියේ සිට කිලෝමීටර් 420ක් පමණ ඉහළින් පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස හයක ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ මෙහෙයුමක් ආරම්භ කිරීම සඳහායි සිව් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලය මෙලෙස පිටත්ව යන්නේ. ඊට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගගනගාමියෙකු සහ රුසියානු ගගනගාමියෙකු, නාසා කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකු ඇතුළත් බව සදහන් .
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද මාධ්‍ය හමුවක් කැඳවමින්. මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් අද දිනයේ කථානායකවරයාට නිල වශයෙන් දැනුම් දෙන බවයි. පසුගිය බ්‍රහස්පතින්දා රැස්වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස මයන්ත දිසානායකව මහතා ආණ්ඩු පක්ෂය විසින් යෝජනා කළා . ඒ, විපක්ෂය විසින් එම තනතුර සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා නම් කර තිබියදියි. පසුව මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මෙන්ම ඉන් පිටතදී ද වාද විවාද ඇතිවුණා.
QR කේත ක්‍රමයට ඉන්ධන ලබා දීම අප්‍රේල් මස 10 වනදා සිට අවසන් කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා. පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් රජය විසින් ඉන්ධන නිකුත් කිරීමට QR ක්‍රමවේදය හදුන්වා දෙනු ලැබුවා. මේ අනුව අද දින ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර සිටියේ අප්‍රේල් මස 10 වන දා සිට අදාළ තීරණය ක්‍රියාත්මක බවයි.
ඛනිජ තෙල් සේවකයන්ගේ මෙම වසරට අදාළ අතිකාල දීමනා කපා දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වනවා . ඒ මෙම වසරේ ඛනිජ තෙල් සේවකයින්ගේ අතිකාල දීමනා ගෙවීම සඳහා රුපියල් කෝටි 360කට අධික මුදලක් ඇස්තමේන්තු ගත කිරීමත් සමඟයි . ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් මීට අදාළ ඇස්තමේන්තුව සකස් කර ඇති අතර එය අනුමැතිය සඳහා මුදල් අමාත්‍යංශය වෙත යොමුකර තිබෙනවා . තොග පර්යන්ත සමාගමෙ හි සේවකයින් සඳහා පමණක් අතිකාල දීමනා සඳහා රුපියල් කෝටි 180ක මුදලක් ඇස්තමේන්තු ගත කර ඇති බව සඳහන්.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ 52 වන සැසිවාරය මෙරට වේලාවෙන් අද පස්වරු 03 ට ආරම්භ වනවා. ඒ, ස්විට්සර්ලන්තයේ ජිනීවා හිදීයි. අදින් ආරම්භ වන මෙම සැසිවාරය ලබන අප්‍රේල් මස 04 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. ජගත් මානව හිමිකම් කවුන්සිලය මෙලෙස රැස්වීමේ ප්‍රධාන අරමුණු වන්නේ මානව හිමිකම් ආරක්ෂා කිරීම, වර්ධනය කිරීම සහ ගරු කිරීමයි.
කෝටි 5 කට අධික රූපලාවණ්‍ය ද්‍රවය වෙන්දේසි කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අවසර ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අනවසරයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කළ රූපලාවණ්‍ය ද්‍රවය කන්ටේනර් 4ක් රේගුව විසින් රදවා තබා ගෙන ඇති බවද ඔහු සදහන් කළා . මෙම ද්‍රව්‍ය ඉන්දියාව, චීනය, පකිස්ථානය, ඩුබායි,බ්‍රිතාන්‍ය, සහ සිංගප්පුරුව වැනි රථවලින් අනයනය කර තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයට ඇතුලු වී කලහකාරී ලෙස හැසුරුණු බවට අත්අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු හැට දෙදෙනා අද අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිතයි. ඔවුන් පසුගිය 24 වනදා කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් සුජීව ගුණතිලක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. බත්තරමුල්ලේ පිහිටි ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට පසුගිය 23 වනදා බලහත්කාරයෙන් ඇතුලු වී පොදු දේපලවලට අලාභහානි කිරීම අතුලු චෝදනා යටතේ මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ.
උතුරේ හමුදා කඳවුරක් සමීපයේ යුද හමුදාව විසින් බෞද්ධයන් නැති පළාතක අලුතින් සවිකළ බුදු පිළිමයක් ප්‍රදේශවාසී ජනතාවගේ විරෝධය හමුවේ ඉවත් කරගෙන තිබෙනවා. අච්චුවේලි පොලිස් වසමේ නිලාවරෛ ප්‍රදේශයේ යුද හමුදා කඳවුර ආසන්නයේ පිහිටි පැරණි බෝ ගසක් යට බුදු පිළිමය තැන්පත් කිරීමට යුද හමුදාව පෙබරවාරි 23 වැනි දින රාත්‍රී කාලයේදී පියවර ගැනුණු බවයි වාර්තා වන්නේ. පසුදා උදෑසන එය දුටු ප්‍රදේශවාසී ජනතාව ඒ සම්බන්ධයෙන් අච්චුවේලී පොලීසියට සහ වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවට පැමිනිලි කිරීමට පියවර ගෙන තිබෙනවා. බෞද්ධ ජනශූන්‍ය පළාත්වල බෝගස් සෙවනේ බුදු පිළිම තැබීමෙන් අනතුරුව හාමුදුරුවන් පදිංචි කරවා ඔවුන්ට ඇප උපස්ථාන කිරීම සඳහා පිටින් සිංහලයන් ගෙන්වා ජනාවාස ඇතිකිරීම මගින් උතුරු නැගෙනහිර ජන සංයුතිය වෙනස්…
ආනයනය කිරීමට නියමිත බිත්තර තොගය සම්බන්ධයෙන් වන ප්‍රමිති වාර්තාව අද දිනයේ මෙරටට ලැබීමට නියමිත බව වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ, නවදිල්ලිහි පිහිටි පශු සම්පත් අමාත්‍යාංශය මගින් එම වාර්තාව ලබාදීමට නියමිත බවයි. එමෙන්ම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට බිත්තර ලක්ෂ 20 ක් ආනයනය කිරීමට නියමිතයි. සිය ගොවිපොළ ආශ්‍රිතව කුරුළු උණ අවදානමක් නොමැති බවට අදාල බිත්තර නිෂ්පාදන සමාගම රසායනාගාර පරීක්ෂණ වාර්තා මගින් තහවුරු කර ඇතැයිද වෙළෙඳ හා වාණිජ අමාත්‍යාංශය සඳහන් කලා.
ජාතික ජනබලවේගය සංවිධානය කළ විරෝධතා රැළියට එල්ල කළ ජල සහ කදු`ඵ ගෑස් ප්‍රහාරය තරයේ හෙලා දකින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකයා විසින් වැඩිදුරටත් පවසා සිටියේ කිසිදු නායකයෙක් හෝ පක්ෂයක් සෑම විටම සහමුලින්ම නිවැරදි නොවන අතර ප්‍රඡාතන්ත්‍රවාදය තුළ විරුද්ධ හඩවල් ඉවසා සිටිය යුතු බවයි. ජාතික ජනබලවේගය පක්ෂයේ විරෝධතාවයට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් බොහෝ දෙනෙකුට බරපතල තුවාල සිදු වී ඇතැයි විපක්ෂ නායකවරයා සිය ට්විටර් පණිවිඩය මගින් සදහන් කර ඇත්තේ. මෙම තත්ත්වය තුළ මහජනතාවට එරෙහිව ආණ්ඩුවේ තර්ජනය පැහැදිලි බවද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා. ඊයේ පැවති විරෝධතාවයේදී 28 දෙනෙකු රෝහල්ගත කළ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222