Author: VNews

ලංකා විදුලිබල මණ්ඩලය හදිසි විදුලිය මිලදී ගැනීමකට සූදානම් වන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගම පවසනවා. එහි ජාතික ලේකම් සංජීව ධම්මික මහතා සදහන් කළේ මේ තුළින් ජනතාව තවදුරටත් පීඩාවට පත්වන බවයි. අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අවධාරණය කළා. මේ අතර විදුලි බිල අධික ලෙස ඉහළ යෑමට විරෝධය පළ කරමින් ලංකා විදුලි වෘත්තීය සංගමය අද විරෝධතාවක් පවත්වනු ලැබුවා. ඒ ලංකා විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී. එමෙන්ම පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් අද මාධ්‍ය හමුවකදී සදහන් කළේ විදුලි බිල පහත හෙලන තුරු අරගල ක්‍රියාත්මක කරන බවයි.

තව කියවන්​න

ජාතික ජනබලවේගය මගින් ඊයේ කොළඹදී පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සදහා බැටන් ප්‍රහාර එල්ල නොකළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසනවා. ඔහු සදහන් කළේ එම විරෝධතාව විසුරුවා හැරීම සදහා පොලිසිය ජල හා කදු`ඵ ගෑස් ප්‍රහාර පමණක් එල්ල කළ බවයි. මේ අතර එහිදි පොලිස් නිලධාරින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බවද අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සදහන් කළා.

තව කියවන්​න

ජාතික ජන බලවේගයේ විරෝධතාවය අතුරතුර ඇති වූ සිද්ධියෙන් රෝහල්ගත කෙරුණු පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මහතා මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඔහු 61 හැවිරිදි පුද්ගලයෙක් බව සදහන්. කදු`ඵ ගෑස් උණ්ඩයක් මුහුණ මත වැදීමෙන් සිදු වූ අනතුරකින් ඔහු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස රජයට බල කරමින් ජාතික ජන බලවේගය මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. එම විරෝධතාව අතරතුර දී 28 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා. මේ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක ටිල්වින් සිල්වා මහතා සදහන් කළේ මෙම මරණය සම්බන්ධ වගකීම ආණ්ඩුව විසින් බාර ගත යුතු බවයි.

තව කියවන්​න

රුහුණු විශ්ව විද්‍යාලයේ තාක්ෂණික පීඨය සතියක කාලයක් සදහා වසා දමා තිබෙනවා. ඊයේ රාත්‍රියේ එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේ ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි එහි උපකුලපතිවරයා පැවසුවේ. ඊයේ රාත්‍රියේ විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ආශ්‍රිතව ඇති වූ ඝෝෂාකාරි ශබ්දයක් ගැන ප්‍රදේශවාසීන්ගෙන් ලද පැමිණිල්ලකට අනුව තොරතුරු සොයා බැලීම සදහා එහි පාලකවරයා එම ස්ථානයට ගොස් තිබෙනවා. කෙසේ වෙතත් එම අවස්ථාවේදී සිසුන් පිරිසක් විසින් ඔහුගේ බිරිදට සහ මවට පහර දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. අදාළ පහර දීමෙන් තුවාල ලැබූ ඔවුන් මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

තව කියවන්​න

සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සමග එක්ව නව සන්ධානයක් පිහිටුවන බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. සතියක කාලයක් තුළ එම සන්ධානය බිහි කරන බවයි ඔහු සදහන් කළේ. බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක හමුව අමතමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව අවධාරණය කළා.

තව කියවන්​න

සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආරක්ෂක නිලධාරින් 5000ක් පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කර තිබෙනවා. ඉදිරි වසර 5 තුළ අදාළ ආරක්ෂක නිලධාරින් පුහුණු කිරීමට චීනය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ. ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සදහා ජාත්‍යන්තර සහයෝගිතාවය වෙනුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

තව කියවන්​න

ප්‍රංශයේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරකට ලාංකිකයෙකු පත් කර තිබෙනවා. මෙම පත් කිරීම ප්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ. මෙලෙස පත් කර ඇත්තේ යාපනයේ පදිංචි උත්තියසෝති කළන් නැමැති තරුණයෙක්. ඔහු ප්‍රංශයේ පොලිස් ඩිප්ලෝමා සහතික පත්‍ර විභාගයට පෙනී සිට ඉහළම ලකුණු ලබා ගැනීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

තව කියවන්​න

කොරෝනා වයිරසයේ ආරම්භය සිදුවන්නට ඇත්තේ විද්‍යාගාරයකින් සිදු වූ වයිරස කාන්දුවකින් බවට ඇමෙරිකානු බලශක්ති දෙපාර්ත්මේන්තුව තහවුරු කර තිබෙනවා. වෝල්ස්ට්‍රීට් ජර්නල් පුවත්පතට විශේෂ වාර්තාවක් සපයමින් ඇමෙරිකා බලශක්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සතුන් මඟින් කොරෝනා වයිරසය හට ගන්නට ඇති බවට වූ මතය මේ අනුව වෙනස් වන බවයි. 2019 වසරේ දී චීනයේ වූහාන් නගරයෙන් ආරම්භ වූ කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් පැතිර ගියා. මේ වන විට ලක්ෂ 70කට වැඩි පිරිසක් කොරෝනා ආසාදනයෙන් මිය ගොස් තිබෙනවා. එහි නව ප්‍රභේද තවදුරටත් ලොව පුරා ව්‍යාප්තව පවතින්නේ බොහෝ දෙනෙක් පීඩාවට පත් කරමින්.

තව කියවන්​න

ජාතික ඉන්ධන බලපත්‍රයට අදාළ QR  ක්‍රමවේදය සම්බන්ධයෙන් අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අප්‍රේල් 10 වනදා සිට එය අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බවයි. දත්ත විශ්ලේෂණය කර ක්‍රමානුකූලව ඉන්ධන කෝටාව වැඩි කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පැවසුවා. දැනට ක්‍රියාත්මක වන ක්‍රමවේදය සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග මුදල් අමාත්‍යංශය සහ අනෙකුත් පාර්ශවකරුවන් සමග සාකච්ඡා කර ඉදිරි මාස කිහිපය තුළ ගන්නා බවද අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කළා. මේ අතර අද මාධ්‍ය වාර්තා කර තිබුනේ අප්‍රේල් 10 වනදා සිට QR  ක්‍රමවේදය ඉවත් කිරීමට රජය සැලසුම් කර තිබෙන බවයි .

තව කියවන්​න

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 03 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා . මාර්තු මස 09 වන දාට පෙර අදාළ පෙත්සම සලකා බැලීම සඳහා කැඳවන ලෙස පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කළ ඉල්ලීමකට අනුව එම නියෝග ලබා දී ඇති බව සදහන් . එස් තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල…

තව කියවන්​න