- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: VNews
ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පෙර දැනුම්දීමකින් තොරව හදිසියේ යුක්රේනයට ගොස් තිබෙනවා. එහි දී යුක්රේන ජනාධිපතිවරයා ද හමු වී ඇති අතර සිය රට සහයෝගය දිගින් දිගටම යුක්රේනයට ලබාදෙන බවයි ඇය ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම යුක්රේනයට අවශ්‍ය ආර්ථික සහයද ලබාදෙන බවට භාණ්ඩාගාර ලේකම්වරිය පොරොන්දු වී ඇති බව සඳහන්. මේ අතර ඉදිරියේ දී රුසියාවට තවදුරටත් සම්බාධක පැනවීමට අපේක්ෂා කරන බවත් ඇය එම සාකච්ඡාවේ දී අවධාරනය කරනු ලැබුවා.
හෙට දිනයේ පැවැත්වෙන වැඩවර්ජනය සදහා සහය දැක්වීම සම්බන්ධයෙන් අද අවසන් තීරණයක් ගන්නා බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එම තීරණය ගැනීම සදහා සිය සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් මේ වන විට පැවැත්වෙන බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සදහන් කළේ. රජයේ බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් වරාය, තෙල්, විදුලි, බැංකු ඇතු`ඵ ක්ෂේත්‍ර රැසක වෘත්තීය සංගම් හෙට දිනයේ මෙම දැවැන්ත වැඩවර්ජනයක් එක් වීමට නියමිතයි. අත්‍යාවශ්‍ය සේවා පවත්වා ගැනීමට නොහැකි වීම තුළ මහජනතාවට ඇති වන දුෂ්කරතාවල වගකීම ආණ්ඩුව භාරගත යුතු බවයි වෘත්තියවේදින්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසන්නේ. මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය…
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවත් වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද ආරම්භ වනවා. මෙරට වේලාවෙන් පස්වරු 1.30ට තරගය ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර පැවත්වෙන ටෙස් ක්‍රිකට් තරග දෙකට අමතරව එක්දින ක්‍රිකට් තරග 3ක් සහ 20යි 20 තරග තුනක්ද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
දිවයිනේ වැසි තත්වයේ තරමක වැඩි වීමක් අද දිනයේ දී අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් මුලතිව් සහ මාතලේ දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ. නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බව සඳහන්. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇති විය හැකි බවත් සඳහන් වනවා.…
බදු ප්‍රතිපත්තියට එරෙහිව හෙට දිනයේදී දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා . ඒ සදහා ඛනිජ තෙල් , වරාය , විදුලි සේවකයින් එක්වීමට නියමිතයි . එම ආයතනවල වෘත්තීය සමිති නියෝජිතයින් මෙම තීරණය ගනු ලැබුවේ ඊයේ කොළඹ පැවති සාකච්චාවකින් අනතුරුවයි . මේ එම සාකච්චාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කල පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ ඛණජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාර මහතා . මෙම ප්‍රශ්නයට විසදුම් ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සතුව බවත් ආණ්ඩුවට මෙය විසදිය නොහැකි බවත් අමාත්‍යවරයා පැවසු බව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ ලේකම් නිරෝෂන් ගොරකාන මහතා මෙහිදී මාධ්‍යවෙත අදහස් පල කරමින් සදහන් කළා .…
ශ්‍රී ලංකාවේ වෙසෙන තෙළිඟු ජනතාවගේ ජීවනෝපාය ප්‍රශ්ණ සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදීමට බුද්ධ ශාසන ,ආගමික හා සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා තීරණය කර තිබෙනවා . ඔවුන් තම ජීවනෝපාය සලසා ගනු ලබන්නේ නාගයින් භාවිතා කරමින් සිදු කරන රඟදැක්වීම් වැනි හැකියාවන් දෙස් විදෙස් සංචාරකයන් වෙත ප්‍රදර්ශණය කරමින් . කෙසේ වෙතත් කොවිඩ් වසංගත තත්වයත් සමග එම කටයුතු තාවකාලිකව නතර කිරීමට ඔවුන්ට සිදු වුණා . සමස්ථ ලංකා තෙළිඟු ජන සංගමයේ සාමාජික පිරිස සහ අමාත්‍යවරයා අතර කොළඹ පැවති සාකච්චාවකින් අනතුරුවයි මෙම තීරණය ගනු ලැබුවේ .
නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට කේන් විලියම්සන් ඊයේ සමත් වුණා. ඒ, සංචාරක එංගලන්ත කණ්ඩායම සමග වෙලින්ටන් හී දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේ දීයි. නවසීලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් ශතකයක් වාර්තා කළ විලියම්සන් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 132 ක්. මේ වන විට කේන් විලියම්සන් ටෙස්ට් තරග පිටියේ දී ලබා ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 7,787 ක් වනවා. මීට පෙර නවසීලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් වාර්තා කර තිබුණේ රෝස් ටේලර් වන අතර, ඔහු ලකුණු 7,683 ක් වාර්තා කර තිබුණා.
කැනඩාව තුළ ටික් ටොක් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව සදහා පිළිගත නොහැකි මට්ටමේ අවධානමක් තිබෙන බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා පෙන්වා දෙන්නේ. කැනඩාවේ ප්‍රධාන තොරතුරු නිලධාරියාගේ සමාලෝචනයකින් පසු මෙම තීරණය ගෙන ඇති අතර, එම තහනම අද දිනයේ සිට ක්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් මෙම තහනම සම්බන්ධයෙන් සිය කණගාටුව පළ කරන බව ටික් ටොක් සමාගම ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
බලහත්කාරයෙන් නොව තම පාර්ශවය මහජන චන්දයෙන් රටේ පාලනය සදහා පත්වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා පවසනවා . ඔහු මේ බව සදහන් කලේ සිය පක්ෂ කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . මේ අතර වර්තමානයේ රට පත්ව ඇති තත්වයට එක් කල්ලියක් දෙකට බෙදී සිදු කල ක්‍රියාකාරකම් හේතු වූ බව ජාතික ජන බලවේගයේ මධ්‍යම කාරක සභික නලීන් හේවගේ මහතා පවසනවා . ඔහු මේ බව සදහන් කලේ සුරියවැව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් . ප්‍රජාතන්ත්‍රවාදී රටක කෙසේ හෝ මැතිවරණය පැවැත්විය යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා .
සහල් මිල වැඩි නොකොට වී කිලෝවක් සඳහා ගොවීන්ට රුපියල් 140 ක මිලක් ලබාදීමට කර්මාන්තකරුවන් හට සහන කිහිපයක් ලබාදෙන ලෙස සහල් ව්‍යාපාරික මිත්‍රපාල ලංකේෂ්වර මහතා රජයෙන් ඉල්ලීමක් කරනවා. සහල් කර්මාන්තකරුවන්ගෙන් සෑම රුපියල් සියයක් සඳහාම අයකරන රුපියල් 2 යි ශත 50 ක විශේෂ බද්ද ඉවත්කිරීම සහ වී තොග රැස්කිරීම සඳහා අයකරන පොලිය අඩු කිරීම ඇතුළු යෝජනා තුනක් මෙයට ඇතුලත් . ඔහු මේ බව සදහන් කලේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් . මේ අතර ඇතැම් ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 130 දක්වා ඉහළ යෑමත් සමඟ රසකැවිලි කර්මාන්තයේ නිරත කර්මාන්තකරුවන් ගැටලු රැසකට මුහුණ පා සිටිනවා . රසකැවිලි කර්මාන්තයේ නිරත කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222