Author: VNews

ගැහැනියක සතුවූ උතුම්ම වස්තුව වන්නේ තමාගේ නොඉඳුල් බවයි. නැතහොත් කන්‍යාභාවය රැකගැනීමය. ගැහැනියක කිහිපවරක් උපදී. ඒ පළමුව මවගේ කුසයෙනි. ඉන්පසු මල්වරවූ දිනයේය. තුන්වැන්න විවාහය සිදුවන දිනයේය. අවසානයේ ඇය මවක වූ දිනයේය. මෙහිදී යුවතියක මල්වරවූ දිනයේ සිට විවාහය සිදුවන දිනය දක්වා තමාගේ නොඉඳුල් බව රැකගත යුතුය. වෙනත් ලෙසකින් කිවහොත් කන්‍යාවියක ලෙස විවාහය දින මංගල පෝරුවට නැගිය යුතුය. ඉන්පසු ඇය පතිවත රැකිය යුතුය. ඇතැම්විට මේවා හණමිටි අදහස් හෝ බමුණු අදහස් ලෙස වර්තමාන තරුණ පරපුර සිතා සිටීමට හැක. ඒත් මේ බමුණු අදහස් අතීතයටත් වර්තමානයටත්, අනාගතයටත් වැදගත්වේ. පවුල් සංස්ථාවක යහපැවැත්ම සඳහා මෙය වැදගත්ය. යුරෝපීය රටවල වුවද මේ ගැන අවධානය යොමුව ඇත. ඉන්දියාවේ මෑතක් වනතුරු ‘සති…

තව කියවන්​න

ජීවන වියදම ඉහළ යෑමට එරෙහිව පෘතුගාලයේ ලිස්බන් නුවර විරෝධතා පැවැත්වෙනවා. විරෝධතාකරුවන් පවසන්නේ එරට ජීවන වියදම 18.7% කින් ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම පෘතුගාලයේ කම්කරුවෙකුගේ වැටුප යූරෝ 760ක් වනවා. කෙසේ වෙතත් මසක වියදම යූරෝ දහසකට අධික බවයි විරෝධතාකරුවන් චෝදනා කරන්නේ.

තව කියවන්​න

ඇෆ්ගනිස්ථානයට භූමි කම්පාවක් හටගෙන ඇති බවට විදෙස් වාර්තා පවසනවා. එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක ඒකක 4 ක් බව සදහන්. එය කිලෝමීටර 10 ක් පෘථිවි අභ්‍යන්තරයේ හටගෙන තිබෙනවා. කෙසේ වෙතත් එය සු`ඵ කම්පනයක් බවයි භූ විද්‍යාඥයින් පවසන්නේ. ඇෆ්ගනිස්ථානය භූ තැටි මායිමකට ඉහළින් පිහිටා ඇති අතර ඒ හේතුවෙන් ඕනෑම අවස්ථාවක ප්‍රබල භූ කම්පාවක් හට ගැනීමට ඉඩ ඇති බවයි භූ විද්‍යාඥයින් අනතුරු අඟවන්නේ.

තව කියවන්​න

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන තිළිණි ප්‍රියමාලිට එරෙහිව ගොනු කර ඇති නඩුව ජූනි මස 05 සහ 06 යන දිනවල විභාගයට ගැනීමට කොළඹ මහධිකරණය අද නියෝග කළා. විත්තිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පැවසුවේ මෙය සමථයකට පත් කිරීමට සූදානම් බවයි. ඒ සදහා මාස දෙකහමාරක පමණ කාලයක් තමන්ට ලබා දෙන ලෙසටත් නිතිඥයින් අධිකරණයෙන් ඉල්ලීමක් කළා. කෙසේ වෙතත් පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම් දෙමින් කියා සිටියේ සමථයකට පැමිණීම සදහා මේ වන විට කිසිදු එකඟතාවයකට පැමිණ නොමැති බවයි.

තව කියවන්​න

ශ්‍රී ලංකා රේගුව විසින් රඳවා ගෙන තිබෙන භාණ්ඩවලට අදාළව පවත්වනු ලබන පරීක්ෂණ හා විමර්ශන කඩිනම් කිරීම සදහා අමාත්‍ය කමිටුවක් පත් කර තිබෙනවා. අදාළ ක්‍රියාවලින් නිම කිරීම සදහා දීර්ඝ කාලයක් ගත වන බැවින් එම භාණ්ඩවලට හානි වීම සහ විනාශ වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සදහන්. ඒ අනුව දැනට රේගුව විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාදාමයන් කඩිනම් කරන ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා.

තව කියවන්​න

න්‍යෂ්ටික බලශක්තිය භාවිතා කරමින් විදුලිය ජනනය කිරීමට කරුණු අධ්‍යනය කිරීම සදහා මෙහෙයුම් කමිටුවක් සහ ක්‍රියාකාරි කණ්ඩායම් 9ක් පත් කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. එම කණ්ඩායම් විසින් සකස් කර ඇති ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණු බලශක්ති නියෝජිත ආයතනය මගින් ලබා දෙන නිර්දේශ අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා සදහන් කළේ. අනාගත බලශක්ති අවශ්‍යතාව සපුරාලීම සදහා න්‍යෂ්ටික බලශක්තිය විකල්පයක් ලෙස සලකා බැලිය යුතු බවට මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර තිබුණා.

තව කියවන්​න

පිළිකා රෝගීන්ට සහ ළමුන්ට ප්‍රතිකාර කිරීම සදහා නවීන රෝහල් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. යාපනය, හම්බන්තොට, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල සුදුසු ස්ථානයක මෙම රෝහල් පිහිටුවන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. ඒ අනුව එම රෝහල් පිහිටුවීමේ හැකියාව අධ්‍යනය කර මාස 2 ක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට ජනාධිපතිවරයා දැනුම් දී තිබෙනවා. ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා විසින් ඊට අදාළ කටයුතු සම්පාදනය කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ලේකම් අංශය සදහන් කළේ.

තව කියවන්​න

වී මිලදී ගැනීම, සහල් නිෂ්පාදනය සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙම බද්ධ පැනවීම හේතුවෙන් සෑම සහල් කිලෝග්‍රෑමයක් සදහා නිෂ්පාදකයින්ට රුපියල් 6 ත් 7 ත් අතර මුදලක් වැය කිරීමට සිදු වුණා. කෙසේ වෙතත් ගොවී අස්වනු අලෙවිය ඉහළ නැංවීමේ අරමුණින් මෙලෙස සමාජ ආරක්ෂණ බද්ධ ඉවත් කිරීමට තීරණය කළ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කළේ. එම බද්ධ ඉවත් කිරීමත් සමග හාල් මෝල් හිමියන් විසින් වැඩි මිලට වී මිලදී ගනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා. ඒ අනුව සමාජ ආරක්ෂණ බද්ධ අය කරනු ලැබූ මුදලේ වාසිය ගොවීන්ට ලැබෙනු ඇති. මේ අතර වී මෝල් හිමියන් වී…

තව කියවන්​න

අම්බලන්ගොඩ, කුලීගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ. උස්මුදුල්ලාව, මාදම්පාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයෙන් මරණයට පත්ව ඇති බවද පොලිසිය පවසනවා. සිය බිරිඳ සේවා ස්ථානයට ඇරලවා යළි නිවෙස වෙත පැමිණෙමින් සිටියදී මරණකරු වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා හෝ රථයක් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

තව කියවන්​න

පානදුර පිංවත්ත කනත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද(28) පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසනවා. යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් සුඛෝපභෝගි ජීප් රථයක ගමන් කළ පුද්ගලයෙකු මෙලෙස වෙඩි තබා ඝාතනය කර පළාගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මෝටර් රථය තුළ රියදුරු අසුනේම මරණයට පත්ව සිටි බවයි වාර්තා වන්නේ. වෙඩි ප්‍රහාරය එල්ල සැකකරුවන් හෝ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවද පොලිසිය පවසනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

තව කියවන්​න