Author: VNews

හොංකොං රජය විසින් එරට මුහුණු ආවරණ පැලදීම අනිවාර්ය කර තිබූ නීතිය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව දින 959ට පසු අද සිට එරට තුළ මුහුණු ආවරණ පැළදීම අනිවාර්ය නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්ථා සදහන් කළේ. කෝවිඩ් 19 වෛරසය පැතිරීම හේතුවෙන් මෙලෙස හොංකොං තුළ මුහුණු ආවරණ පැලදීම 2020 ජූලි 15 වැනිදා සිට අනිවාර්ය කර තිබුණා. එහිදී පොදු ස්ථාන වල මුහුණු ආවරණ නොපලදින පුද්ගලයන් සදහා ඩොලර් 1,000ක දඩ මුදලක් පැණවීමට කටයුතු කර තිබූ අතර, ඒ අනුව අද සිට එම නීතියද ක්‍රියාත්මක නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්ථා තුළ වැඩි දුරටත් සදහන් කර තිබුණේ.

තව කියවන්​න

පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් අද(01) පැවැත්වීමට නියමිතව තිබෙනවා. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම රැස්වීම පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සදහා මුදල් වෙන් කිරීම මෙන්ම ඉදිරි පාර්ල්මේන්තු කටයුතු පිළිබද තීරණයක් ගැනීම මෙම රැස්වීමේ මූලික අරමුණ වී තිබෙනවා. මේ අතර විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ(28) කථානායකවරයා මුණගැසී සාකච්ඡාවක නිරත වුණා. එහිදී පළාත් පාලන මැතිවරණය සදහා මුදල් වෙන් කිරීම ඇතුළු කරුණු 03ක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු අතර, මේ පිළිබද තීරණයක් ගැනීම සදහා වහාම පාර්ලිමේන්තු කැදවීමට පියවර ගන්නා ලෙස විපක්ෂනායකවරයා විසින් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

තව කියවන්​න

ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රතිසංස්කරණ වැඩසටහනට අඛණ්ඩ සහාය ලබාදෙන බවට එහි නියෝජිතයෝ සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා . ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති මාර්ටින් රේසර් මහතා ඇතුළු නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේ දී යි මේ බව ප්‍රකාශ ඇත්තේ . අදාළ හමුව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත් වුණා . ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කලේ සංවර්ධන ප්‍රතිපත්ති මෙහෙයුම් සඳහා නීති කෙටුම්පත් කිරීමේදී ලෝක බැංකුවේ තාක්ෂණික සහාය ලබාදෙන බවත් එමෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය භාවිතය හා සුභසාධන ප්‍රතිලාභ සම්බන්ධයෙන් තවදුරටත් මඟපෙන්වීම් සහ අවශ්‍ය සහාය ලබාදීමට කටයුතු කරන බවත් ඔවුන් පැවසු බවයි ලෝක බැංකු සංවර්ධන ප්‍රතිපත්ති…

තව කියවන්​න

රජයේ නව බදු ප්‍රතිපත්තියට විරෝධය දක්වමින් ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති ගණනාවක් අද දිනයේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා. සෞඛ්‍ය, වරාය, තෙල්, විදුලි සහ බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක් මේ සදහා එක්වීමට නියමිතයි . එමෙන්ම අද පැවැත්වෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සිය සහයෝගය දැක්වීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනය කළා. රෝගී සත්කාරක සේවාවට බරපතල ලෙස හානි නොවන අයුරින් විරෝධතාවය පල කරන බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සදහන් කලේ . එමෙන්ම අද දිනයේදී ගුරු -විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක්ද කළු විරෝධතාවක් ප්‍රකාශ කර තිබෙනවා. ලංකා ගුරු සංගමය සඳහන් කළේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් කළු ඇදුමෙන් සැරසී අද පාසල් වෙත…

තව කියවන්​න

කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කරන ලෙසට උතුරු කොරියා නායක කිම් ජෝන්ග් උන් උපදෙස් ලබා දී තිබෙනවා. පසුගිය වසරේ උතුරු කොරියාවේ අස්වනු අවම වීමත් සමඟ සාගත තත්ත්වයක් ඇති වීම සම්බන්ධයෙන් ලෝක ආහාර වැඩසටහන පසුගිය සතියේ දී අනතුරු ඇඟවනු ලැබුවා. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙසයි එම වැඩසටහන උතුරු කොරියානු නායකයාගෙන් ඉල්ලා සිටියේ. ඒ අනුව විශේෂ සමුළුවක් පවත්වමින් උතුරු කොරියානු නායකයා තම නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ අස්වනු ඉහළ දැමීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

තව කියවන්​න

බැඳුම්කර වෙන්දේසිවලට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ නීතිපතිවරයා විසින් ගොනු කළ නඩු දෙකක් පවත්වාගෙන යාමට නොහැකි බව තීරණය කරමින් අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා. ඒ, රවී කරුණානායක මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ දීයි. 2016 වසරේ මාර්තු මස 29 වැනිදා සහ 31 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව සිදුකළ බැඳුම්කර වෙන්දේසි දෙකේ දී රුපියල් බිලියන 50කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණා.

තව කියවන්​න

එංගලන්තය සමඟ වෙලින්ටන් හි පැවති දෙවන ටෙස්ට් තරගය ලකුණකින් ජයගැනීමට නවසීලන්තය අද සමත් වුණා. තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් එංගලන්තය පළමු ඉනිම සඳහා කඩුලු 08ක් දැවී ලකුණු 435ක් ලබාගත් අතර නවසීලන්ත පළමු ඉනිම ලකුණු 209කට සීමා වුණා. ඒ අනුව, දෙවනි ඉනිම ක්‍රීඩා කිරීමට එංගලන්තය නවසීලන්තයට අවස්ථාව ලබාදුන් අතර සියලු දෙනා දැවී එහිදී නවසීලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව 483ක්. ඒ අනුව, එංගලන්තයට තරඟය ජයග්‍රහණය සඳහා ලකුණු 258ක ඉලක්කයක් හිමිවුණා. කෙසේ වෙතත් එංගලන්තයට දෙවැනි ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 256ක් පමණයි. ඒ අනුව, තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය අවසන් වුණේ ජය පරාජයෙන් තොරවයි.

තව කියවන්​න

තමන් කිසිවිටෙකත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම ධූරයෙන් ඉවත් කිරීම පිළිබඳව ප්‍රකාශයක් සිදු නොකළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පවසනවා. කෙසේ වෙතත් පසුගියදා සමාජ මාධ්‍ය තුළ ද මේ පිළිබදව දැඩි කතා බහක් ඇති වුණා. දැන් දේශපාලන වේදිකාවේ පක්ෂ විපක්ෂව මතු වූ අදහස් කිහිපයක්.

තව කියවන්​න

ශ්‍රී ලංකාව අද මුහුණදෙන ආර්ථික අභියෝග ජයගැනීම උදෙසා සශ්‍රීක ඉන්දු – ශාන්තිකර කලාපයක් ගොඩනැගීම අද වෙන කවරදාවකටත් වඩා තීරණාත්මක වන බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසනවා . කොළඹ පැවැති ඉන්දු -ශාන්තිකර කලාපයට පොදු දැක්මක් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා. ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද ”ඉන්දු -ශාන්තිකර කලාපයට පොදු දැක්මක්, දකුණු ආසියාවට ඇති බලපෑම්” යන මැයෙන් වන කෘතියක් එළිදැක්වීම සිදුකෙරුණේ මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් . මෙහිදි කලාපීය විශ්ලේෂකයින් සහ එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් විසින් ඉන්දු ශාන්තිකර ක්‍රමෝපාය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විවිධාකාර දෘෂ්ටිකෝණවල අදහස් සහිත ලිපි එම ප්‍රකාශනයට ඇතුළත්…

තව කියවන්​න

ජාතික ජනබලවේගයේ විරෝධතාවයට එක්ව අසනීප තත්වයක් හේතුවෙන් ජාතික රෝහලේ මිය ගිය එම පක්ෂයේ නිවිතිගල ප්‍රාදේශීය සභා අපේක්ෂක නිමල් අමරසිරි මහතාගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. අනතුරුව දේහය මරණකරුගේ පුත්‍රයා වෙත මුදා හරින ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ. කදු`ඵ ගෑස් ප්‍රහාර හේතුවෙන් ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් නිමල් අමරසිරි මහතා ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියා. මහේස්ත්‍රාත් පරීක්ෂණය සදහා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද දින ජාතික රෝහලට ගොස් දේහය පරීක්ෂා කොට නියෝග කළේ එය භූමදානය සදහා පමණක් මුදා හරින ලෙසයි. පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව සුදුස නියෝගයක් නිකුත් කිරීමට එම…

තව කියවන්​න