- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
- පාකිස්තානයට ජාත්‍යන්තර පාපන්දු තහනමක්
- පළමු ආනයනික වාහන නැව 25 වැනිදායින් පසු දිවයිනට
- 09 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි
- බ්‍රසීලයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටෙයි
- නුවරඑළියට මල්තුහීන
- රොටුඹ උපාලිගෙන් ප්‍රශ්න කිරීමට දින 7ක රැඳවුම් නියෝග ගනී
- වැසි රහිත කාලගුණ තත්ත්වයක්
Author: VNews
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 2,863 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,041 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 1,822 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ. මෙම පැමිණිලි වලින් 2,755 ක්ම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වාර්තා වී තිබෙනවා.
මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය අද දිනය තුළ පීඩනය අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව හේතුවෙන් බෙංගාල බොක්ක ආශ්‍රිත ගැඹුරු මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙනතුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවට දැනුම්දෙනවා. එම පීඩන අවපාතය ඉදිරි දින දෙක තුළ වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඔඩීෂා වෙරළ දෙසට ළඟාවනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.
මඩකළපුව නැගෙනහිර ගැඹුරු මුහුදේ ධීවර කටයුතු වල නිරතව සිටි ධීවරයින් රැගත් ධීවර යාත්‍රාවක් ඊයේ රාත්‍රියේ සංවිධානාත්මක මුහුදු කොල්ලකරුවන් පිරිසක් පැමිණ කොල්ල කා තිබෙනවා. එහිදී එම යාත්‍රාවේ සිටි ධීවරයින්ට පහරදී රුපියල් ලක්ෂ දහඅටකට ආසන්න වටිනාකමකින් යුක්ත ධීවර ආම්පන්න ඇතුළු තවත් උපකරණ රැසක් පැහැරගෙන ගොස් ඇතැයි පරික්ෂණ පවත්වන කලවංචිකුඩි පොලිසිය සඳහන් කළා
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 2,863 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,041 ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 1,822 ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.
ලෝක රැකියා වෙළඳපළට සරිලන ආකාරයට අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කරන බව පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ බණ්ඩාරවෙල, සුබ්‍රමනියම් ශාලාවේ දී පැවැති ජනහමුවට එක්වෙමිනි.
සජිත් ප්‍රේමදාස මහතා සමගි ජනබලවේගය නිර්මාණය නොකලේනම් එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ට පක්ෂයක් පක්ෂයක් අහිමි වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා . ඇය මේ බව කියාසිටියේ ජනරැලියක් අමතමින් . වොයිස් කට් -හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මේ පවතින දේශපාලන තත්වය පිලිබදව අදහස් පළකල ශ්‍රී ලංකා පොදු ජනපෙරමුනේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසිංහ මහතා . වොයිස් කට් -වීරසිංහ රට කඩා වැටුනේ පක්ෂයේ නායකයින්ගේ වරදින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම් .චන්ද්‍රසේන මහතා පවසනවා . වොයිස් කට් -එස් .එම් .චන්ද්‍රසේන මේ අතර ජාතික ජනබලවේගයේ විධායක කාරක සභික ටිල්වින් සිල්වා මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණය නියත වශයෙන්ම අනුරකුමාර දිසානායක මහතා ජයගනු ඇති බවයි . වොයිස් කට් -ටිල්වින් සිල්වා
තරුණයින් වෙනසක් ඉල්ලමින් අරගලයක නිරත වුණේ දේශපාලනඥයින්ගේම වැරදි නිසා බව සර්වජන ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.
මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට දූෂණය පිටිදකින ස්වර්ණමය යුගයක් සමගි ජන සන්ධාන රජයක් යටතේ උදා කරන බව එම සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හෝමාගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
ජනතාවට බොරු නොකියා ජාතික ජන බලවේගය සිය ආර්ථික ප්‍රතිපත්තිය රටට හෙළි කළ යුතු බව ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ගාල්ල හිනිදුම ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින්.
ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන මිලියන 03ක බිත්තර තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතව ඇත. මේ සම්බන්ධයෙන් රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසා සිටියේ, ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අයදුම්පත්‍ර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවය.
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222