- වසර 27කට පසු දිල්ලියේ බලය මෝදිගේ පක්ෂයට
- නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදේශීය දුම්වැටි සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
- මුල් දින 05 තුල සංචාරකයින් 44,000ක් දිවයිනට
- පාරිභෝගික අධිකාරියෙන් මේ වන විට සහල් වැටලීම් 2,000 ක්
- විදුලි බිල පනත සංශෝධනයට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කෙරේ
- කලාපීය ආරක්ෂාව ගැන ඉන්දියාවෙන් ලංකාවට සහතිකයක්
- ඇලස්කාවේ අතුරුදන් වූ ගුවන් යානයේ සුන්බුන් හමුවෙයි
- පාරිභෝගික අධිකාරියේ සහල් වැටලීම් අඛණ්ඩව
Author: VNews
සමාජ ආරක්ෂණ බද්දෙන් සහල් නිදහස් කිරීම හේතුවෙන් ඉදිරියේදී වෙළදපොලේ සහල් මිල පහළ යාමක් අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එමෙන්ම බදු පනත් ජනතාවට අවම බලපෑමක් ඇති වන පරිදි සංශෝධනය කරන බවද ඔහු සදහන් කළා.
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව සෞඛ්‍ය, වරාය, තෙල්, විදුලි සහ බැංකු ඇතු`ඵ ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති මේ වන විට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා. මේ හේතුවෙන් එම ක්ෂේත්‍රවල කටයුතු අඩාල වී ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ. මේ අතර දිවයින පුරා රෝහල්වල සාමාන්‍ය ප්‍රතිකාර සේවා අද දිනයේදී ක්‍රියාත්මක වන්නේ නැහැ. මේ හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සදහා සායනවලට පැමිණි රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා. එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ අද දවසේ ක්‍රියාත්මක වැඩවර්ජනය හේතුවෙන් බාහිර ප්‍රතිකාර සේවා කටයුතු සියල්ල අඩාල වී ඇති බවයි. කෙසේ වෙතත් මහරගම අපේක්ෂා රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල,…
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වෙනවා. බංග්ලාදේශයේ මීර්පූර් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.30ට ආරම්භ වීමට නියමිතයි. දෙරට අතර මෙම තරගාවලියේදී එක්දින තරග 3ක් සහ පන්දුවාර 2-0යි 20 තරග 3ක්ද ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.
කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ මහා මංගල්ලය එළැඹෙන 03 වැනිදා සහ 04 වැනිදා පැවැත්වීමට නියමිත බව යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසනවා . මෙවරත් ඉන්දීය බැතිමතුන් හා ලාංකීය බැතිමතුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් කච්චතිව් මංගල්ලය පැවැත්වීමටයි නියමිතව ඇත්තේ . යාපනය දිසාව භාර රඳගුරු ජස්ටින් ඥානප්‍රකාශම් පියතුමාගේ ප්‍රධානත්වයෙන් මෙවර කච්චතිව් මහා මංගල්ලය පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා . ඉන්දීය බැතිමතුන් 10,000ක පමණ පිරිසක් මෙම උත්සවය වෙනුවෙන් පැමිනෙනු ඇතැයි අපේක්ෂා කරන බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කළා .
සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 4න් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා. මෙරට වේලාවෙන් පෙරවරු 09.30ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරග දෙක ජයගත් ඉන්දීය කණ්ඩායම තරගාවලියේ 2ට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.
නීති විරෝධී මත්පැන් බෝතල් 90ක් සමග පුද්ගලයෙකු හොරණ, කනේවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී නීති විරෝදී මත්පැන් ලීටර් 69ක් අඩංගු බෝතල් 90ක් සොයාගත් බවයි පොලීසිය සදහන් කළේ. සැකකරු 48 හැවිරිදි වියේ පසුවන පොකුණුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු අද හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
ඉරිදා දිනයේදී ජනතාව කොළඹට රැගෙන ඒමේ කිසිදු පලක් නොමැති බව සමගි ජන බලවේගයේ කොළඹ පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන් මහතා පවසනවා . ඔහු මේ බව සදහන් කලේ වත්තල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක් වෙමින් . සතියේ දිනයක ජනතාව සමග කොළඹට පැමිණීමට තම පක්ෂය සුදානම් බවත් එයට එක් වීමට ජාතික ජන බලවේගය සුදානම් ද යන්න විමසා සිටින බවයි ඔහු වැඩි දුරටත් සදහන් කලේ . මේ අතර ජනතාව අතට බලය හුවමාරු වීම වැළැක්වීමට පාලකයන් ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා . ඔහු මේ බව සදහන් කලේ ඊයේ පස්වරුවේ කදුරුවෙල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්…
හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ අද සිට මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය කර තිබෙනවා. ප්‍රවාහන බස් රථ විශාල ප්‍රමාණයක් කොට්ටාව බහු විධ ප්‍රවාහන මධ්‍යස්ථානය මගහැර ධාවනය වන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සදහන් කළේ. විශේෂයෙන් මාර්ග තදබදය වැලැක්වීම, ඉන්ධන පිරිමැස්ම, පරිසර දූෂණය වැළැක්වීම, මගීන්ගේ හා රථ වාහනවල ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ හේතුවෙනුයි අද සිට සියලුම මගී ප්‍රවාහන බස්රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්්‍ය කිරීමටයි තීරණය කර ඇත්තේ.
හෙරොයින් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 405 ක් සමඟ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . මෙලස අදාළ පුද්ගලයාව අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක් අසලදීයි . ඔහු රත්නපුර ප්‍රදේශයේ පොලිස් ස්ථානයකට අනුයුක්තව සේවයේ යොදවා සිටි අයෙකු බවයි වාර්තා වන්නේ . අදාළ පුද්ගලයා නිවාඩු නොලබා අනවසරයෙන් පේමඩුව ප්‍රදේශයේ පිහිටි සිය නිවස වෙත පැමිණ සිටි අයෙක් බවද පොලිසිය පවසනවා . සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අනුරාධපුර කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් පවත්වාගෙන යනු ලබනවා.
බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිත 2024 කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සෘජුව සුදුසුකම් ලබා ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හා අයර්ලන්තයට අහිමි වී තිබෙනවා. ඒ, නිමා වූ කාන්තා පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ දී ඔවුන් ක්‍රීඩා කළ කාණ්ඩවල පළමු ස්ථාන 3 අතරට පිවිසීමට ශ්‍රී ලංකාවට හා අයර්ලන්තයට නොහැකි වීම හේතුවෙන්. මෙවර ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාව පළමු කාණ්ඩයෙන් තරග වැදුණු අතර, එම කාණ්ඩයට ඇතුළත්ව සිටි දකුණු අප්‍රිකාව, නවසීලන්තය හා ශ්‍රී ලංකාව තරග දෙක බැගින් ජය ගනු ලැබුවා. කෙසේ වෙතත්, දල ලකුණු ලබා ගැනීමේ වේගය අනුව ශ්‍රී ලංකාවට හිමි වූයේ සිව්වැනි ස්ථානයයි. ඔස්ටේරලියාව, දකුණු අප්‍රිකාව,…
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222